leader s

 ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදී මැතිවරණයක් ජයග්‍රහනය කරන අපේක්ෂකයන්ගේ මන්ත්‍රී ධුරය ඉදිරියේදී අහෝසි වීමේ අනතුරක් මතුව තිබේ.
දිවයිනේ ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක සැප්තැම්බර් 13 වැනි සදුදා සුවිශේෂී නඩු තීන්දුවක් ලබාදුන් බවයි.
 
"ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරමිනි."
 
 
 
ඒ අනුව අල්ලස් ලබාදී ජයග්‍රහණය කළ අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධුරයෙන් ඉවත්කළ අතර ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත්කරන්නට විනිසුරු නියෝග කළ බවයි පැෆ්රල්  සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ.
 
 
 
මන්ත්‍රීධුරයෙන් ඉවත් කළ අය කවුරුන්ද යන්න රෝහන හෙට්ටිආරච්චි හෙළි කර නැත.
 
මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් අනාගතයේ අපේක්ෂකයන් ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීමට නොපෙළඹෙනු ඇති බවට පැෆ්රල් සංවිධානය විශ්වාසය පළ කරයි.
 
"යම් හෙයකින් එසේ කෙරුවද ඕනෑම මොහොතක ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කිරීමට ඉඩකඩ සැලසෙනු ඇත. එපමණක් නොව අපේක්ෂක වියදම් සීමාකිරීමේ නීති සම්පාදනයේ අවශ්‍යතාවය හා මැතිවරණයකදී සමබිමක අවශ්‍යතාවය නැවත වරක් අවධාරණය වී ඇත."
 
පැෆ්රල්  සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිගේ අත්සනින් යුතුව සැප්තැම්බර් 14 වැනි අගහරුවාදා නිකුත් කර තිබෙන නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ, මෙම ජයග්‍රහණය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකිවූයේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම හේතුවෙන් බවයි.
 
 
THE LEADER TV 
 

හම්බන්තොට ස්පේෂල්?

 

 
හංසමාලිගේ ජීවිතය අනතුරේ : කොරෝනා බෝ කළේ ආණ්ඩුව ? 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්