මෙරට පරිණත දේශපාලනඥයකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර සිය දිවි සැරියෙන් සමුගෙන අද දිනට (24) තෙමසක් පූර්ණය වන අතර කෝවිඩ්

වාතාවරණය නිසා ඔහුට අවසන් බුහුමන් දැක්වීමට නොහැකි වූ හිතමිතුරන් හට ඊට අවස්ථාවක් ලබාදීමට 'සමරවීර පදනම' විසින් කටයුතු යොදා ඇත.

ඒ අනුව දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ භෂ්මාවශේෂ හෙට (නොවැ 25) පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, අංක 483  දරන ‘’රෙස්පෙක්ට්’’ ජයරත්න ප්‍රභූ මල්ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ඇත.

එසේම, නොවැ . 26 දින මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ මහජන ගෞරවය සඳහා මාතර නූපේ පැරණි ඕලන්ද වෙළඳ පොළ ගොඩනැගිලි පරිශ්‍රයේ තැන්පත් කරනු ඇත. අනතුරුව පස්වරු 4.00 ට එම භෂ්මාවශේෂ මාතර  අනගාරික ධර්මපාල මාවත හා හක්මණ පාර ඔස්සේ මාතර පොදු සුසාන භූමිය දක්වා රැගෙන ගොස් තැන්පත් කරනු ඇත.

 2021 නොවැම්බර් මස 25 සහ 26 යන දෙදින තුළ පුද්ගලිකව පැමිණ ගෞරව දැක්වීමට පැමිණෙන සියලු දෙනා කොවිඩ් ආරක්ෂණ නීති රීති අනුගමනය කරන ලෙස 'සමරවීර පදනම' වෙනුවෙන් ජයන්ත සමරවීර ගුණවර්ධන කාරුණිකව ඉල්ලා සිටියි.

259823416 371658467982656 2898869549219221579 n258578529 371658551315981 2157963806534410944 n248054759 371658561315980 9192563918400124194 n


''මංගල කියන්නේ අලුතෙන් හිතපු කෙනෙක්. දේශපාලනය අලුත් කරපු කෙනෙක්.''


මංගල සමරවීර කියන්නේ අලුතෙන් හිතපු කෙනෙකු මෙන්ම දේශපාලන අලුත් කරපු කෙනෙක් බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසයි.  ඔහු එබව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමිනි. එහි මෙසේ සඳහන් වේ.

''මට මංගල සමරවීර කියන්නේ දේශපාලනඥයෙක් විතරක් නෙවෙයි මිත්‍රයෙක්. දේශපාලනයේ උසස්ම තනතුරුවල මංගල සමරවීර හිටියා. ජනාධිපතිවරු ඇති නැති කරපු පුද්ගලයෙක් එයාගේ දේශපාලනයේදී. අමාත්‍යංශ ගණනාවකම හිටියා. මුදල් අමාත්‍යංශය, විදේශ අමාත්‍යංශය, ඒ වගේම නාගරික සංවර්ධන අමාත්‍යංශය තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය වැනි අමාත්‍යංශවල හිටියා. විශේෂයෙන්ම ඔහු විදුලි සංදේශ අමාත්‍යවරයා විදියට ඉන්නකොට ඔහු ලොකු වෙනසක් කළා.

 

ඔහුට විදේශ ආයෝජන ගේන්න පුළුවන් වුණා. අලුත් තාක්ෂණය ගේන්න පුළුවන් වුණා. ඒ වගේම හැම ජන කොටසක්ම එකතු කරන්න, වෘත්තීය සමිති එකතු කරලා ලොකු වෙනසක් කරලා අද අපිට තියෙන තාක්ෂණය අපේ සාක්කුවේ මොබයිල් ෆෝන් එක , අන්තර්ජාලය  මේ හැම එකක්ම කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ නවීන ලෝකයට ඇතුළු වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මංගල සමරවීර කියන පුද්ගලයා නිසයි.

 

මුදල් අමාත්‍යංශයේ මට අවස්ථාව තිබුණා මංගල එක්ක එකට වැඩ කරන්න. තීරණ ගන්න බය වුණේ නැහැ. හුඟක් වෙලාවට අපි දේශපාලනඥයෝ තීරණ ගන්නකොට අපි ඡන්දෙ බලාගෙන තීරණ ගන්නවා මිසක් රටට හොඳ තීරණ ගන්නේ නැහැ.

රටේ ආදායම අඩුවෙලා තිබුණ වෙලාවේ මංගල මොකද කළේ? අපි රටේ ආදායම වැඩි කරමු කියලා මොකද රටේ ආදායම වැඩි කිරීම තුළින් බදු හරහා තමයි සමාජ සාධාරණය ඉෂ්ඨ වෙන්නේ. ඒ ක්‍රමයට දුප්පත් මිනිස්සුන්ට අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්ෂාව දෙන්න පුළුවන්. මංගල ඒකට බය වුණේ නැහැ. මංගල ඒ දේ කළා. මංගල කියන්නේ නිර්භීත දේශපාලනඥයෙක් කියලා කියන්න ඕනේ.

හැබැයි ඒ විතරක් නෙවෙයි. මංගල කියන පුද්ගලයා ගැන මං වචනයක් කියන්න ඕනේ. එතකොට මම මුදල් රාජ්‍ය ඇමතිවරයා විදියට හිටියේ. දවසක් මම මංගල එක්ක වාහනේ ගෝල්ෆේස් එක පහුකරගෙන එනවා. එතකොට ගෝල්ෆේස් එකේ තල්ගස් තිබුණා. බලනකොට එතන හිටවලා තිබුණ ඒ තල්ගස්  ගලවනවා. මම මංගලගෙන් ඇහුවා '' මොකක්ද මංගල මෙතන වෙන්නේ?'' කියලා. ඔහු කිව්වා, ''මම නාගරික සංවර්ධන ඇමති වෙලා ඉන්න කාලේ මමයි මේ තල්ගස් මෙතන දැම්මේ''. මමත් අහලා බැලුවා හොයලා බැලුවා බලනකොට කිව්වා මේවා උතුරේ තියෙන ගස්. ඒ නිසා මේවා මෙතනට දාන්න ඕනේ නැහැ ගලවනවා කියලා.

මංගල මට මෙහෙම කිව්වා.


'' මේ රටේ සටනක් තිබුණා. උතුරුකරය ශ්‍රී ලංකාවෙන් වෙන් කරලා වෙනත් රාජ්‍යයක් පිහිටුවන්න. මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මේක එක රටක් එක භූමියක්  අපි එක මිනිස්සු ජාතියක්. උතුරේ තියෙන තල් ගහත් අපේ ගහක් ඉරාන් අපේ ගහක්. අපේ ගහක් අපේ අගනුවර පැළ කරන එකේ මොකක්ද තියෙන වරද? මේ මිනිස්සුන්ට ඒකවත් තේරෙන්නේ නැහැ''.

මංගල සමරවීර කියන්නේ අලුතෙන් හිතපු කෙනෙක්. දේශපාලනය අලුත් කරපු කෙනෙක්.

 
 



THE  LEADER  TV


ඇගෙන් වැඩ මොළේ වැඩ නෑ! | මොණරවිලගේ ලියමන
 

ඇමති නොනලටත් මහින්ද බයිට්!

.
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්