leader s

 
පොදු ලිං කැපීම මුවාවෙන් කෙරෙන නීති විරෝධී පස් ජාවාරමකට එරෙහිව මඩකලපුව ජනතාව විරෝධය දක්වා තිබේ.
චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පංකුඩාවැලි පෙරියකුලම් ප්‍රදේශයේ පොදු ලිදක් ඉදිකරන මුවාවෙන් පස් කපා ඉවත් කරගෙන යාමට එරෙහිව ප්‍රදේශයේ කාන්තා නායකත්වයෙන් දෙමළ ජනතාව 18 වැනිදා උද්ඝෝෂණයක නිරතවිය.
 
පන්කුඩාවැලි ප්‍රදේශයේ ජනයාගේ පානීය ජල ප්‍රශ්නයට විසදුම් ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකවූ මෙම පොදු  ලිඳ ඉදිකිරිම ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් තාවකාලිකව අත්හැර දමා තිබේ.
 
පොදු ලිදක් ඉදිකෙරෙන බවට පවසමින් මහා පරිමාන ලෙස පස් කපා ඉවත් කිරීම නිසා ගම්වාසී පවුල් 500 කට පානීය ජලය අහිමිවී ඇති බවට උද්ඝෝෂකයෝ පවසති.
 
ඔවුන් චෝදනා කරන්නේ පොදු ලිං කපන මුවාවෙන් පස් හාරා ගෙන යාම, නීතිවිරෝධී ලෙස වැලි හැරීම වැනි ජාවාරම් මහා පරිමානයෙන් මඩකලපුවේ සිදු කෙරෙන්නේ දේශපාලඥයන්ගේ සහයෝගය ඇතිව බවයි.
 
wali 1
 
 
 
THE LEADER TV 
 
 
 

දිළුම් ක්ලීනිං සර්විස් | මොණරවිලගේ ලියමන

 

ඉන්දියාව බැසිල්ට මොනවා කරයිද ?! | The Leader TV | Gossip

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්