මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නොහොත් මාතර කැකණදුර ⁣පදිංචි

ටින්කරින් ලසන්ත නැමැත්තා කළුතර උතුර දියගමදී පොලිස් පහරින් මිය ගිය බව මිය ගිය බව පොලිසිය කියයි.

අපරාධ රැසකට සම්බන්ධ අයකු ලෙස සැලකෙන සන්සයින් සුදා නමැත්තා දික්වැල්ලේ දී ඝාතනයේ කිරීමේ ප්‍රධාන සැකකරු බව කියන ලසන්ත නමැත්තා මාතර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු මිනීමැරුම් ඇතුළු අපරාධ 13 සම්බන්ධ වූවකු බව පොලිසිය සඳහන් කරයි

සැකකරු සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය කළුතර උතුර දියගම ප්‍රදේශයේ සඟවා තබා ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා පොලිස් නිලධාරීන් සමඟ ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැනීමට කළ උත්සාහයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව පොලිසිය පවසයි.


මරන්න ගෙනියන බව සමාජ මාධ්‍ය ලොවටම කියයි
 
පොලිස් අත්අඩංගුවේ පසුවන හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා ඊයේ රාත්‍රීයේ ඝාතනය කිරීමට නියමිත බව විදෙස් හි සිට ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ගණනාවක් ම ඊයේ (25) පස්වරුවේ සිටම අනාවරණය කරමින් තිබිණ. 

කළුතර දූෂණ මර්දන ඒකකය මගින් බොරු චෝදනා මත ආයුධ දමා මෙම සැකකරු ඝාතනයට සැලසුම් කර ඇති බවත්, ඊයේ මෙම තරුණයා පොලිස් කූඩුවෙන් රැගෙන ගොස් ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

'කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ , ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ ඊයේ සවස මෙවැනි සටහනක් පළකර තිබිණ.

''පොලිස් අත්අඩංගුවේ සිටින සැකකාර මාතර තරුණයෙක්ව කලුතර දූෂණ මර්ධන ඒකකයෙන් "ආයුධ පෙන්න" එක්කගෙන යන්න හදන්නෙ. විරුද්ධ වන්න!''

rtrt

අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද වහාම මේ සම්බන්ධයෙන් මැදිහත්වන්නැයි පොලිස්පතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබිණ.  එවැනි බලපෑම් එල්ල වුවද පොලිස් අත්අඩංගුවේ සිටි මෙම සැකකරු ඝාතනය වී තිබේ.
 

 

 


 

THE  LEADER  TV
 

2024 දී පොහොට්ටුවේ කැරැට්ටුව ?
 

 
 
අගමැති නිකමෙක් ලු ! | The Leader TV
 

 
 
අයියගෙයි මල්ලිගෙයි මරු කාන්තා විමුක්තිය ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්