මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහාචාර්යවරයා එම තනතුරෙන් ඉල්ලා අස්වීම හදිසියේ නිවේදනය කිරීම සහ කෙරවලපිටිය යුගදනවි එල්එන්ජී
බලගාරයේ කොටස් අයිතිය ඇමරිකානු සමාගමකට පවරාදීම සඳහා කුමන්ත්‍රණකාරී සැලැස්මක් මුදල් ඇමතිවරයා ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගෙන රට තුළ අතිශය තීරණාත්මක කාලයක් එළඹී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
 
මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඇතිවුණු කැළඹීමට වඩා අජිත් නිවාඩ් කබ්රාල් එම තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් රට තුළ සහ ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබේ. 
 
ලබන 15 වෙනිදා මහ බැංකු අධිපති වශයෙන් කබ්රාල් පත්කරන බව වාර්තාවීමත් සමඟ මේ සතිය පුරාම මූල්‍ය ක්ෂේත්‍රය දැඩි කුණාටු සහිත තත්වයක් වනු ඇති බවට අනාවැකි පලකර තිබේ.
 
මේ ඒ සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සිදුකළ අදහස් දැක්වීමක් .
 
 
 
  
බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලය පවා නොමඟ යවමින් ඇමරිකානු සමාගමකට මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ විශාල අවකාශයක් ලබාදීමට ක්‍රියාකර තිබීමෙන් සතිය ආරම්භයේ සිටම තවත් බරපතල ගැටුම්කාරී බවකට මුල පුරා ඇත. 
 
 
ඇමරිකානු සමාගමකින් ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් මිලියන 2,500 ණය මුදලක් ලබා ගැනීම සඳහා උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් අනුමැතිය ලබා ගැනීමත් සමඟ එරට සමාගමක් වෙත ම යුදදනවි එල්එන්ජී බලාගාරයේ කොටස් පවරාදීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ රහසිගත මෙහෙයුමක් දියත් කර ඇත.
 
පසුගිය සඳුදා (06) කැබිනට් මණ්ඩලය විසින් මෙම කොටස් පවරාදීම අනුමත කළ බව අදාළ නිල ලේඛනවල දක්වා ඇත. සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ කැබිනට් මණ්ඩලය එවැනි කොටස් පවරාදීම පිළිබඳව කිසිවක් සාකච්ඡා නොකළ බව අනාවරණය වේ. 
 
ඇමරිකානු සමාගමකින් තෙල් සංස්ථාවට ඍජු ණය මුදලක් ගැනීම සහ මෙම කොටස් පවරාදීම අතර අප්‍රකාශිත සම්බන්ධතාවක් පවතින බව පැහැදිලි වේ. 
 
මේ අතර උදය ගම්මන්පිල ඇමතිවරයා පසුගිය සතියේදී විශේෂ හෙළිදරව්වක් කරමින් මන්නාරම් ද්‍රෝනියේ තෙල් සහ ගෑස් හමුවී ඇති බව ප්‍රකාශ කර තිබිණි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 270කට ආසන්න බව ද වැඩි දුරටත් සඳහන් කර තිබිණි. 
 
මෙවැනි ප්‍රචාරයන් ගෙන යන අතර ඉතා රහසිගතව මෙරට බලශක්ති ස්වාධීනත්වය අහිමි කිරීමේ මෙහෙයුම් දියත් කර තිබේ.
 
මීට අමතරව මෙම කරුණු දෙක පදනම් කර ගෙන ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටීම් පොලා පැනීමක් සිදුවනු ඇති බවද මේ සියල්ල විදේශ රාජතාන්ත්‍රිකයින්ගේ දැඩි නිරීක්ෂණයට ලක්වී තිබෙන බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
 
මේ අතර රටේ ජනතාව මුහුණ දී තිබෙන කොවිඩ් වසංගතය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගවීම මෙන්ම මිල ඉතා ඉහල මට්ටම්වලට පත්වීම තුළින් තවත් පැත්තකින් ආතතිකාරී තත්වයක් තීව්‍ර ලෙසින් වර්ධනය වෙමින් තිබෙන බව නිරීක්ෂණය කෙරී ඇත.
 
 
(උපුටා ගැනීම - lankatruth.com)
 
 
 
 
සබැඳි පුවත් 
 
 
 

THE LEADER TV 
 
අන්ඩර්වෙයා තහනම ද්‍රවශිලතාවය ද?
 
 
වැරදුණු වහසි ප්‍රලාපයේ වන්දිය කාටද? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්