ආණ්ඩුව ගෙනඒමට සැලසුම්කර ඇති නව ව්‍යවස්ථාව සඳහා දහ තුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යන බලය බෙදීමක් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හා ජාත්‍යන්තර බලවතුන් අතර සාකච්ජා ඇරඹී තිබේ.


ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අතර ඉකුත් සතියේ පැවති සාකච්ජාවන්ගේ දිගුවක් ලෙස ඉහල පෙළේ නීතිවේදී නියෝජිත පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා 10 වැනිදා පිටත්ව යාමට නියමිතය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇරයුමකින් පැවැත්වෙන මෙම සාකච්ජාවන්ට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ඇම්.ඒ සුමන්දිරන්, ජනාධිපති නීතිඥ කේ. කනග්-ඊශ්වරන් සහ නීතිවේදිනී ආචාර්ය නිර්මලා චන්ද්‍රහසන් නම් කිරීමට සන්ධානයේ නායක සම්බන්ධන් තීරණය කර තිබේ.




ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් සම්මත කරගෙන ඇති යෝජනාවේ ආරම්භක පාර්ශවකරුවකු ලෙසින් තම අපේක්ෂාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් ඇති බව දෙමළ ජාතික සන්ධාන නායකත්වයේ පිළිගැනීමයි.



පාර්ලිමේන්තු මන්ත්‍රී  සුමන්තිරන් සති අන්ත ඉංග්‍රීසි පුවත් පත් වෙත ප්‍රකාශ කර තිබුනේ රාජපක්‍ෂ ආණ්ඩුව විසින් සම්පාදනය කෙරෙන නව ව්‍යවස්ථාව සැලකිල්ලට ගනිමින් බලය බෙදීම පිළිබඳ ෆෙඩරල් විසඳුමක් ගැන එක්සත් ජනපද නිලධාරීන් දැනුවත් කරන බවයි.

"අපගේ දේශපාලන අභිලාෂයන් මොනවාද, එක්සත් ජනපදයට සමාන අනෙකුත් රටවල ඇති ෆෙඩරල් ව්‍යුහයන් ගවේෂණය කිරීමෙන්, ගැටුමට විසඳුමක් ලබා ගැනීමට අප අදහස් කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරනවා," යැයි සුමන්තිරන් පැවසු බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධාන නියෝජිත පිරිසේ එක්සත් ජනපද සංචාරය සිදුවන්නේ පළාත් සභා සඳහා බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට දෙමළ හා මුස්ලිම් පක්ෂ අතර පැවති නායක මට්ටමේ සාකච්ඡාවකින් අනතුරුවය.

 ආර්. සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ  නියෝජිත පිරිසක්  2011 දී, එක්සත් ජනපදයට ගොස්  රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ ඉහල පෙලේ නිලධාරීන් හමුවී දේශපාලන ඉල්ලීම් සඳහා සහයෝගය ලබා ගැනීමට සාකච්ජා කළහ.



13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ''13 ප්ලස්'' බලය බෙදීමක් කළ යුතු බව වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ කියා සිටියේ 2010 වසරේදී එවකට ඔහු ජනාධිපතිධුරය හොබවන විටය.



දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්‍ෂ ඉකුත් සතියේ යාපනයේ දී රැස්වී එකඟතාවයකට පැමිණියේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බල ගැන්වීම බව එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ මුස්ලිම් කොන්ග්‍රස් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පැවසීය.

ඒ සඳහා සහයෝගය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායකයා පවසා තිබුනේ, හකීම් හා මනෝ ගනේෂන් පක්‍ෂ නායකයන් හමුවීමෙන් අනතුවයි.

 

 

THE LEADER TV


යක්කුන්ට බය නං සොහොනේ ගෙවල් හදන් නෑ? | මොණරවිලගේ ලියමන
 

 
 
ගෝඨාභය පවුලෙන් ගුටි කෑමට නියමිතයි !
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්