මහනුවර ඇසළ පෙරහැරේ ගමන්ගත් අලියකු කුලප්පු වූ ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
මෙහි දී ඇත්ගෙව්වන් විසින් අලියා මෙල්ල කොට මාර්ගය අසල කණුවක බැඳ දමන ආකාරය දැක ගැනීමට හැකි ය.
 
පෙරහැරට සම්බන්ධව සිටි නැට්ටුවන්, වාදකයින්, පන්දම්කරුවන් මෙන් ම පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස් ද හිස් ලූ ලූ අත දුවන ආකාරය දැකගත හැකි ය.
 
 news19.lk වාර්තා කර ඇත්තේ, මහනුවර දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැරට ඊයේ සහභාගී වූ කතරගම දේවාලයේ ඇතුන් දෙදෙනෙකු කුලප්පුවීම නිසා පෙරහැර ගමන්කිරීමට බාධා එල්ලවු බවයි.
 
කුලප්පු වූ ඇතුන් දෙදෙනා කතරගම දේවාලයේ කරඩුව රැගෙන යන ඇතා අසලට පැමිණීමත් සමඟ එම ඇතා සමග සිටි තවත් ඇතුන් දෙදෙනෙකුද කුලප්පූවී කළබල සිදුකල බව ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
මෙහි දී කිසිවකුටත් හානි සිදුවීම වළක්වා ගැනීමට අත්ගොව්වෝ සමත්වු අතර කුලප්පු වූ ඇතුන් දෙදෙනා ඉවත් කර ප්‍රමාදයකින් පසුව යළිත් කතරගම දේවාලයේ අනෙකුත් ඇතුන් තිදෙනා සමඟ පෙරහැර යළි ගමන් අරඹා ඇරඹිය.
 
 
 

 
 
පෙරහැර මංගල්‍යය අවසන් දියකැපීමේ මංගල්‍යය අද 
 
 
 
 මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (22) සවස 6.44 ට යෙදී තිබූ සුබ මොහොතින් ආරම්භ කෙරිණ.
 
රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර පැවැත්වෙන්නේ ජනතා සහභාගිත්වයෙන් තොරවයි.
 
අවසන් රන්දෝලි පෙරෙහැරේ පෙරහැර කරඩුව වැඩම කරන්නේ නැදුන්ගමුවේ රාජා හස්ථියායි.
 
රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා සහ ශ්‍රී දළඳා මාළිගාවේ ඉන්දිරාජා යන හස්තිහු ද පෙරහැරේ ගමන් කළේය.
 
උඩුවියන් සහ පාවඩ මතින් දෑළ හස්තීන් සමග පෙරහැර කරඩුව වැඩම කරන හස්තියා ප්‍රමුඛ ශ්‍රී දළඳා මාලිගාවේ පෙරහැර පෙරටු කර ගනිමින් සතර මහා දේවාල පෙරහැර අවසන් රන්දෝළි පෙරහැරේදී වීදි සංචාරය කරනු ලැබිය.
 
අලි ඇතුන් 70 ක් ඊයේ පෙරහැරට සහභාගිවන අතර වෙනත් වසරවල පැවති අයුරින්ම කිසිදු වෙනසකින් තොරව මෙවරත් අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීමට දියවඩන නිලමේ නිලංග දෑල සියලු සංවිධාන කටයුතු සිදුකර තිබිණ.
 
අද (23) පෙරවරුවේ පැවැත්වෙන දියකැපීමේ මංගල්‍යය හා දහවල් පෙරහැරත් සමග මෙවර මහනුවර ඇසළ මංගල්‍ය සමාප්ත වේ.
 
WhatsApp Image 2021 08 23 at 11.31.15 AM
WhatsApp Image 2021 08 23 at 11.31.18 AM 1
WhatsApp Image 2021 08 23 at 11.31.18 AM
WhatsApp Image 2021 08 23 at 11.31.19 AM
 
 
THE LEADER TV 
 
 
 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව ! 
 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්