වෙළද පොළේ පවතින කිරිපිටි හිඟයට විසදුමක් ලෙස මිල ඉහළ දැමීමකින් තොරව කිරිපිටි ආනයනයයේදී පනවා ඇති බදුමුදල් සංශෝධනය කිරීමට කැබිනට්

මණ්ඩලය තීරණය කර ඇතැයි මාධ්‍යවල පලවී ඇති වාර්තා මුළුමනින් ම අසත්‍ය බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ද ලීඩර්' වෙත පැවසිය.

දැනට දේශීය වෙළෙඳපොළේ පවතින කිරිපිටි හිඟය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ බවත්,  මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර දේශීය වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව, කිරිපිටි ආනයනය කිරීම සඳහා දැනට පවතින බදු අනුපාත සංශෝධනය කිරීම මඟින් හෝ වෙනත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම මඟින් හෝ ප්‍රමාණවත් කිරිපිටි තොග දේශීය වෙළෙඳපොළට සැපයීම තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස මුදල් අමාත්‍යවරයට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ ඉහත ජ්‍යෙෂ්ඨ නිලධාරියා තව දුරටත් පැවසුයේ, ඊයේ (09) සූම් තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති නමුත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි. කිරිපිටි ආනයනික බදු කිසියම් ලිහිල් කිරීමකට යෝජනා වී ඇතත් එම බදු සම්පුර්ණයෙන් ඉවත් කිරීමකට කිසිඳු ආකාරයේ එකඟත්වයක් පලවී නැතැයි ද ඔහු අවදාරණය කර සිටියේය.
 
 
මුදල් ඇමතිගෙන් යෝජනා දෙකක් !
 
 
ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී වෙනත් කරුණු යටතේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කිරිපිටි මිළ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකර ඇති අතර එහිදී ඇමතිවරයා විසඳුම් යෝජනා දෙකක් ඉදිරිපත්කර තිබේ.
 
කිරිපිටි මිල වැඩි කිරීම හෝ කිරිපිටි ආනයනය සඳහා වූ බදු අඩු කිරීම මුදල් ඇමතිවරයා විසින් යෝජනා කර ඇති විසඳුම් දෙකයි. 
 
රජය විසින් කිරිපිටි ආනයන බදු වැඩිකර තිබුනේ දේශීය කිරි ව්‍යාපාරිකයින් ආරක්ෂා කර ගැනීම සඳහාය.
 
මේ අවස්ථාවේදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් දක්වා ඇති අතර එහිදී කුමන ක්‍රියාමාර්ග ගත්ත ද දේශීය කිරි ගොවීන්ට හා ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් වන ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස අමාත්‍ය විමල් විරවංශ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.
 
කිරිපිටි මිල සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සාමාජිකයින් අතර එවැනි කතාබහක් සිදුවුණාද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බව පැවසේ.
 
  
දේශීය කිරි ගොවියට හානිදායක වන කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමට කැබිනට් මණ්ඩලයේදී එකඟවී ඇතත්, කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.
 
lanka lead 
මේ අතර ආණ්ඩුවට පක්ෂපාති ජාතික සංවිධාන ජාලය විසින් මෙහෙයවන 'ලංකා ලීඩ් නිව්ස්' වාර්තා කර ඇත්තේ, කිරිපිටි හිඟය මවා පා බහු ජාතික සමාගම් කිරිපිටි බදු ඉවත් කරගත් බවයි.
 
එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
 
 
''කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලපවසා සිටී. ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩලයේ දී එම තීරණය කළ බව පවසා සිටී.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආර්ථික විද්‍යාඥයෙකු පවසා සිටියේ කිරි පිටි සමාගම ගෙන එන කුප්‍රකට උපක්‍රමය වන වෙළෙඳ පොළේ කිරි පිටි හිඟය මවා පා බදු අඩු කිරීමේ න්‍යාය මෙවරද සාර්ථකව ඇති බවයි.
 
එහිදී එම ආර්ථික විද්‍යාඥයා පෙන්වා දුන්නේ විශාල බදු ප්‍රමාණයක් මෙම බදු මුදල අඩුකිරීම මගින් රජයට අහිමි වන බවයි.''
 
 
දේශීය කිරි ගොවින් අනාතයි !
 
 
කිරිපිටි ආනයන බදු ඉහල දැමීමත් සමග තමන් ව්‍යාපාර බලවත්සේ පාඩු ලබන බවත්, එම තත්ත්වය තුළ කිරිපිටි මිල ඉහල දැමීමට පියවර ගන්නා ලෙසත් කිරිපිටි ආනයනික බහුජාතික සමාගම් පසුගිය කාලයේ ආණ්ඩුවේ බලධාරීන්ට දිගින් දිගටම බලපෑම් කර තිබිණ. 
 
එම ව්‍යාපාරික සමාගම් ඒ සම්බන්ධයෙන් සහය දක්වන ලෙස විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් ගෙන් මෙන්ම පෞද්ගලික ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් ගෙන්ද ඉල්ලීම් කර තිබුබව වාර්තා විය.
 
කිරිපිටි ආනයනික බහුජාතික සමාගම් සැම මැතිවරණයක දීම දේශපාලන පක්ෂවෙත නොමසුරුව මුල්‍ය අනුග්‍රහය දක්වන බව පැවසේ. එම තත්ත්වය තුල යළි කිරිපිටි බදු සහන ලබාදීම පිටුපස කොමිස් ගනුදෙනුවක් සිදුවී ඇත්දැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරති.

 

 THE LEADER TV 

 
නාමල්-නිමාලි ඔලිම්පික් හුටපටය! ඇත්ත කතාව තිත්ත රහට!
 
 
රිෂාඩ් ගේ චැනල් එක බැසිල් අරන් ? නිලේන්ද්‍රත් හවුල් !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්