සිය ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් රට පුරා ප්‍රදර්ශනය කරතිබූ කටවුට් සහ පෝස්ටර් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තීරණය කර ඇත්තේ අභ්‍යන්තර මත ගැටුමක් නිසාද යන සැකයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදයට ලක්වෙමින් තිබේ.


එවැනි පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීම ඊයේ දින හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය. කවරෙකුගේ පින්තූරය තිබුණද පොලිතීන් ප්ලාස්ටික්වලින් නිපදවා ඇති ප්‍රචාරක පුවරු පෝස්ටර් ඉවත් කරන්නැයි ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම කටයුත්තට සහභාගි වෙමින් කියා සිටියේය.

ඉදිරියේදී මෙම වැඩසටහන අනෙකුත් දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය.     download 2 7

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ ව්‍යාපාරය ප්ලාස්ටික්, පොලිතීන් හා පොස්ටර් භාවිතයෙන් තොරව සිදුකරන බවට පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශකළ බවත් එය මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් බවත් නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

කෙසේ වෙතත් එය ක්‍රියාත්මක කිරිමේදී බිම් මට්ටමේදී ගැටලු කිහිපයක් පැනනැගී ඇති බවත් එම ගැටලු විසඳා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ලෙස ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නාමල් රාජපක්ෂ විසින් ආරම්භ කළ මෙම පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ මෙහෙයුම සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති දේශපාලන ක්‍රියාකාරිකයකු වන ජයම්පති බුලත්සිංහල මෙසේ සටහනක් තබා ඇත. 

''කටවුට් අවුට් ‍‍වෙන්නේ ඇයි මොනවද වෙන්නේ පරිසර හිතකාමී කමට යටින් මොනවත් නැද්ද?''

 


 මහින්දගේ කල් ඉකුත්වීමේ කලාව:

කෙසේවුවද 'ද ලීඩර්' වෙත වාර්තා වන්නේ මෙසේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක පොස්ටර් හා කටවුට් ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රචාරක සැලසුම් හා විධිවිධාන නොසලකා හරිමින්, ගෝඨාභයට හිතවත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙන් සමන්විත 'වියත්මඟ' සංවිධානයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය පමණක් ඉස්මතුවන ආකාරයට එම ප්‍රචාරක පුවරු හා පෝස්ටර් නිර්මාණය කර තිබීම නිසා බවයි.

ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුමේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂත්, අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂත් සම සමව ඉස්මතු කෙරෙන ප්‍රචාරක සැලැස්මක් පොහොට්ටු පක්ෂය විසින් සැලසුම් කර තිබී ඇත.

කෙසේවුවද රටපුරා ප්‍රදර්ශනය කර තිබු ඇතැම් පෝස්ටර් හා කටවුට්වල මහින්ද රාජපක්ෂට එතරම් ප්‍රමුඛතාවයක් ලැබී නොතිබිණ.

ඒ සම්බන්ධයෙන් 'අනිද්දා' පුවත්පතේ 'මනුවර්ණගේ සතිය' දේශපාලන විග්‍රහයේ මෙසේ සඳහන් වේ.

මහින්දගේ ආධිපත්‍යය ගෝඨාභය වෙත මාරු වන අවස්ථාව:

''ඉතින්, දැන් එළඹී ඇත්තේ මහින්දගේ ආධිපත්‍යය ගෝඨාභය වෙත මාරු වන අවස්ථාවයි. ගෝඨාභයගේ ප්‍රචාරක පෝස්ටර්වල මහින්ද රාජපක්ෂගේ පින්තූරය ක්‍රමයෙන් කුඩා වෙමින්, ගෝඨාභයගේ පින්තුරය විශාල වෙමින්  පෙන්වන්නේ මේ අනාගත දේශපාලන ඉරණමයි. මහින්ද රාජපක්ෂගේ කල් ඉකුත්වීමේ කලාවයි.''

ගෝඨාභය හා මහින්ද අතර මතුවෙමින් පවතින බල අරගලය එම දේශපාලන විග්‍රහයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

68703885 1615519778580976 5775941757044785152 n''මේ මොහොතේ, බලවත්  උද්දාමයකින් සිටින බව පෙනෙන, නමුත් කිසිසේත් එසේ නොවන මහින්ද රාජපක්ෂ, අගෝස්තු 11 වැනිදා වන විට ගත්තේ පහසු තීරණයක් නොවේ. තමා මීට අවුරුදු ගණනකට පෙර සැලසුම් කළ අනාගත දේශපාලන ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ආපස්සට හරවන තීරණකි. 

2009 යුද්ධය අවසාන කොට, 2010 දී මැතිවරණයෙන් ජයගෙන, ඒ වර්ෂයේදීම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මහින්ද රාජපක්ෂ ගෙනාවේ, ඉතා පැහැදිළි අනාගත සැලසුමක් සහිතවය. තමා හැකි තරම් කාලයක් ජනාධිපතිධූරයේ සිටීමත්, එය කළ නොහැකි අවස්ථාව වන විට නාමල් රාජපක්ෂ ඒ සඳහා සූදානම් කිරීමත් ඔහුගේ උපාය මාර්ගය විය. 

නාමල් රාජ්‍ය නායකයා කිරීමේ උපාය මාර්ගය !

එවිට රටේ දේශපාලන බලය, 'රාජපක්ෂවරුන්' අත නොව 'මහින්ද රාජපක්ෂ පවුල' තුළම පවතිනු ඇත. පසුගිය සතියේත් '19 වැනි සංශෝධනය ගෙනාවේ මා ජනාධිපතිවරණයට ඉල්ලන එක වලක්වන්නටත්, නාමල් ඉල්ලන එක වලක්වන්නටත්' බව මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ, මේ මානසිකත්වයේ ප්‍රකාශනයක් හැටියටය.

දැන් හොඳින් හෝ නරකින් අපේක්ෂත්වය ගෝඨාභයට ලැබී තිබේ. ඔහුට ජනාධිපති වන්නට අවස්ථාවක් ලැබුණොත්, නැවත මහින්ද රාජපක්ෂ පවුලට දෙශපාලන බලයක් ඔහුගෙන් නොලැබෙන බව පැහැදිළිය.  Gota 21

2005 දී ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපාරයට සහය වීමට ලංකාවට පැමිණියාක් මෙන්, මේ වන විට  ඇමෙරිකාවේ සිටින ගෝඨාභය රාජපක්ෂගේ පුතාටද, ජනාධිපති තාත්තාගෙන් පසුව අනුප්‍රාප්තිකයාවීමේ වුවමනාවක් ඇතිවුණොත් පුදුමයක්ද නැත. 

කිසිම දේශපාලන පසුබිමක් නැති වුවද, ගෝඨාභයගේ පුතා ඊළඟට කරතබාගෙන යෑමට පොහොට්ටුවේ වහල් මානසිකත්වයෙන් හෙබි සියලු දෙනාම එක පයින් එකතු වනු ඇත. ඊට ගැළපෙන තර්ක නිපදවනු ඇත. එවිට නාමල් රාජපක්ෂට සමකාලීන එකම පවුලේ බලවත් තරඟකාරයෙක්, එනම් තවත් ජනාධිපති පුතෙක්, හමුවෙයි. ඒ වන විට නාමල් තල්ලුකරගෙන යන්නට මහින්ද රාජපක්ෂ කෙනෙකු බලගතු දේශපාලනයේ නොසිටිනු ඇත.

මහින්ද රාජපක්ෂ දේශපාලන රේඩාර් තිරයට මේ සියල්ල හසුවී නොතිබෙන්නට හැකියාවක් නැත. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ හැර වෙනත් දිනන අස්සයෙකු පොහොට්ටුවට නැත. රාජපක්ෂ මුද්‍රාව නැති වෙනත් අපේක්ෂකයෙකු එම පාර්ශවය විසින් නිර්මාණය කරනු ලැබ තිබුණේද නැත. ''

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්