leader s

 ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා උතුරු මුහුදේ නීති විරෝධී පන්න ක්‍රම යොදාගෙන මාළු බෑම නිසා ඇතිවී තිබෙන ගැටුම් කාරී තත්වය විසඳීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් පොරොන්දුවී තිබේ.
උද්ඝෝෂණ මාලාවක් දියත් කළ උතුරේ ධීවර නායකත්වය හමුවීමට එකඟ වූ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයා මෙම පොරොන්දුව දී ඇත්තේ ඔහු නියෝජනය කරන ආණ්ඩුව අවුරුදු පහක් තිස්සේ ඉටු නොකළ පොරොන්දුවක් සිහිපත් කර දීමෙන් අනතුරුවය.
 
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බක්ලේ කොළඹ දී හමුවූ උතුරේ ධීවර සංගම් නායකයන් අවධාරණය කර ඇත්තේ ඉන්දීය ධීවරයන්ගේ නීති විරෝධී ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදට පැමිණීම තහනම් කරන බවට ඉන්දියාව පොරොන්දු වී පස් වසක් ගත වුවද මෙතෙක් එය ඉටු කිරීමට සමත්ව නැති බවයි.
 
උතුරේ ධීවර සංගම් විසින් ඉකුත් 17 වැනිදා මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා බෝට්ටු පෙළපාලියක් පවත්වා දැක්වූ විරෝධතාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ඔවුන් ව මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවට රැගෙන ගොස් තිබේ.
 
``ට්‍රෝලර් යාත්‍රා එන එක තහනම් කරනවා කියලා පොරොන්දු වෙලා දැන් අවුරුදු පහක් ගෙවිලා ගිහින්, තවත් විනාඩි තුනක් වත් දෙන්න බැහැ,``යැයි ඉන්දිය මහ කොමසාරිස්වරයා හමුවේ උතුරේ ධිවර සංගම් එකතුවේ නායක ඇම්.පී.සුබ්‍රමානියම් පැවසීය.
 
 
ඉන්දියාවේ පොරොන්දු කඩ කිරීම ධීවර නියෝජිතයෝ පෙන්වා දීමත් සමගින් මහ කොමසාරිස් බක්ලේ කියා ඇත්තේ නවදිල්ලියේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවටත්, තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවටත් දන්වා වහා මෙම ගැටලුව විසදීමට පිළියම් යොදන බවයි.
 
 
 
ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින්, මුහුදු සම්පත් විනාශ කිරීම නවතා ලීමට වහා පියවර ගන්නා ලෙස ඉල්ලා ධීවර සංගම් නායකයන්ගේ අත්සනින් යුත් සංදේශ, මිට පෙර අවස්ථා කිහිපයකදීම කොළඹ සහ යාපනේ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලවලට බාර දී තිබේ.
 
 
 
THE LEADER TV 
 
 
69 ලක්ෂයට වහ ඔනේ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්