leader s

 
නැගෙනහිර පළාතේ රාජ්‍ය ඇමැතිවරයකුගේ ආරක්ෂකයකු විසින් කළ බවට චෝදනා එල්ල වී තිබෙන පුද්ගල ඝාතනයක් ගැන පරීක්ෂණ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි පොලීසිය
අධිකරණයට දැනුම් දී තිබේ.
 
මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  රාජ්‍ය ඇමැති සතාසිවම් වියාලේන්ද්‍රන්ගේ මඩකළපුවේ පිහිටි නිවස ඉදිරිපිටදී ජුනි 21 වැනිදා මහාලිංගම් බාලසුන්දරම් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ඇමැතිවරයාගේ ආරක්ෂකයකු වෙතයි.
 
මඩකළපුව පොලීසිය එම ඝාතනය සම්බන්ධයෙන්  කිසිදු උනන්දුවක් නොදක්වන බවට චෝදනා කරන බාලසුන්දරම් ගේ  පවුලේ සාමාජිකයන් පසුගිය නඩුවාරයේදී ඉල්ලා තිබුනේ ඝාතන පරීක්ෂණ කටයුතු සාධාරණව  පැවැත්වීමට නම් වෙනත් පොලිසියක් වෙත මාරු කරන ලෙසයි.
 
දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් ඉදිරියේ නඩුව අගෝස්තු  09 සදුදා  කැඳවු අවස්ථාවේදී  මඩකලපුව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීමට ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන තමන්ට බලයක් නොමැති බැවින් එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති සුදත් මාරසිංහ පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවයි.
 
එම ලිපියේ පිටපතක් පොලීසිය විසින් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් වෙත ඉදිරිපත් කිරීමට  කටයුතු කළ බව පළාත් බද අධිකරණ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
 
යළිත් නඩු විභාගය අගෝස්තු මස 23 වැනිදා දක්වා කල් තැබිනි.
 
 
 

THE LEADER

 
 
රිෂාඩ් ගේ චැනල් එක බැසිල් අරන් ? නිලේන්ද්‍රත් හවුල් !
 
 
 
මැදගොඩ හිමි දෙසූ මරණ මංචකේ සැනසිල්ල ද මේ ? 
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්