leader s

 කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19 රෝගීන්ගෙන් 50% පමණ ඔක්සිජන් මත යැපෙන බව ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර පවසයි.
 
පසුගිය සතියේදී කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම ඊට පෙර සතියට සාපේක්ෂව 34% කින් වැඩිවී ඇති අතර මරණ සංඛ්‍යාව 60%කින් වැඩි වී තිබේ.
 
මේ අතර ශ්‍රී ලංකාවෙන් නව වෛරස ප්‍රභේදයක්' මතු වීමේ අවදානමක් ගැන ද වෛද්‍යවරු අනතුරු ඇඟවති.
 
"දේශපාලන තීරණ ගන්න අය කාලෙන් කාලෙට එක එක විදියෙ දේවල් කරන්න පුළුවන්. නමුත් අපි හැම කෙනාටම අපිව වැදගත්. අපි හැම කෙනාම තමන්ගේ ආරක්ෂාව බලා ගැනීම වැදගත්," යනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමර් ප්‍රනාන්දු අගෝස්තු 16 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
 
 
 
 829
 
 
කොවිඩ් ආසාදිත කාන්තාවගේ සංවේදී ප්‍රකාශය
 
 
කොවිඩ් ආසාදිතව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටින කාන්තාවක් සිදුකළ සංවේදී ප්‍රකාශයක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණයවෙමින් පවතී.
 
එහිදී ඇය සඳහන් කරන්නේ තම ජීවිතය අවසන් අදියරේ ඇති බව තමාට හැඟෙන බවත් තවදුරටත් හුස්ම අල්ලාගෙන සිටීමට තමාට නොහැකි බවත්ය.
 
"මම කොරෝනාවලින් අවසානම අදියරේ. මගේ ඇඟේ ඔක්සිජන් අඩුවෙලා. මගේ පෙනහළු කළුම කළු පාටයි. ඒ කියන්නේ මම ඉන්නේ වෛද්‍යවරුන්ට බේරගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. ජීවිතය එහෙම තමයි. තාම විඳවනවා. මට තවත් දරාගෙන ඉන්න බැහැ. මේ දවස් කිහිපයේත්  හුස්ම අල්ලගෙන හිටියේ හරි අමාරුවෙන්. වීදුරු ජනේලයෙන් ගෙදර මිනිස්සු එබිලා බලන් ඉද්දි ඒ මිනිස්සුන්ට පේන්න මම හුස්ම අල්ලගෙන හිටියා. තවත් බැහැ. දැන් යන්න ඕනේ. කියන්න දේවල් ගොඩක් තියෙනවා. මම ගිහින් එන්නම්... මට ආයේ එන්න බැරිවෙයි."
 
 

 
(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)
THE LEADER TV 
 
ඇම්බියලන්ස් ගුවන් යානයෙන් ඇත්තටම සිංගප්පූරු ගියේ කවුද?
 
 
ඇමති නමට සසුන පවරන ත්‍රිපිටක සංරක්ෂණ පනත! 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්