leader s

ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ 'වියත්මඟ' සංවිධානය විසින් කෙටුම්පත් කර ඇති ප්‍රතිපත්තිමය සැලැස්ම

සැප්තැම්බර් මස 08 දා පස්වරු 4.30ට කොළඹ ශේන්ග්‍රී ලා හෝටලයේදී එළිදැක්වීමට කටයුතු යොදා ඇත. 

මෙසේ 'වියත්මඟ' ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වන්නේ පොහොට්ටු පක්ෂය විසින් ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් මේවනවිට කෙටුම්පත් කරමින් සිටියදීය. මුස්ලිම් සහ දෙමළ අන්තවාදීන් ලෙස හංවඩු ගැසූ පක්ෂවලත් ශ්‍රීලනිපයෙත් සහය අපේක්ෂාවෙන් යුතුව බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම මත එම ප්‍රතිපත්ති කෙටුම්පත් කෙටුම්පත් කරමින් සිටින්නේ ජ්‍යෙෂඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත ප්‍රමුඛ විද්වත් කණ්ඩායමක් විසිනි.

gota maga     

ගෝඨාගෙන් මහජනයා ඉල්ලන්නේ කුමක්ද?

මේ අතර ගෝඨාබයගේ අනාගත ප්‍රතිපත්ති කෙසේ සකස්විය යුතු දැයි පුළුල් විග්‍රහයක යෙදෙන විමල් විරවංශගේ පක්ෂයේ ප්‍රධානියකු වන වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර පවසන්නේ, ඊනියා නව ලිබරල් චින්තකයින්ගේ නාගරික ඉදිකිරීම් මුල් කරගත් සංවර්ධන මොඩලය වෙනුවට බහුතර ජනතාවට ආර්ථික ඉඩ ප්‍රස්ථාර ලැබෙන දේශීය කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාවය මුල් කරගත් ජාතික නිෂ්පාදන ආර්ථික මොඩලයක් තමා විසින් තෝරන බව ගෝඨාබය රාජපක්ෂ නොබියව කිව යුතු බවයි.                                                                 Gota text 01 .09

ගෝඨාගෙන් මහජනයා ඉල්ලන්නේ කුමක්ද? යන මාතෘකාවෙන් යුතුව වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර විසින් පළකර ඇති ලිපියක මෙසේද සඳහන් වේ.             
 
''ගෝඨාබය ජාතික ආරක්ෂාව රකින බව පමණක් කීම ජනතාවට විශේෂයක් නොවේ. ඒ එය ඕනෑම පාලකයෙකුට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීමක් බැවිනි. ඊට අමතරව ගෝඨාභය නම් වූ පාලකයා ජාතික ආරක්ෂාව රැකීමට මුල්තැන දෙන බව ජනතාවට අමුතුවෙන් කිවයුතු නැත. 


ජනතාවගේ වචනයෙන් ගෝඨා අවශ්‍ය වන්නේ ආණ්ඩුව කරන දේ නැවැත්වීමට පමණක් නොවේ, විපක්ෂය නොකියන දේ කීමට සහ කියන දේ ඇත්තටම කරන බවට විශ්වාසය හැදීමටය. ජනතාව තුළ අපේක්ෂා ජනිත කළ හැක්කේ ඒ මඟින් පමණි.


 Gota text 02.01
තනි පක්ෂයකින් අපේක්ෂයෙකු ලෙස පෙනී සිටීම වෙනුවට:

පළමුවෙන්ම උගුරට හොරා බෙහෙත් බීමට උත්සහ නොකර ඉස්ලාම් අන්තවාදීන් සමඟ සෘජුව හෝ වක්‍රව හඳුනාගන්නා කිසිවෙකු සමඟ සන්ධානගත නොවන බව සහ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වන්දි ගෙවු ජනතාවට සාධාරනය ඉටු කරන බව සහ වැරදි කරුවන් සියල්ලට තරාතිරම නොබලා දඬුවම් කිරීම තමාගේ ප්‍රථම රාජකාරිය බව උස් හඬින් කිව යුතු ය. 

ජනතාව ඉල්ලන්නේ 56 මෙන් සමාජ පෙරළියකි. ඒ සඳහා මහා ජාතිකවාදී වාමවාදී දේශපාලන සන්ධානයක් අවශ්‍ය වේ. ඒ නිසා තනි පක්ෂයකින් අපේක්ෂයෙකු ලෙස පෙනී සිටීම වෙනුවට මහා ජාතික සන්ධානයකින් ඉදිරිපත් වන ජාතියේ පොදු අපේක්ෂකයා බවට පත් විය යුතු ය. කොළ, නිල්, රතු නොබලා ජාතිය වෙනුවෙන් මෙවර ඡන්දය පාවිච්චි කළ යුතුයි යන මතය ජනතාවට කාවදින්නේ එවිටය.

ජනාධිපතිවරණය දක්වා හිදැස් පිරවීමට “ ඉවෙන්ට්ස් ” තේරීම වෙනුවට ජනතාව පෙළගස්වන උපාය මාර්ගික ප්‍රවේශය තේරිය යුතුය. '' 

ඇමරිකානු විරෝධය අතට ගැනීම !                                                                                   Gota text3 .01

ඇමරිකානු මැදිහත්වීම් සම්බන්ධයෙන් ගෝඨාබයගේ පාර්ශවයේ නිහැඬියාව සම්බන්ධයෙන් විවේචනයක යෙදෙන වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර සිය ලිපියේ ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර ඇත.

'' ශ්‍රී ලංකාව ඇමරිකාවේ දාස රාජ්‍යයක් බවට පත් කිරිම සඳහා ගෙන එන ගිවිසුම් ත්‍රිත්වය පිළිබඳවද විපක්ෂය මුනිවත රකිති. එනම් ආණ්ඩුව යන පාරේම විපක්ෂයද ගමන් කරන බවක් පෙන්වති.

එසේ නම් සහරාන්ලාගේ පිටේ බෝම්බ බැඳ තිබුණත් ඒවා පත්තු කරන්නේ පෙන්ටගනයේ උවමනාවන්ට අනුව දුරස්ථ පාලකයකින් බවට වන සාක්ෂි සහිත සත්‍යය ජනතාවට පැහැදිලි කරන්නේ කවුද? 

රටේ වරායවල් සහ ජනතාව සතු ඉඩම් විදේශීය සමාගම් වලට අත්පත් කර ගත හැකි ආකාරයට රටේ සමස්ථ නීති පද්ධතිය විදේශිකයන්ට උවමනා ආකාරයට කණපිට හැරවිමට ආණ්ඩුවට ධෛර් ය ලැබෙන්නේ විපක්ෂයේ මුනිවත නිසා නොවේද? ''


වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාරගේ සමස්ත විග්‍රහය මෙතනින් 



 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්