leader s

ඉදිරි ජනාධිපති කරන අපේක්ෂකත්වය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් නිවැරැදි නායකත්වයක් ඉදිරිපත් නොකළහොත් විකල්ප අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සූදානම් බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.


උන් වහන්සේ මේ අදහස් පල කලේ කොළඹදී පැවති 'වියත් පවුර' මාධ්‍ය හමුවක් අමතමිනි.

ඕනෑම නායකයෙක් අන්තවාදය පෝෂණය කරන නායකයන් මත යැපෙන්නට උත්සාහ දරන්නේ නම් එය ඔවුන්ගේ දේශපාලන ගමනේ අවසානය බවද උන්වහන්සේ සඳහන් කලහ.


ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂද යන්න ගැන මාධ්‍යවේදීන් බැසිල් රාජපක්ෂ ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරනු ලැබුණි.

තම පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලබන 11 වෙනිදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී නම් කරන බව බැසිල් රාජපක්ෂ එහිදී කියා සිටියේය.

එදිනම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් භාරගන්නා බවද ඔහු බීබීසි සිංහල සේවයට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.gota 2018.08.09

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම සම්මේලනයේදී "පොහොට්ටුවේ ජනාධිපතිධූර අපේක්ෂකයා කවුරුන්දැයි" රටට හෙළිකරනු ඇති බව ද ඔහු පැවසිය.

තම පක්ෂ අපේක්ෂකයා තේරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග යම් සාකච්ඡාවක් සිදු වුයේ දැයි විමසු විට හිටපු අමාත්‍යවරයා පැවසුවේ ඒ ගැන පාර්ශ්ව ගණනාවක් සමග සාකච්ඡා කළ බවය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරි දින කිහිපයේදීත් සාකච්ඡා සිදුවෙන්න පුළුවන්. අපේක්ෂකයා කවුරුන්දැයි හෙළිදරව් කළාට පසුවත් එකට වැඩ කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න පුළුවන්," ඔහු කියා සිටියේය.


සබැඳි පුවත් :
'ගෝඨා, හිට්ලර් කෙනෙක් වෙන්නේ නැහැ' - බැසිල් ගෙන් සහතියක්! 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්