ශ්‍රී ලංකාවේ අතුරුදහන් වුවන් සොයා දීම වෙනුවෙන් ස්ථාපිතකර තිබෙන ප්‍රධානතම ආයතනය වින්දිත පවුල්වල පෞද්ගලික තොරතුරු ඉල්ලීම නිසා ඔවුන් මහත් භීතියට පත්ව සිටී.
 බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සැමියා සොයා ගැනීම වෙනුවෙන් වසර දොළහකට ආසන්න කාලයක්  අඛණ්ඩ අරගලයක යෙදී සිටින ජගත් සම්මානලාභි මානව හිමිකම් ක්‍රියාකාරිනියක් අතුරුදහන් තැනැත්තන් පිළිබද කාර්යාලයට (OMP) දැනුම් දී ඇත්තේ ජාත්‍යන්තර ආයතන වෙත යොමු කළ තොරතුරු ඇතුළු විස්තර එම කාර්යාලයෙන් ඉල්ලා සිටීම නිසා තමන් බියට පත් වී සිටින බවයි.
 
 අතුරුදහන්වු තැනැත්තන් පිළිබද කාර්යාලයේ දත්ත කළමණාකරණ ප්‍රධානි ඒ.එන්.නුවන් වෙත සන්ධ්‍යා එක්නැලිගොඩ ලිඛිතව දැනුම් දී ඇත්තේ, “අතුරුදහන් වූවන් සම්බන්ධව ලැබී ඇති පැමිණිලි වලට අදාළ වැඩිමනත් විස්තර ලබාගැනීම” මැයෙන් අගොස්තු  4 වැනිදා යොමු කර තිබු ලිපිය දුටු විට තමා විශ්මයට සහ බියට පත්වු බවයි.
 
 "මක්නිසාද යත්, මීට වසර ගණනාවකට ප්‍රථම කරන ලද පැමිණිලි වෙනුවෙන් ඔබ ආයතනය ගන්නා ලද ක්‍රියාමාර්ග හෝ විමර්ශන  පිළිබද කිසිදු යාවත්කාලීන කිරීමක් නොකර වැඩිදුර සොයා බැලීමට යැයි කියමින් ඔබ ආයතනයට අදාළ නොවන පෞද්ගලික (ICRC/UNWG ලිපි වැනි) බාහිර ලේඛන ඉල්ලීම වින්දිතයෙක් වන මා හට යුක්තිය ලබාදීම වෙනුවෙට හිංසනයට සහ බියට පත්කීරීම නිසාවෙනි."
 
 
Sandya Eknaligoda Prageeth Eknaligoda
                                        සන්ධ්‍යා එක්නැලිගොඩ
 
 
2010 ජනවාරි 24 වැනි දින සිය සැමියා වන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ මොහොතේ සිට ඔහු සොයා ගැනීමට ගත් උත්සාහයන් මෙන්ම එයට අදාලව අධිකරණ කටයුතු ක්‍රියාත්මක වු ආකාරය පිළිබදව දීර්ඝ විස්තරයක් අතුරුදහන්වු තැනැත්තන් පිළිබද කාර්යාලයේ දත්ත කළමණාකරණ ප්‍රධානිට මතක් කර දෙන සන්ධ්‍යා එක්නැලිගොඩ එම කාර්යාලයෙන් මේ මොහොතේ තමන්ට ආරක්ෂාවක් ලැබේද යන්න පිළිබදව සැක මතු කර තිබේ.
 
 තම සැකයට තුඩු දෙන සාධාරණ හේතු ද ඇය ලිපියේ අන්තර්ගත කර තිබේ.
 
 මානව හිමිකම් ක්‍රියාකාරිනි සන්ධ්‍යා එක්නැලිගොඩ  පෙන්වා දෙන්නේ වත්මන් ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබැලීමේ කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ  විශ්‍රාමික  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු කොමිසම විසින් සිදු කළ විමර්ශන වලින් ප්‍රගීත්ගේ  පැහැර ගැනීමට සම්බන්ද නඩුවල චුදිතයන් වන හමුදා බුද්ධි අංශයේ නිලධාරින්ද නිදොස් කළ බවයි.
 
 
"මෙම කොමිසම විසින් මෙම නඩුවල අගතියට පත් පාර්ශවය හා වින්දිතයා වන මා හට අවස්ථාවක් හෝ කැඳවීමක් නොකොට අධිකරණයේ නියෝගද නොසලකා හරිමින් නඩුවේ සාක්ෂි කරුවන්ට බලපෑම් කරමින් ඒක පාර්ශවීය කටයුතු කළහ. "
 
 
අපරාධකරුවන් නිදොස් කොට නිදහස් කළ මෙම කොමිසම නිවැරදි විමර්ශනයක් කර ප්‍රගීත්ගේ අතුරුදහන් කිරීම පිළිබඳ සත්‍ය අනාවරණය කළ නිලධාරීන් පැසසීම වෙනුවට දණ්ඩනයට ලක් කළ බවට චෝදනා නගන සන්ධ්‍යා එක්නැලිගොඩ පෙන්වා දෙන්නේ, එම  තීරණයෙන් ශ්‍රී  ලාංකික පුරවැසියෙක් ලෙස තමා සතු ව්‍යවස්ථාපිත මූලික අයිතිවාසිකමක් වන “නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක  කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය” යන ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවයි.
 
 එසේ උල්ලංඝණය කිරීමට නායකත්වය දුන් විශ්‍රාමික  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න වර්තමානයේ OMP ආයතනයේ සභාපති ලෙස කටයුතු කරද්දී තව දුරටත් වින්දිතයෙක් ලෙස තමාට ඇවැසි මනෝ සමාජීය සහය සහ ආරක්ෂාව ලබා දෙන අපක්ෂපාති ස්වාධීන ආයතනයක් ලෙස OMP ආයතනය විශ්වාස කළ හැකි යැයි තමන්  සිතන්නේදැයි සන්ධ්‍යා එක්නැලිගොඩ අතුරුදහන්වු තැනැත්තන් පිළිබද කාර්යාලයේ දත්ත කළමණාකරණ ප්‍රධානි ඒ.එන්.නුවන්ගෙන් ප්‍රශ්න කර සිටි.
 
 "සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණයේ පළමු පියවර ලෙස 2016 පිහිටවූ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සභාපති ඇතුළු කොමසාරිස්වරුන් පත්වූ ආකාරයත්, වර්තමානයේදී එම කොමිසමේ කොමසාරිස්වරුන්ගේ සංයුතිය හා පත්වූ ආකාරයත් හාත්පසින්ම වෙනස් අතර ආයතනයේ ස්වාධීනත්වය පිළිබද තිබූ විශ්වාසනීයත්වය මේ වන විට පළුදු වි ඇත."
 
 
 OMP ආයතනය අන්තර්ජාතික සංවිධාන හා ආයතන සමග කටයුතු කල හැකි බලවත් ආයතනයක් බව සිහිපත් කරන සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නේ, ඍජුව එම ආයතන සමග ගනුදෙනු නොකර තමන්ගෙන් ICRC සහ UNWGEID වෙත අපි යැවූ ලිපි ඉල්ලීම වක්‍රාකාරයෙන් කරන අයුතු බලපෑමක් යන්න සිය හැඟීම බවයි.
 
 
 ප්‍රගීත්  එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට අදාළ වැඩිදුර තොරතුරු  අවශ්‍ය  නම් ඒවා ලබා ගත හැකි නඩු අධීක්ෂණය කරණ ලෙස සන්ධ්‍යා එක්නැලිගොඩ අතුරුදහන් තැනැත්තන් පිළිබද කාර්යාලයට දැනුම් දී තිබේ.
 
 “අතුරුදහන් වූ / අතුරුදහන් කරවනු ලැබූ පවුල් විසින් අත්විඳින ලද වේදනාව සහ කම්පනය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය පිළිගනී. අතුරුදහන් වූ / අතුරුදහන් කරවනු ලැබූ අය සහ ඔවුන්ගේ පවුල් කෙරෙහි වගකීම ඉටුකිරීමට අපි බැදී සිටිමු,” මැයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ ප්‍රථම සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ පණිවිඩයක් ඇය සිය ලිපිය අවසානයේ සටහන් කර තිබේ.
 
 
 
අවුරුදු තුන හමාරත් පසුකළ OMP කාර්යාලය
 
 
අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට වසර තුන හමාරත් පසු කර තිබේ.
 
 මෛත්‍රී රනිල්  ආන්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් OMP කාර්යාලය පිහිටුවනු ලැබුවේ  2018 පෙබරවාරි 28 දාය.
 
 
THE LEADER TV 
 
 
සුදානමින් ඉන්න! මෛත්‍රී අණතුරු අඟවයි! 
 
 
 
සීනි ගුදම් සංදර්ශනය ආර්ථික අර්බුදය යට කළාද? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්