අධිකරණයට අපහාස කිරීම නිසා වරදකරුවකු වී ජනාධිපති සමාව යටතේ නිදහස් වූ අන්තවාදී භික්ෂුවක් නීති සම්පාදනය සඳහා පිහිටුවන ලද බලසම්පන්න ආයතනයක ප්‍රධානියා ලෙස පත් කිරීම ගැන ආණ්ඩුවට
විරෝධයක් එල්ල වී තිබේ.
 
ශ්‍රී ලංකාව තුළ එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම අරමුණු කොටගෙන බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානී ගලබොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ සභාපතිත්වයෙන් යුතුව ''එක් රටක් එක් නීතියක් ගොඩනැගීම සඳහා වූ කාර්ය සාධක බලකාය'' පිහිටුවා  ඇත.
 
''නිතිය පසිදලීම, නීතියේ රැකවරණය, සර්ව සාධාරණ විය යුතු බවට අවධාරණය කරමින්, ජාති-ආගම්, කුල හෝ වෙනත් සාධක මත කිසිවෙක් නීතියේ වෙනස් කමකට භාජනය යුතුය,'' යන පදනමින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.
 
සිහළ උරුමය, ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය, ජාතික හෙළ උරුමය, බොදු බල සේනා, සහ අපේ ජන බල පක්‍ෂය වැනි දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් සමඟ කටයුතු කළ ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂුව දෙමළ හා මුස්ලිම් ජනයාටත්, ක්‍රිස්තියානි හා කතෝලික ආගමිකයන්ටත් එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හැරීම සම්බන්ධයෙන් රටතුලත් ජාත්‍යන්තර වශයෙනුත් කුප්‍රකට භික්ෂුවකි.
 
වාර්ගික ගැටුම් අවුළුවා ලීම ගැන චෝදනාවන්ට  අමතරව ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂුවට බීමතින් රීය පැදවීම ඇතුළු චෝදනා ද එල්ලවී තිබේ
 
 ගලබොඩඅත්තේ ඥානසාර භික්ෂුව මෙම කාර්ය සාධක බලකායට පත් කිරීමත් සමඟ මාධ්‍ය වෙත අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් කියා සිටියේ ''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ, ජාතිවාදය, ආගම්වාදය පතුරුවා හරින පුද්ගලයෙක් රටටම නීති හදන්න පත් කිරීම භයානක තත්වයක්,'' බවයි.
 
 
 
තමන්ගේ ජනවරමේ පදනම කරගත් එක රටක් එක නීතියක් මතක් වීම සඳහා අවුරුදු දෙකක් ගත කොට  පත් කරන ලද කණ්ඩායම විපක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් හඳුන්වා ඇත්තේ “ඇඟ හිරිවැටෙන සයිස්” යනුවෙනි.
 
“සමාජ මාධ්‍ය ජාලයක නම සඳහන් කළත් ඒ ගිණුම බ්ලොක් වෙන මට්ටමේ චරිතයක් එහි මුල් පුටුව හොබවනවා. ජාතීන් අතර එකමුතුව ගැන, ජාතීන් අතර සුහදත්වය ගැන කතා කරනවා වෙනුවට කලහකාරීව හැසිරෙන, වියරුවෙන් කටයුතු කරන චරිත හරහා ගොඩ නඟන්න යන, එක රට සහ එක නීතිය කුමක්දැයි අපිට අනුමාන කළ හැකියි,” යනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
 
රට තුල  'එක රටක්- එක නීතියක්' යන සංකල්පය ක්‍රියාත්මක කිරීම, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානුෂීය සාරධර්ම සාක්ෂාත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස පිළිඹිඹු වන බැවින් සියලුම පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන ලෙස සළකන බව තවදුරටත් තහවුරු කිරීම සඳහා මෙම කාර්ය සාධක බලකාය පිහිටුවන බව ජනාධිපති නිකුත් කළ  ගැසට් නිවේදනයේ සඳහන් කර තිබේ.
 
 
''අධිකරණයට අපහාස කිරීමක් මත දඩුවම් විඳි හා ජාතීන් අතර විරසක බව ඇති කරවන බවට මහජන පැමිණිලි ලැබූ පුද්ගලයෙකු සමඟ එක රටක් එක නීතියක් නිර්මාණය කිරීමට යන කාර්ය සාධනය කුමක් ද'' යනුවෙන් ජනතා නීතිඥයෝ සංවිධානයේ විධායක සභික අචලා සෙනෙවිරත්න සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කළාය. 
 
 
 
නව කාර්ය සාධන බලකාය සඳහා සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් සලකා බලා ඇත්තේ "විචක්ෂණභාවය, සාමාර්ථය සහ විශ්වාසවන්තභාවය කෙරෙහි මහත් වූ භක්තිය සහ විශ්වාසය," යි ගැසට් නිවේදනයේ සඳහන් වේ.
 
එහි අවසන් වාර්තාව 2022 පෙබරවාරි මස 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු වේ.
 
ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව සභාපති ලෙස නම් කර ඇති මෙහි සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහාචාර්ය සුමේද සිරිවර්ධන, එන්. ජී. සුජීව පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, මව්ලවි මොහොමඩ් (ගාල්ල උලමා සභාව), කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන් සහ අසීස් නිසාර්දීන් ඇතුලත් වේ.
 
 
මෙම කාර්ය සාධක බලකායට සාමාජිකයන් පත් කිරීමේදී ගලබොඩ අත්තේ ඥානසාර ගේ පත් කිරීමට සහ දෙමළ ජාතික හා කාන්තා නියෝජනයක් නොවීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි විරෝධයක් එල්ල වි තිබේ.
 
 
''13 දෙනෙකුගෙන් යුත් 'එකම රටක් එකම නීතියක්' කාර්ය සාධක බලකාය අපේ ජනාධිපතිතුමා පත් කළ අතර, ඉන් සිංහල 9 දෙනෙකු සහ 4 දෙනෙක් මුස්ලිම් සාමාජිකයින්. දමිළ ජාතිකයින් කිසිවෙක් නැහැ. නායකයා අපේ ඥානසාර හිමි. එන මාස කිහිපයකට අනිවාර්යයෙන්ම රටම හිනා ගස්වයි. හැම දෙයක්ම වඩා හොඳින් තියෙයි #ලංකාවේ,” යනුවෙන් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ට්වීට් කර තිබුණි.
 
මිනීමැරුමට වරදකරු වී එල්ලුම් ගසට නියමව සිටි දුමින්ද සිල්වා ද මීට ඉහතදී ජනාධිපතිවරයා විසින් නිදහස් කරගෙන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට පත් කරන ලදී. 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
THE LEADER TV 
ඥාණසාරගේ එක රටක් එක නීතියක්.! | මොණරවිලගේ ලියමන

හාමුදුරුවෝ කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක්ද ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්