පෞද්ගලික රෝහල්වල පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ ඇනහිටින තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.
 
ඊට හේතුවී ඇත්තේ, එම පරීක්ෂණ සඳහා මිල නියාමන ගැසට්ටුවක් ප්‍රකාශයට පත්කිරීමට රජය විසින් තීන්දු කිරීමයි. 
 
කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා පෞද්ගලික අංශයේ රෝහල් වලින් සිදු කරනු ලබන පී.සී.ආර් සහ ඇන්ටිජන් පරික්ෂණ සදහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
 
මෙම මිල ගණන් නියාමනය කිරීමට අදාල ගැසට් පත්‍රය හෙට දින (12) නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද දින (11) ප්‍රකාශ කළාය.
 
ඒ,  සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.
 
‍මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේ පැවසුවාය.
 
 
PCR පරීක්ෂණයක් රු: 6,500 /= යි. 
ඇන්ටිජන් සදහා රු: 2,000/= යි
 
 
PCR SL
 
 
“මහජන නියෝජිතයින් සහ රජයක් විදිහට අප මේ රටේ මහජනතාවට සාධාරණයක් ඉෂ්ඨ කළ යුතුයි. ඒ අනුව පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් සාකච්ඡා ගණනාවක් පවත්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරනු ලැබුවා පී.සී.ආර් පරීක්ෂණයක් සදහා පෞද්ගලික අංශයට අය කළ හැකි උපරිම මිල රුපියල් 6,500 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් සදහා උපරිම මිල රුපියල් 2,000 ක් ලෙස. 
 
ඒ අනුව හෙට දිනයේ දී පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය එය ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කරනු ලබනවා. එතැන් සිට එම මිල ගණන් මේ රටේ බලපැවැත්වෙනවා. ඒ අනුව පාරිභෝගිකයාට අපට කරන්නට පුළුවන් සාධාරණය අප සිදු කර තිබෙනවා.”
 
Portable lab to test coronavirus varient.Photo . T.Narayan. Bloomberg 
 
සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙහිදී අවධාරණය කර සිටියේ මේ  දිනවල කොවිඩ් වෛරසය හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණ හා ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබන බවත්,  පාරිභෝගිකයින් මෙහි මිල සහ ගුණාත්මකභාවය පිළිබද පැමිණිලි රාශියක් ඉදිරිපත් කළ බැවින් ඒ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පාරිභෝගික අධිකාරිය දිවයින පුරාම විමර්ශණ කටයුතු සිදු කළ බවත් ය.
 
“දිස්ත්‍රික්ක 21 ක පාරිභෝගික නිලධාරීන් රෝහල් 45 ක පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල ගණන් පිළිබදව විමර්ශණයක් කළා. එ අනුව රුපියල් 5,500 – 9,750 දක්වා පී.සී.ආර් පරීක්ෂණ සදහා මුදල් අය කර තිබුනා. ඇන්ටිජන් පරීක්ෂණ සදහා රුපියල් 2,000 සිට 5,550 දක්වා අයකර තිබුනා. මෙය පාරිභෝගික ජනතාවට සිදු කළ අසාධාරණයක්.
 
 ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ පිළිබදව දීර්ඝ ගණනයකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් මා වෙත එම මිල ගණන් කොපමණ ද යන්න පිළිබදව නිර්දේශය ලබාදීමට කටයුතු කළා.  ඉතාම කෙටි කාලයක් තුල මේ වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දී මිල ගණන් නිර්දේශ කිරීමට කටයුතු කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂ ස්තූතිය පුද කරනවා” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.  
 
 
කෝවිඩ් පරීක්ෂණත් හමුදාව යටතට 
 
  
කෝවිඩ් පරීක්ෂණ සඳහා විවිධ රෝහල්වලින් අය කරනු ලබන ගාස්තු විවිධාකාර බවත් සාමාන්‍ය ජනතාවට එවැනි මුදලක් වැය කිරීම මේ අවස්ථාවේ දී දරාගත් නොහැකි බවත් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පලවී තිබිණ. එම තත්වය තුල සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කෝවිඩ් පරීක්ෂණ නියාමනය කිරීමට ගනුලැබූ පියවර සමාජ මාධ්‍ය ඔස්සේ අගයකිරීමකට ලක්කර ඇත.
 
 
එහෙත් ඒ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් වෙතින් එල්ලවී ඇත්තේ බරපතල විරෝධයකි. 
 
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ පෞද්ගලික රෝහලක පරිපාලන නිලධාරියකු පැවසුයේ, රජය විසින් ගැසට් කිරීමට නියමිත මිල ගණන් වලට මෙම පරීක්ෂණ සඳහා ගෙන්වන ලොව පිළිගත් වෛද්‍ය උපකරණ කට්ටලයක් හෝ  ලබාගත් නොහැකිබවයි.
 
පී.සී.ආර් සහ ඇන්ටිජන් පරික්ෂණ ද යුධ හමුදාව වෙත පැවරීම මෙම ගැසට් නිවේදනයේ යටි අරමුණ වියහැකි යි යයි ඔහු සැකමතු කළේය. 
 
'' සෞඛ්‍ය ඇමැතිතුමය අද හෙට වෙනත් අමාත්‍ය ධුරයකට මාරු කරන්න යනවා කියලා ආරංචියි. දැන් එතුමිය  හදන්නේ යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ කරන්න බැරි ගානකට ගැසට් එකක් ගහලා ලකුණු දාගන්න. මේ අවස්ථාවේ මේ කරන්න යන දේ බරපතලයි.'' එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.  
  
''අපිට ලැජ්ජයි. එන්නත් ටික ත්‍රිවිධ හමුදාවට, ප්‍රභේද පරීක්ෂණ අධ්‍යාපන අමාත්‍යාංශයේ, සංචාරක පරීක්ෂණ පෞද්ගලික රසායනාගාර වලට, නිරෝධායනය හෝටල් අයිතිකාරයන්ට.'' -රවී කුමුදේශ්
 
 
මේ අතර අද (11) මාධ්‍ය වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුයේ, සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේ වගකීම් විවිධ අයට පවරමින් සිටින බවයි.
 
රට විරුවන්ගේ රැපිඩ් PCR පරීක්ෂණ කරන්න ක්‍රමයක් අහනකොට සෞඛ්‍ය ලේකම් ඒකට නම් කරන්නෙත් පෞද්ගලික රසායනාගාර. හැබැයි කරන්න ඕනේ යන්ත්‍රය විතරක් නිර්දේශ කරනවා.
 
පරිත්‍යාගශීලීන්ට පින්සිදුවෙන්න රජයේ රසායනාගාර 16ක රැපිඩ් PCR කරනවා. ඒකවත් සෞඛ්‍ය ලේකම් දන්නේ නැහැ
 
රැපිඩ් PCR යන්ත්‍ර මිලදි ගන්න ටෙන්ඩරයට මාස දෙකක්. තාම සෞඛ්‍ය.ලේකම්ගේ උත්තර නැහැ.
 
රට විරුවන් කියලා බොරුවට කියලා වැඩක් නැහැ. ඔවුන්ගේ PCR ටිකවත් නොමිලේ කරලා දෙන්න බැරිනම්.'' ඔහු කියා සිටියේය.
 
 
 

THE LEADER TV 
 
නොදන්නා පාස්කුවක් කියා : ඔසීගේ පුතා ඉල්ලං කයි 
 
 
 
  
නාමල්-නිමාලි ඔලිම්පික් හුටපටය! ඇත්ත කතාව තිත්ත රහට! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්