leader s

ඉදිකිරීම් අවසන් කර වසර 3කට ආසන්න කාලයක් ගතවී තිබියදී මේ දක්වා කිසිදු ප්‍රයෝජනයක් නොගත් නෙළුම් කුළුණ සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් කැබිනට් සංදේශයකින් අනාවරණය වී ඇත.
 තාක්ෂණ ඇමතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර තිබෙන කැබිනට් සංදේශයක මෙම කරුණු අඩංගු වේ. 
 
නෙළුම් කුළුණ ඉදි කිරීම සඳහා ලබා ගෙන තිබෙන ඉඩම වෙනුවෙන් රුපියල් කෝටි 1,161ක බදු කුලියක් වශයෙන් ගෙවීමට තිබේ. 
 
මෙම මුදල රුපියල් මිලියන 300ක වාර්ෂික ගෙවීමක් හැටියට ගෙවිය යුතු අතර මෙම බදු කුලිය සම්පූර්ණ වශයෙන් රුපියල් කෝටි 150ක් බව දැක්වේ. මෙම බදු කුලිය ගෙවීමෙන් පසුව අදාල බදු අනුපාතයන් වෙනස් වේ.
 
එසේම මෙම බදු ගිවිසුම් ඇතුළු නීතිමය කටයුතු සඳහා රුපියල් ලක්ෂ 3ක් වැය කර ඇත. බදු ගාස්තු රුපියල් 24,000ක් වශයෙන් දැක්වේ. මුද්දර ගාස්තු ලෙස 89,999,000 නාගරික සංවර්ධන අධිකාරිය විසින් විදුලි සංදේශන කොමිෂන් සභාවට ගෙවීමට ඇත.
 
 
මීට අමතරව, හම්බන්තොට තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමෙන් පසුව අතරමග නවතා දමා ඇති බව ද, අදාළ කැබිනට් පත්‍රිකාවෙන් හෙළිවේ. 
 
 
 
මෙම කැබිනට් පත්‍රිකාව නම්කර තිබෙන්නේ “නෙළුම් කුළුණ ව්‍යාපෘති සංකීර්ණය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ( TRCSL) වෙත ඉඩම් අත්පත්කර ගැනීම” යනුවෙනි. 
 
එම කැබිනට් පත්‍රිකාවෙන් නෙළුම් කුළුණ සහ ඒ ආශ්‍රිතව පවතින මූල්‍යමය ගණුදෙනු රැසක් පිළිබඳව කරුණු ඇතුළත් කර තිබේ.
 
 
 
THE LEADER TV 
69 ලක්‍ෂයකට අං පැලැන් දූ රාජපක්‍ෂලා 
 

ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්! 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්