leader s

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට විරුද්ධවීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් තීරණය කර ඇත.
එම පක්ෂ ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී රැස්වී විශේෂ සාකච්ඡාවක් පවත්වා එම තීන්දුව ගෙන තිබේ.
 
 
කෙරවළපිටිය තාප බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
 
යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණි පසු සාකච්ඡා කිරීමටත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද  (21) හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමටත් එම පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත .
 
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ,රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමති වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර , වීරසුමන වීරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරු එම සාකච්ඡාවට සහභාගී වී සිටියේය. 
 
අමාත්‍ය උදය ගම්මන්පිල විදෙස් සංචාරයක නිරතව සිටීමත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් අනුරාධපුරයේ ආගමික උත්සවයකට සහභාගිවී තිබීම නිසාත් මෙම අවස්ථාවට සහභාගී වී නොතිබිණ.
 
 
 
කැබිනට්ටුවේ විරෝධය :
 
 
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගිය කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙන ආ අවස්ථාවේදී වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සිය විරෝධය ද පළ කර තිබිණ.
 
ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් එම ඇමතිවරුන් තිදෙනා ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් සාමාජිකයින් වෙත වෙන වෙනම ලිඛිත කරුණු දැක්වීමක් ද සිදුකර තිබිණ. 
 
මෙම අර්බුදයත් සමග ඔවුන් තිදෙනා ආණ්ඩුවෙන් ඉවත් වන බවට ද  වාර්තා පළ වී ඇත.
 
 ඊයේ පැවැති මෙම විශේෂ සාකච්ඡාවෙන් පසු අමාත්‍ය විමල් වීරවංශගෙන් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙලෙස විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ ප්‍රතිචාර දැක්විය.
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 
THE LEADER TV 
විමල්ලා අවුට්: ආණ්ඩුවෙන් බටහිරට කොළකොඩි..! 

 බැසිල්ගේ චාටු කතාවලට විමල්ලා අහුවෙයි? | The Leader TV

ඇමරිකාවට පවරන්න යන බැසිල්ලගේ බූදලයක්? | The Leader TV

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්