leader s

පාස්කු ඉරිදා දිනයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන් ගේ ෆෝන් එකේ මදර්බෝඩ් එක කවුද ගත්තේ කව්දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රශ්නකරයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, ඊයේ (28) කුරුණෑගලදී ශ්‍රීලනිප සංවත්සරය වෙනුවෙන් පැවති ලේ දන්දීමේ වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.
 
 
මෙහිදී ඔහු 'පාස්කු ප්‍රහාරය' සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අනාවරණයන් කිහිපයක් ද සිදු කළේ ය.
 
”අද කවුරුත් කතා කරලා තියෙනවද ? සහරාන්ගේ ෆෝන් එකේ මදර්බෝඩ් එක කවුද ගත්තේ ? අන්න ඒක තමයි ඉස්සලා හොයා ගන්න තියෙන්නේ. මේ බෝම්බය ගහපු මිනිහගේ ෆෝන් එකේ නේ, තියෙන්නේ සියලු දේවල් ටික. ඒ ෆෝන් එකේ මදර්බෝඩ් එක අරන් යනවා කියන්නේ කොහේ හරි රටකට කවුරු හරි ඔත්තු සේවාවක් විසින් ලංකාවේ අධිකරණයයි පොලීසියයි ඒකට ඉඩ දෙනවා කියන්නේ එහෙනම් ඉස්සල්ලා මහ මොළකරු කවුද කියලා හිතා ගන්න පුළුවන් බෝඩ් එක අරන් ගිය එක්කෙනා එක්ක කතා කරලා. 
 
ඒ විතරක් නෙවෙයි ඒකට අණ දුන්න දේශපාලනඥයො කවුද කියලාත් හොයලා බලන්න එතකොට කට්ටිය ඔක්කොම හොයා ගන්න පුළුවන් වෙයි”
 
රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකරුණේ, හිටපු ජනාධිපතිවරුන්ටත් , ඇමතිවරුන්ටත් බැන පලක් නැති බවත් එසේ නම්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ විය යුත්තේ, ශ්‍රී මහා බෝධියට, මහ බැංකුව වැනි ස්ථානවලට ප්‍රහාර එල්ල සමයන්හි හිටපු ජනාධිපතිවරුන්ගේ සිට බවයි.
 
 
 
”නිකන් හිටපු ජනාධිපතිවරුන්ටත් ඉන්න ඇමතිවරුන්ටත් මේක බැනලා තේරුමක් නෑ. එහෙනම් පටන් ගන්න ඔනි ශ්‍රී මහා බෝධියට ගහපු තැන ඉඳලා ඒ ගහපු වෙලාවේ හිටපු ජනාධිපතිවරු  මහ බැංකුවට ගහපු වෙලාවේ හිටපු මේ සියලු දෙනාට නීතිමය ක්‍රියාමාර්ග අපි ගන්න ඔනි. ඒකත් නොසැලකිල්ලක් තමයි කරලා තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්”
 
මධ්‍යවේදී ප්‍රශ්නය : – කවුරුත් කතා කරකන්නේ නෑනේ මේ ප්‍රහාරයට සම්බන්ධ අය කා එක්ක ද හිටියේ කියලා කවුරුත් කතා කරලා නෑ නේ ඇමතිතුමා?
 
පිළිතුර (රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර) : – ඒක තමයි තියෙන ප්‍රශ්නය ? කවුරුත් කතා කරන්නේ නෑ. කතා කළාම දේශපාලන වශයෙන් ගහනවා. අපි කවුරුත් දන්නවා. අපේ මෛත්‍රී ජනාධිපතිතුමා කොටු කර ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ගයක් යන්නේ? ඒ වගේම එතුමා බලයෙන් පහ කිරීමත් දේශපාලන කුමන්ත්‍රණයක්.
 
 
 
 
 

THE LEADER TV 
ජනතාව ගහලා එලවන දිනය වැඩි ඈතක නෑ 
 
 
 ඩලස්ට උඩින් මාධ්‍ය හසුරවන කෙරුමෙක් ! 
 
 
ඩලස්ට උඩින් මාධ්‍ය හසුරවන කෙරුමෙක් ! 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්