කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම් එක්සත් ජනපදයේ  සමාගමකට පැවරීමට මුදල් අමාත්‍යංශ විසින් ඊයේ (17) රාත්‍රී ගිවිසුම් අත්සන් කර ඇතැයි ආණ්ඩුවේ
අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසන පරිදි අදාල ගිවිසුම අත්සන් කිරීමට පැමිණි ඇමරිකානු නියෝජිතයින් අද (18) අලුයම දිවයිනෙන් පිටවගොස් ඇත්තේ ජනාධිපතිවරයා ඇමරිකාව බලා දිවයිනෙන් බැහැරවීමටත් පෙරය.
 
පසුගිය සඳුදා සුම් තාක්ෂනය ඔස්සේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මෙම ගිවිසුම සම්බන්ධයෙන් දිර්ගවශයෙන් සාකච්ජා පවත්වා ඇති අතර එහිදී විමල් විරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් මෙම ගිවිසුමේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකර තිබිණ. 
 
ඊට පෙර ඔවුන් තිදෙනා කැබිනට් සාමාජිකයින් වෙත වෙන් වෙන් වශයෙන් ලිඛිතව කරුණු ඉදිරිපත්කර තිබු බවද වාර්තාවේ.
 
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රීකාව තවදුරටත් හැදෑරීමට තීන්දුකර ඇති අතර යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ඇමතිවරුන් තිදෙනා ඉදිරිපත් කළ විවේචන පිළිබඳව ඔවුන්ව වෙනම කැඳවා දැනුවත් කිරීමට ද මුදල් අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට එකඟත්වය පළකර තිබිණ.
 
 

 
මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේදී සහතිකවූ පරිදි ඊයේ දහවල් විමල් විරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල අමාත්‍යවරුන් මුදල් අමාත්‍යංශයට කැඳවා යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් කරුණු පැහැදිලිකර ඇත. 
 
මෙම සාකච්ජාවට මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර් ආටිගල සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු (MMC Ferdinando) සහභාගිවී තිබේ.
 
මෙහිදී මුදල් අමාත්‍යවරයා සහ රජයේ නිලධාරීන් විසින් සිදුකල පැහැදිලිකිරීම් හමුවේ අමාත්‍යවරුන් තිදෙනාද තමන්ගේ ස්ථාවරය සඳහන් කර ඇත.
 
 දෙපාර්ශවයේ කරුණු දැක්වීම් හමුවේ මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඇමතිවරුන්ගේ අදහස් ද සැලකිල්ලට ගනිමින් අදාල ගිවිසුම යලි සංශෝධනය කරන බවයි. 
 
කෙසේවුවද ඇමතිවරුන් තිදෙනා ඉදිරිපත් කළ යෝජනාවලට ඇමරිකානු නියෝජිතයින් එකහෙලා විරෝධය පළකර ඇති අතර ඒ අනුව කිසිඳු සංශෝධනයකින් තොරව අදාල ගිවිසුම ඊයේ රාත්‍රී 12.06 ට අත්සන කර ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. 
 
මේ සම්බන්ධයෙන් අපවෙත අදහස් දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ජනාධිපතිවරයා ඇමරිකාවට යාමට පෙර මෙම ගිවිසුම අත්සන් කිරීමට මුදල් අමාත්‍යවරයාට දැඩි අවශ්‍යතාවයක් තිබු බවයි. 
 
 

 මේවනවිට ජනාධිපතිවරයා ඇමරිකාවට ගොස් ඇති අතර ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස හිටපු අමාත්‍යවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ පත්කිරීමට ද තීන්දුකර තිබේ.
 
මේවනවිට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ඇමරිකා- ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂයි.
 
මුදල් අමාත්‍යවරයා මිට ඉහතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරතිබූ ගිවිසුමේ කෙටුම්පත පහත පළවේ.
 
 
 
 
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්