leader s

කොවිඩ් අවදානම අඩකින් අවම කර ගැනීමට මුව ආවරණ භාවිත කිරීමෙන් හැකි බව බ්‍රිතාන්‍යයේ සිදුකළ නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙන බව 'නෙත් නිව්ස්' වාර්තා කරයි.

පර්යේෂකයින් පවසන්නේ මුව ආවරණ භාවිතය හේතුවෙන් කොවිඩ් අවදානම සියයට 53 කින් අඩුවන බවයි.

මුව ආවරණ භාවිතය සම්බන්ධයෙන් ලොව සිදුකළ පළමු ප්‍රධාන අධ්‍යයනය මෙය වේ. එය සිදුකර ඇත්තේ එන්නත්කරණය සාර්ථකව සිදුවූ රටවල පවා නැවතත් කොවිඩ් හිස එසවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

 එහිදී හෙළිවී ඇත්තේ එන්නත්කරණයේ විශ්වාසය මත බොහෝ රටවල් සීමා ඉවත් කිරීම වඩාත් අවදානම් වී ඇති බවයි.


යුරෝපයේ නැවතත් : ඔස්ට්‍රියාව ලොක්ඩවුන්


යුරෝපයේ සමහර රටවල් වල මේ වන විට කොවිඩ් වෛරසය නැවතත් හිස ඔසවමින් තිබෙන බව වාර්තා වේ.

යළි කොවිඩ් ව්‍යාප්තවීම හේතුවෙන් ලබන සඳුදා සිට දින 20ක් රට මුළුමනින්ම වසාදැමීමට ඔස්ට්‍රියාව තීරණය කර තිබේ. ඔස්ට්‍රියාව ඊයේ මෙම තීරණය ගෙන ඇත්තේ යුරෝපයේ ඇති සීග්‍ර කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනි.

එසේම කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් පිරිසට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගැනීමට ද එරට තීරණය කර ඇති බව වාර්තා වුණි.


ග්‍රීක අගමැතිවරයාගෙන් නිවේදනයක් : වැඩිම ආසාදිතයින් ජර්මනියෙන්


මේ අතර කලාපයේ සෙසු රටවල් අනුව යමින් එන්නත් ලබානොගත් පිරිස් හුදකලා කිරීමට ග්‍රීසිය තීරණය කර තිබේ.

ග්‍රීක අගමැතිවරයා නිවේදනය කළේ, ලබන සතියේ සිට, එන්නත් ලබානොගත් පිරිසට සිනමාහල්, අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන වෙත ඇතුළුවීමට තහනම් කරන බවය.

වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා එන්නත් ලබානොගත් පිරිසට දැඩි සමාජ සීමා පැනවීමට ජර්මනිය තීරණය කර තිබේ. ගෙවුණු දිනයේදී වැඩිම ආසාදිතයින් වාර්තාවූ යුරෝපා රාජ්‍යය ජර්මනිය වේ. එරටින් ඊයේ වාර්තාවූ ආසාදිතයින් ගණන 65,000කට ආසන්නය.

LEADER TV

මෙහෙමත් බූරුවෙක් ! | මොණරවිලගේ ලියමන
 



'සඳහිරුසෑ' යුද ස්මාරකය අගමැතිට අපලයක් වෙයි ?
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්