මාරාන්තික වසංගතය පාලනය සදහා කරනු ලබන කෝවිඩ් එන්නත් වෙළෙඳාමේ අයිතිය අතිශයින් සීමාකොට පැවතීම නිසා තුන්වන ලෝකයේ රටවල සිදුවන මරණ වැලැක්වීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගෙන්

කරන ජාත්‍යන්තර ඉල්ලීමකට ශ්‍රී ලංකාවේ හෙද සමිතිද එක්වී සිටී.

එක්සත් රාජධානිය, යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් විසින්, කොවිඩ් එන්නත් සඳහා වන පේටන්ට් බලපත්‍ර තාවකාලිකව හෝ අත්හැරීම ප්‍රතික්ෂේප කර තිබීම නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල් වල විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වී ඇති බව ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් 28 ක හෙද සංගම් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියාචනයක් යොමු කරමින් අවධාරණය  කර ඇත.

“දේශපාලන අකර්මන්‍යතාවය හේතුවෙන් ඇති වූ මරණ විශ්මයජනක සංඛ්‍යාවක් සහ අතිමහත් දුක් වේදනා” සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩලය ලෙස තමන් සාක්ෂි දරන බව, ලක්ෂ 25 කට වැඩි සෞඛ්‍ය සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති එම සංදේශය යොමු කර ඇත්තේ මේ සතිය මුලදීය.



එන්නත් සම්බන්ධයෙන් වන බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ නීති රීති ලිහිල් කිරීම ඇතැම් රටවල් විසින් ප්‍රතික්ෂේප කිරීම මඟින්, “එන්නත් වර්ණබේදවාදයකට” දායක වී ඇති අතර, ඒ අනුව ධනවත් රටවල් විසින් අවම වශයෙන් බිලියන 7 ක එන්නත් මාත්‍රාවන් තමන් සතු කර ගනිද්දී, අඩු ආදායම් ලබන රටවලට ලැබී ඇත්තේ එන්නත් මාත්‍රා මිලියන 300 ක් පමණක් වන බවත් වෘත්තිය සමිති නායකයෝ පෙන්වා දී තිබේ.



මෙවැනි එන්නත් බෙදා හැරීමක් “අතිශයින් අසාධාරණ” වනවා පමණක් නොව, සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ කෝවිඩ් බහුලව සම්ප්‍රේෂණය වීම හේතුවෙන් නව ප්‍රභේද මතු වීමේ අවදානම ද වැඩි වන බව ඔවුහු අවධාරණය කරති.

දැනට හඳුනාගත් නවතම කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රෝන් (Omicron), පසුගිය සතියේ දකුණු අප්‍රිකාවේදී ප්‍රථම වරට හඳුනාගත් අතර, ඒ  හේතුවෙන් එක්සත් රාජධානිය ඇතුළු තවත් රටවල් වලට සංචාරක සීමා සහ වෙනත් නීති දැඩි කිරීමට සිදු වී තිබේ.



ට්‍රිප්ස් (Trips)  යනුවෙන් හැඳින්වෙන බුද්ධිමය දේපල හිමිකම් ගිවිසුමේ බහුජාතික වෙළඳාමට අදාළ අංශ ඉවත් කිරීම මගින් එන්නත් සඳහා වන ප්‍රවේශය වැඩි කිරීමට තමන්ට උපකාර කරන ලෙස, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ලෝක වෙළඳ සංවිධානයට (WTO) දිගින් දිගටම බලපෑම් කරමින් සිටී.




Trips ගිවිසුම අනුව එන්නත් සඳහා පනවා ඇති සීමා තාවකාලිකව අත්හැරීම මඟින්, ගෝලීය එන්නත් ව්‍යාප්තිය වැඩිදියුණු කරමින් වඩාත් පුළුල් ලෙස නිෂ්පාදනය කිරීමට ඉඩ සැලසෙනු ඇති බවට මෙම ඉල්ලීමට සහාය දක්වන්නෝ පවසති.

ඔමික්‍රෝන් ප්‍රභේදය මතුවීමත් සමඟම, පසුගිය සිකුරාදා දින එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් ලෝක වෙළඳ සංවිධානයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ, බුද්ධිමය දේපල නීති ලිහිල් කිරීමට අදාල මෙම පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි. නමුත් අනෙක් රටවල් ඊට විරුද්ධ වී තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව පුරා අවම වශයෙන් වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා නිලධාරීන් 115,000 ක් පමණ මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා හෙලි කරයි.

සාමාන්‍යයෙන් සෞඛ්‍ය නිලධාරීන්ගෙන් 40%ක් දැනට ලෝකය පුරා සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් ඇති නමුත්, අප්‍රිකාවේ සහ බටහිර ශාන්තිකර කලාපයේ මෙම අගය 10න් එකකටත් වඩා අඩු බව මෙම ලිපිය මඟින් පෙන්වා දෙයි.


“බුද්ධිමය දේපල හිමිකම් ගිවිසුමේ බහුජාතික වෙළඳාමට අදාළ, කොවිඩ් එන්නත් සඳහා වන ප්‍රතිපාදන අතහැරීම ප්‍රමාද වීමේ බලපෑම හේතුවෙන්, ලබාගත හැකි ඉහළම ශාරීරික හා මානසික සෞඛ්‍යය තත්වයන් භුක්ති විඳීමට සෑම පුද්ගලයෙකුටම ඇති අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව සාක්ෂි දීමට, ඉදිරිපෙළ සේවකයන් වශයෙන් අපි හොඳින්ම සූදානම් වී සිටිමු,” යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කළ ලිපිය මඟින් සුව සේවයේ වෘත්තිය සමිති අනතුරු අඟවා තිබේ.



මෙම ලිපිය, ශාරීරික හා මානසික සෞඛ්‍යය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ට්ලැලෙං මොෆොකෙං වෙත යොමු කර ඇත.

වෛද්‍ය  මොෆොකෙං පවසා ඇත්තේ පේටන්ට් බලපත්‍ර අත්හැරීම සඳහා කෙරෙන ඉල්ලීමට තමනුත් එකඟ වන බවයි.

වසංගත සමය තුළ සෞඛ්‍ය සේවකයන් විසින් ඉටු කර ඇති කාර්යභාරය සළකා බැලූ කල, මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් වීමට “සදාචාරාත්මක අධිකාරියක් ඔවුන් සතු” බව ඇය තවදුරටත් පවසා තිබේ.

දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, කොස්ටාරිකා, කුරකාඕ, ඩොමිනිකන් ජනරජය, ග්‍රීසිය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඊශ්‍රායලය, ඉතාලිය, කෙන්යාව, මලාවි, නවසීලන්තය, පැරගුවේ, පිලිපීනය, පෘතුගාලය, රුවන්ඩාව, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ශ්‍රී ලංකාව, තායිවානය, උගන්ඩාව සහ උරුගුවේ යන රටවල හෙද නිලධාරීන් සහ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල නියෝජනය කරන වෘත්තීය සමිති මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට එකතු වී තිබේ.



“බහුජාතික සමාගම්වල ලාභයට වඩා ජනතාවගේ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීම සඳහා එන්නත් සම්බන්ධයෙන් වන බුද්ධිමය දේපල බලපත්‍ර අත්හැරීම සඳහා  ලෝකයේ ආණ්ඩු විසින් පියවර ගත යුතු කාලය දැනටමක් ඉක්ම ගොස් ඇති” බව බ්‍රසීලයේ ජාතික හෙද සම්මේලනයේ උප සභාපති ෂර්ලි මාෂල් ඩයස් මොරාලස් පවසයි.

 
THE  LEADER  TV
 
 
ගොංකම කියන්නෙ පුපුරණ එකක් ! | මොණරවිලගේ ලියමන
 

 
 
රත්තරන් හොරා කෑ ඇමතිගේ ගෝලයා!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්