leader s

දෙමළ මහවිරු සැමරුම නගරයේ පොදු උද්‍යානයක පැවැත්වීමට වැල්වැටිතුරේ නගර සභාව තීරණය කර තිබේ.

වැල්වැටිතුරේ තීරුවිල් උද්‍යානය මහවිරු සැමරුම සදහා වෙන්කොට ඇත්තේ යෝජනාවක් සම්මත කර ගැනීමෙනි.

කෝවිඩ් 19 සෞඛ්‍ය නීති රෙගුලාසි අනුව අද [27] දිනයේ මහවිරු සැමරුම පැවැත්වීමට නියමිතය.

මහවිරු සොහොන්වලට හමුදා හා පොලිසිය දැඩි රැකවල් යොදා ඇති බැවින් පොදු ස්ථාන වල හෝ කෝවිල් වල සැමරුම් පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දෙමළ ජාතික පක්ෂයේ නායක එම්.කේ. සිවාජිලිංගම් විසින් වැල්වැටිතුරේ නගර සභාවෙන් ඉල්ලීමක් කර තිබිණි.

පොලිසිය මිට විරුද්ධ විය හැකි බව පවසමින් මුලින් ඒ සදහා අවසර ලබා නොදුන් නගර සභාව පසුව නගර සභිකයන්ගේ විශේෂ රැස්වීමක් කැඳවා මහවිරු සැමරුම වෙනුවෙන් පොදු ස්ථානයක් වෙන් කර තිබේ.

''`උදේ 8 සිට රාත්‍රී 8 දක්වා මහවිරු සැමරුම පැවැත්වෙනවා'' යැයි පවසන සිවාජිලිංගම් ඉල්ලා සිටින්නේ, ''දේශපාලන නියෝජිතයන්, ක්‍රියාධරයන් ඇස් කන් පියා නොසිට පොදු හෝ පෞද්ගලික ස්ථානයක දී  විරුවන් සමරන,'' ලෙසයි. 
 
THE  LEADER  TV

 

බීප්... බීප්... ජාතකය ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
 
කුම්බලාවෝ කෑවානම් විඳවාපං බළලෝ... මෛත්‍රී ‌ස'ගේ තුනෙන් දෙක පෙන්නයි !! | Gossip
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්