1200 x 80 DMirror
 
 

 
ශ්‍රී ලංකා දේශපාලනයේ පෙරළිකාර චරිතයක් මෙන්ම බොහෝවිට රජුන් තනන්නෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත් මතභේදාත්කම චරිතයක් වූ මංගල සමරවීර අද (අගෝස්තු 24) කොළඹ පිහිටි පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත
විය.
 
ඔහු දිවියෙන් සමුගත්තේ කොවිඩ්-19 වැළඳීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
 
මංගල සමරවීර බොහෝවිට නිර්භයව ප්‍රකාශ නිකුත්කිරීම මෙන්ම ජාති, ආගම්, ලිංගිකත්වය පිළිබඳ භේදයකින් තොරව සියලුම ජාතීන්ගේ සහ පුද්ගලයින්ගේ සමානාත්මතාව වෙනුවෙන් ක්‍රියාකිරීම යන කරුණු මත මතභේදාත්මක චරිතයක් ලෙස බොහෝවිට හැඳින්විණි.
 
"දරුවනි, දෙමව්පියන්ට වඳින්න! ගුරුවරුන්ට වඳින්න! හැබැයි දේශපාලකයන්ට වඳින්න යන්න එපා! ඔබ ඔවුන්ට වැඳිය යුතු නැහැ!," යනුවෙන් මගල සමරවීර මෑතකදී කළ ප්‍රකාශයත් සමග ඔහු මහත් කතාබහට ලක්විය.
 
 
 
 
 
බුදුපිළිමයක සිරසින් අල්ලා සිටින ආකාරයක් දැක්වෙන ඡායාරුපයක් ප්‍රචාරය වීමත් සමග වරක් ඔහු බෞද්ධ ප්‍රජාවගේ දැඩි පිළිකුලට ලක්විණි. 
 
මංගල 2005 ජනපතිවරණයේ දී එවක ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගෙන් වෙතින් මහින්ද රාජපක්ෂ හට ජනපති අපේක්ෂකත්වය ලබාදීමට විශාල කාර්යභාරයක් ඉටුකරමින් නොනැවතී මහින්ද රාජපක්ෂ ජනපති කිරීම සඳහා රට තුළ විශාල කාර්යභාරයක යෙදුනු පුද්ගලයින් කිහිපදෙනා අතරින් අයෙකි.
 
පිය උරුමයෙන් දේශපාලනයට පිවිසි මංගල සමරවීර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. 
 
ඔහු 2020 මහ මැතිවරණය අතරතුර දී සක්‍රීය දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළ නමුත් රට වෙනුවෙන් ප්‍රගතිශීලී දේශපාලන ගමන්මගක් සඳහා ව්‍යාපාරයක් නිර්මාණය කිරීමේ උත්සාහයන්හි නියැලී සිටි ඔහු මෑතකදී විවිධ සිවිල් සමාජ කණ්ඩායම්වල සහයෝගය ඇතිව "රැඩිකල් සෙන්ටර්" නම් ව්‍යාපාරය දියත් කළේය.
 
1956 අප්‍රේල් 21 දින උපත ලද මංගල පින්සිරි සමරවීර 2005 - 2007 අතර කාලයේ මෙන්ම 2015 - 2017 අතර කාලයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 
 
ඔහු 2017 සිට 2019 අතර කාලයේ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට අමතරව මුදල් ඇමති පදවිය ද හෙබවීය.
 
මංගල සමරවීර කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපනය ලබා ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා විද්‍යාලයෙන් බී ඒ ගෞරව උපාධියත්, ඇදුම් නිර්මාණ හා තාක්ෂණය පිළිබඳ බී ඒ ගෞරව උපාධියත් ලබාගත්තේය.
 
කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වූ මංගල නිර්මාණ හා රෙදිපිලි ප්‍රදර්ශන රැසක් ශ්‍රී ලංකාවේ මෙන්ම එතෙර ද පවත්වා ඇත.
 
1988 දී ශ්‍රී ලංකාවට පැමිණි ඔහු දේශපාලනයට පිවිසෙන තුරු ශ්‍රී ලංකා ජාතික සැලසුම් මධ්‍යස්ථානයේ සේවය කළේය.
 
මංගලගේ මව කේමා කලක් ලේක් හවුස් යාතනය තුළ රනිල් වික්‍රමසිංහගේ පියා ගේ ලේකම්වරියක ලෙස කටයතු කළ ද මංගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ දේශපාලන පවුලක අයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලන්ඩන් ශාඛාවේ සාමාජිකයෙක් ද වු ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහකාර ලේකම්වරයෙක් සහ භාණ්ඩාගාරික ද විය.
 
 
 
 
MS List12 1
 
 
 
ඔහුගේ පියා මහානාම සමරවීර බණ්ඩාරනායක ආණ්ඩුවේ ඇමතිවරයෙක් විණි. 1952 දී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ද 1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද තරග කළ ඔහු මාතර මන්ත්‍රීවරයා විය.
 
පියාගේ අභාවයෙන් පසු දේශපාලනයට පැමිණි මංගල 1989 දී පාර්ලිමේන්තුවට පිවිසි අතර එවක විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු වූ ඔහු 1988/89 භීෂණ සමයේ අතුරුදහන් වූ තරුණ තරුණියන් වෙනුවෙන් පෙනීසිටි ක්‍රියාකාරිකයෙකි. 
 
ඔහු 1990 දී පිහිටවූ මවු පෙරමුණේ සමාරම්භකයෙකු ද විය.
 
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ සමීපතමයකු ලෙස ඇයව දේශපාලනයට ගෙන ඒමට ශ්‍රීලනිපය තුළ විශාල වැඩ කොටසක් ඉටු කර ඇයව බලයට ගෙන ඒමට කටයුතු කළ ඔහු 1994 දී පිහිටවූ ආණ්ඩුවේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා විණි. 
 
ඔහුගේ නායකත්වය යටතේ, එතෙක් දුරකථන ලබාගැනීමට පැවති පොරොත්තු ලේඛන වලට තිත තබමින් රටේ විදුලි සංදේශ සේවාවන් හි විශාල පෙරලියක් ඇති කළ අයෙකු ලෙස ප්‍රකට විය. පාඩු ලබමින් තිබු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පුද්ගලීකරණය කිරීම සහ නව තාක්ෂණය හදුන්වාදීමේ පුරෝගාමියෙක් විය.
 
සංශෝධනයකින් පසු එම කැබිනට් මණ්ඩලයේම නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ මහජන උපයෝගිතා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ඔහු බේරේ වැව පිරිසිදු කර අලංකරණය කිරීම හරහා කොළඹ නගරය අලංකරණ ක්‍රියාවලිය ආරම්භ කළේය. 
 
එවක නාගරික සංවර්ධන අමාත්‍යංශයේ තම කාර්යාලය නවීකරණය කිරීමට විශාල මුදලක් වැය කිරීම පිළිබඳව ඔහුට එවක චෝදනා ද එල්ල විණි.
 
පසුව ඔහුට මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය ද හිමිවිය.
 
 
 114424406 gettyimages 1128132804
මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන ජීවිතයට තිස් වසරක් සැපිරීමේ සමරු උත්සවය (GETTY IMAGES)
 
 
 
"ජාතියට ආදරය කළ ශ්‍රේෂ්ඨ නායකයෙක්"
 
 
 
ලිබරල් මතවාදියෙකු වූ මංගල 1995 දී 'සුදු නෙලුම්' ව්‍යාපාරය හරහා රටේ පැවති වර්ගවාදී යුද්ධයට සාමකාමී පියවරක් තැබීම වෙනුවෙන් කැපවී දේශපාලන විසදුමක් සකස් කිරීමේ ක්‍රියාවලියක නිරත විය. ඒ හරහා නව ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන ඒමට කටයුතු කෙරිණි.
 
2001 - 2004 දක්වා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කළේය. 2004 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත බලයට පත්වීමෙන් පසු ඔහු වරාය, ගුවන් හා මාධ්‍ය අමාත්‍යවරයා විය.
 
වරාය ඇමතිවරයා වශයෙන් කටයුතු කළ වකවානුවේදී ඔහු කිහිපවිටක්ම කොළඹ ගාලුමුවදොර පිටිය අලංකරණය කිරීමේ කටයුත්තට ද මුල්තැන ලබා දී තිබිණි.
 
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ සමීපතමයකු වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණ ද සමග එක්ව 2005 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පිහිටුවීමේ විශාල කාර්යභාරයක් ඉටු කළ අතර එම ආණ්ඩුවේ විදේශ ඇමති ලෙස පත් කරනු ලැබීය. 
 
නමුත් පසුවේ ඇතිවූ මතභේද හේතුවෙන් එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ සමඟ අමනාප වීමෙන් පසු 2007 දී කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කෙරිණි.
 
ඉපසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීපති සුරියආරච්චි සමග එවක ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය සමග එක්වී කටයතු කළ මංගල 2015 වර්ෂයේදී 'යහපාලන ආණ්ඩුව' පිහිටුවීමේ ක්‍රියකාරියෙකු විය. ඔහු එම ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ලෙසත් පසුව මුදල් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය.
 
මංගල සමරවීර ගේ අභාවය පිළිබඳව ලෝක නායකයින් ද ශෝකය පළ කර තිබේ. 
 
ඒ අතරම අගමැති මහින්ද රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින්, "මගේ මිත්‍රයා සහ සගයා වූ මංගල සමරවීර අකාලයේ වියෝ වීම ගැන මම ඉතාමත් කණගාටු වෙමි. මේ ජාතියට ආදරය කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් අද අපට අහිමි වී ඇත. ශ්‍රී ලංකාවට ඔහු කළ සේවයට මම ස්තූතිවන්ත වෙමි. ඔහුගේ පවුලට මාගේ බලවත් කණගාටුව. ඔහුට පරම නිවන් සුවය ලැබේවා!" යි පවසා තිබිණි.
 
 
 
 mahinda PM
 
 
මේ අතර මාලදිවයිනේ හිටපු ජනපති හා කතානායක මොහොමඩ් නෂීඩ් පැවසුවේ "මංගලගේ අභාවයත් සමඟම, දකුණු ආසියාවට පරම්පරාවක් තුළ තිබූ හොඳම දේශපාලන මනසක් අහිමි විය. ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා ලෙසත් පසුව මුදල් ඇමතිවරයා ලෙසත් ඔහු ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට වූ තම කැපවීම පැහැදිලිව පෙන්නුම් කළේය." යනුවෙනි.
 
 
 
 mohonade
 
 
 
ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී අලෙයිනා බී. ටෙප්ලිට්ස් පැවසුවේ "මංගල සමරවීරගේ අභාවප්‍රාප්ත වීම ගැන පවුලේ අයට, මිතුරන්ට සහ ශ්‍රී ලාංකික ජනතාවට මාගේ බලවත් කණගාටුව - මංගල සමරවීර දේශප්‍රේමී, මානව හිතවාදියෙකු සහ නායකයෙක්. සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ඔහුගේ ඇල්ම නොමැකෙන ආශ්වාදයකි."
 
 usa
 
 
(BBC සිංහල සේවය)
 
 
 
 
 
 
THE LEADER TV 
 
විමල් - ගම්මන්පිල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක : සියල්ල හෙළි වේ.
 

 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව ! 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්