leader s


යුද වැදී මළ’වුන් සඳහා අදට යොදාගෙන ඇති අනුස්මරණ කෝවිල්වල පැවැත්වීමට වන්නියේ උසාවියක් අවසර දුන් පසු හිටපු මන්ත්‍රීවරයකු කේක් කපා LTTE නායකයාගේ උපන් දිනය සමරා තිබේ.


 සැමරුම් සඳහා කලින් පැනවූ තහනම යළි සලකා බලන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දෙමළ ජාතික පක්ෂයේ නායක එම්.කේ. සිවාජිලිංගම් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් කිළිනොච්චි අධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබිණි.

 මෙම පෙත්සම යොමු කර තිබුනේ දෙමළ මහවිරු සැමරුම් තහනම් කරමින් පුද්ගලයින් 51 දෙනකුට එරෙහිව කිලිනොච්චි පොලිසිය විසින් ලබා ගත් නියෝගය අභියෝගයට ලක් කරමිනි.



 පැය තුනක විවාදයකින් පසුව කිළිනොච්චි මහේස්ත්‍රාත් එස් ලෙනින්කුමාර් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ පොදු ස්ථාන වලදී හැර දේවාල වැනි ආගමික ස්ථාන වල පහන් දල්වා මියගියවුන් සිහිකළ හැකි බවයි. මන්නාරමේ ආගමික සිද්ධස්ථානවල සැමරුම් පැවැත්වීම තහනම් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමද  අධිකරණය විසින් බැහැර කර තිබුණි.



වන්නි ප්‍රදේශයේ වාර්තාකරුවන් පවසන්නේ කනගපුරම්, විසුවමඩු සහ මුලන්ගාල් හි පිහිටි මහවිරු සුසාන භූමි මුල් කරගනිමින් සැමරුම් උත්සව 2017 සහ 2018 වසර වලදී කිසිදු බාධාවකින් පැවතිය ද, මෙවර උසාවි තහනම් නියෝග ලබා ගත් පොලිසිය හා හමුදාව ඒ අසල රැකවල් ලා සිටින බවයි.

 නොවැම්බර් 26 දාට යෙදී තිබුණු දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් උසාවිය ඉදිරිපිට දී කේක් කපා,''අද හොඳ දවසක්,සතුටින් සමරන්න ඕනෑ,'' යැයි කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සිවාජිලිංගම්  විසින් රැස්ව සිටි සැමට පිළිගැන්වූ බව ප්‍රදේශයේ වාර්තාකරුවෝ සඳහන් කරති.

 ''මහවිරු සොහොන් අසල හමුදාව පොලිසිය මුර කරගෙන ඉන්නවා අපිට අපේ මියගිය අය සිහිකරන්න දෙන්නේ නැතුව, දැන් අපිට තියෙන්නේ පොදු ස්ථාන වලදීත්, දේවාල වලදීත් ඒ සැමරුම් කරන්න,'' යැයි සිවාජිලිංගම් පවසයි.

 ඔහු පවසන්නේ නොවැම්බර් 27 වැනිදා ලොව පුරා දෙමළ ජනයා එකම මොහොතක තම මියගිය විරුවන් සැමරීම ඉතාමත් වැදගත් කටයුත්තක් ලෙස සලකන බවය.

 

Anna 12 1

 

THE  LEADER  TV

 

බීප්... බීප්... ජාතකය ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
 
කුම්බලාවෝ කෑවානම් විඳවාපං බළලෝ... මෛත්‍රී ‌ස'ගේ තුනෙන් දෙක පෙන්නයි !! | Gossip
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්