theleaderlk 01

අමෙරිකා එක්සත් ජනපද හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් අභාවප්‍රාප්ත වී තිබේ.
පවෙල් මහතාගේ පවුලේ සාමාජිකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 84 හැවිරිදි පවෙල් කොවිඩ් – 19 සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවයි.
 
හිටපු ඉහළ පෙළ හමුදා නිලධාරියෙකු ද වන පවෙල් මහතා හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ 2001 වසරේදී අමෙරිකාවේ පළමු අප්‍රිකානු – අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා බවට ද පත්විය.
 
පවෙල් මහතා මියයන විට පූර්ණ එන්නත්කරණයට ලක්ව සිට ඇති බව ද පවුලේ ඥාතීන් උපුටා දක්විමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
 
 
(NEWS1ST)
 
 
 
THE LEADER TV 
 
ස' ගේ ලන්ඩන් සංචාරයේ රහස ! | The Leader TV | Gossip
 
 
 
ගුරු සටනෙන් ආණ්ඩුව ඉවරයි ? | මොණරවිල ලියමන 
 
 

නවතම පුවත්