2007 දී අදින ලද මුහම්මුද් නබි තුමා සුනඛයෙකු ලෙස සිටින චිත්‍රය නිසා ලාර්ස් විල්ක්ස් පොලිස් ආරක්ෂාව යටතේ සිටියේය. (ඡායාරූප-EPA)
 
මුහම්මුද් නබිතුමාගේ හිස සුනඛයෙකුගේ සිරුරකට යොදා චිත්‍රයකට නැගූ ස්වීඩන් කලාකරු ලාර්ස් විල්ක්ස් රිය අනතුරකින් මියගොස් තිබේ.
 
ලාර්ස් විල්ක්ස් සිවිල් පොලිස් වාහනයක ගමන් කරමින් සිටියදි දකුණු ස්වීඩනයේ මාකරිඩ් නගරය අසලදී ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
 
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද මියගිය අතර, ලොරි රථයේ රියදුරු තුවාල ලැබීය.
 
මෙම කාටූනය නිසා 75 හැවිරිදි කලාකරුවාට මරණ තර්ජන එල්ල වී තිබූ අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ දිවි ගෙවීය.
 
2007 දී මෙම කාටූනය පළ කිරීමත් සමග එය අවමන් කිරීමක් නබිතුමාගේ දෘශ්‍ය රූපය අදහන බොහෝ මුස්ලිම්වරුන්ගේ සිත් රිදවීමට හේතු විය. මෙය පළ වූයේ ඩෙන්මාර්ක පුවත්පතක නබිතුමාගේ කාටූනයක් පළ කර වසරකට පසුවය.
 
 
 120807494 071078263
             අනතුරට හේතුව කුමක්ද යන්න තවමත් අපැහැදිලිය. (ඡායාරූප -REUTERS)
 
 
අනතුර සිදුවූයේ කෙසේද යන්න තවමත් අපැහැදිලි අතර, වෙනත් පුද්ගලයෙකු ඊට සම්බන්ධ බවට පැවසීමට මුලික සාක්ෂි කිසිවක් නොමැති බව පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 
"වෙනත් ඕනෑම මාර්ග අනතුරක් මෙන් මෙය ද විමර්ශනය කෙරෙමින් පවතිනවා. පොලිස් භටයින් දෙදෙනෙක් ද මේ සිද්ධියට සම්බන්ධ වෙලා තිබෙන නිසා රජයේ නීතිපති කාර්යාලයේ විශේෂ අංශයකට පරීක්ෂණය පවරා තිබේ," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා AFP පුවත් සේවයට පැවසීය.
 
අනතුර සම්බන්ධයෙන් නීති විරෝධී ක්‍රියාවක් ඇතැයි සැකයක් නොමැති බව ද ඔහු පැවසීය.
 
ලාර්ස් විල්ක්ස් ගමන් කරමින් තිබුණු පොලිස් රථය අධික වේගයෙන් ධාවනය වු බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
 
ඇසින් දුටු එක් සාක්ෂිකරුවෙක් ඇෆ්ටොන්බ්ලැඩෙට් (Aftonbladet) පුවත්පතට පැවසුවේ, ලාර්ස් විල්ක්ස් සිටි රථය පාලනයෙන් ගිලිහුණු ලෙස තමන්ට සිතුණු අතර, එය අධික වේගයෙන් මාර්ගයේ අනෙක් පසට පැමිණි බවය.
 
 ඉදිරියෙන් පැමිණි ට්‍රක් රථයට අනතුර වළක්වා ගැනීමට වෙලාවක් නොතිබූ අතර පසුව "ඇදහිය නොහැකි වේගයකින්" මහා හඬක් නඟමින් ඔවුන්ගේ රථ ගැටුණු බව ඔහු තවදුරටත් පැවසීය.
 
අනතුරෙන් පසු විශාල ගින්නක් හට ගත් අතර හදිසි ආපදා රථ ගණනාවක් එම ස්ථානයට පැමිණ තිබේ.
 
2007 දී නිර්මාණය කළ මෙම කාටූනය මුස්ලිම් ජනතාවගේ කෝපයට හේතු වීමත් සමග ලාර්ස් විල්ක්ස් ලොව පුරා මාතෘකාව බවට පත් විය. එම තත්වය සමනය කිරීමේ උත්සාහයක් ලෙස එවක ස්වීඩනයේ අගමැති ෆ්‍රෙඩ්රික් රයින්ෆෙල්ඩ්ට මුස්ලිම් රටවල් 22 ක තානාපතිවරුන් හමුවීමට ද සිදු විය.
 
ටික කලකට පසු, ඉරාකයේ අල් ඛයිඩා සංවිධානය ලාර්ස් විල්ක්ස්ගේ ඝාතනය සඳහා ඩොලර් 100,000ක ත්‍යාගයක් පිරිනමන බවට නිවේදනය කළේය.
 
2015 දී කෝපන්හේගන්හිදී ලාර්ස් විල්ක්ස් සහභාගී වූ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ විවාදයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මිය ගිය අතර ලාර්ස් විල්ක්ස් කියා සිටියේ ප්‍රහාරයේ ඉලක්කය ඔහු විය හැකි බවය.
 
 
sdlr H8nW7jwiM nh
 
නබිතුමා සුනඛයෙකුගේ ස්වරූපයට කාටූනයට නැගීම හේතුවෙන් වඩාත් ප්‍රසිද්ධ වුවද, ලාර්ස් විල්ක්ස් සායම් හා තීන්ත යොදාගෙන චිත්‍ර සහ නිර්මාණ තනන කලාකරුවෙකු හා ක්‍රියාකාරිකයෙකි.
 
ඔහුගේ එක් නිර්‍මාණයක් වූයේ දකුණු ස්වීඩනයේ ස්වාභාවික රක්ෂිතයක පාවෙන දැව වලින් අවසරයකින් තොරව ඉදිකරන ලද මූර්තියක් වන අතර, එය දීර්ඝ නීතිමය සටනකට මුල පිරීය.
 
( BBC සිංහල සේවය)
 
THE LEADER TV 
 
 
 
ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්! 
 
 
 
චන්ද්‍රිකාව හොයං ගිය පූසී 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්