leader s

දකුණේ මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීම ගැන ජනමාධ්‍ය කටයුතු භාර අමාත්‍යවරයා පල කර ඇති විරෝධය නොතකා, උතුරු හා නැගෙනහිර දෙපළාතේ  මාධ්‍යවේදීන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත කැදවීම
දිගටම සිදුවෙමින් පවතී.
 
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත මෙවර කැදවා ඇත්තේ නවරත්නම් කපිලනාත් හා මාධ්‍යවේදී යූ. එල්. මබ්රූක්ය.
 
වව්නියාවේ ප්‍රාදේශීය ප්‍රජා සංවිධානයක් පිළිබඳ සිදුකරන විමර්ශනයක් පිළිබඳ ප්‍රකාශයක් ගැනීම සඳහා  ප්‍රදේශයේ දෙමළ මාධ්‍යවේදියකු වන නවරත්නම් කපිලනාත්ට ඔක්තෝබර් 26 වැනිදා දහවල් 12ට ත්‍රස්ත මර්දන හා විමර්ශන ඒකකයේ වව්නියා කාර්යාලයේ පෙනී සිටින ලෙස දන්වා ඇතැයි පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
උතුරු නැගෙනහිර සිවිල් සංවිධාන සම්බන්ධ සෝදිසි කිරීම් වර්තමාන රජය විසින් උත්සන්න කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේද අවධානය යොමුවී තිබුණි.
 
මුස්ලිම් නිදහස් මාධ්‍යවේදියකු හා බීබීසී දෙමළ සේවයේ වාර්තාකරුවකු වන අම්පාර අඩ්ඩාලචේනෛ ප්‍රදේශයේ පදිංචි යූ. එල්. මබ්රූක්ට නොවැම්බර් 8 වැනිදා කොළඹ 5 පිහිටි ත්‍රස්ත මර්දන මර්දන හා විමර්ශන ඒකකයේ ප්‍රධාන කාර්යාලයේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
 
ඔහුගේ කැඳවීමට හේතු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් දැනුම් දී නොමැත.
 
මාධ්‍යවේදීන් දෙදෙනා ත්‍රස්ත මර්දන පොලිසියට කැඳවීමේ නියෝග 'ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ' (JDS) විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබුණි.
 
 
JDS Lanka 2021.11.25 1
 
 
මීට ඉහතදී දි අයිලන්ඩ් සහ ලංකාදීප කතුවරුන් හා මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවූ අවස්ථාවක එය වලක්වා ලීමට පියවර ගත් මාධ්‍ය ඇමැති ඩලස් දහම් අලහප්පෙරුම ඒ සම්බන්ධයෙන් සමාවද ඉල්ලා සිටියේය.
 
“මාධ්‍යවේදීන් කිසිසේත් පොලීසියට, රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීම නොකළ යුතු බව” අගමැති මහින්ද රාජපක්ෂ මෙන්ම පොලිසිය භාර ඇමැති සරත් වීරසේකරද ප්‍රකාශ කළේ යයි අලහප්පෙරුම ඇමැතිවරයා මාධ්‍යවේදීන්ට පවසා තිබුණි.
 
කපිලනාත් සහ මබ්රුක් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මාධ්‍ය ඇමැතිවරයා මේතාක් කිසිදු මැදිහත්වීමක් කළ බවක් දැනගන්නට නැත. 
 
 
 
THE LEADER TV 
 
ස" ට මොළේ ඇත්තෙම නැද්ද ? | මොණරවිලගේ ලියමන
 
 
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්