නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට වෑයම් කරන පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් විසඳීමක් ලබාදීමට උතුරු පළාත් ආණ්ඩුකාරයා

අසමත් වූ බවට චෝදනා එල්ල වී තිබේ.

යාපනය මාදගල් නැගෙනහිර සහ බටහිර ප්‍රදේශයේ ඔප්පු සතු ඉඩම් හිමියන් සමඟ ඊයේ පෙරවරුවේ පැවති සාකච්ජාවේදී ස්ථිර විසදුමක් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා විසින් ඉදිරි පත් නොකළ බව ප්‍රදේශයේ මාධ්‍යවේදීහු පවසති.

දැනට ඉඩම් ඔප්පු  නොමැති, සැලකිය යුතු කාලයක් ඒවායේ පදිංචි වී සිටී අය ගැන ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කරන බව ආණ්ඩුකාර ත්‍යාගරාජා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී ඊයේ [1] පැවති විරෝධතාවයේදී මාදගල් ප්‍රදේශයේ ජනතාව චෝදනා කළේ තම ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට නාවික හමුදාව දරන උත්හසාහයන්ට ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා ත් සහාය පළ කරන බවයි.

 

''නාවික හමුදාවට ඉඩම් පවරා ගන්න මම සහාය දෙන්නේ නැහැ. මේක මාධ්‍ය මගින් කළ විකෘති කතාවක්,'' යැයි එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් අද [2] දිනයේ ඔහු අවධාරණය කළේය.

 

ඉඩම් පවරා ගැනිම වෙනුවෙන් මැනීමේ කටයුතු සදහා පැමිණෙන නිලධාරීන්ට බාධා පමුණුවන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ආණ්ඩුකාර වරයා සිදු කර තිබෙන ප්‍රකාශයක් ඔහුට එම චෝදනාව  එල්ල වීමට හේතු වූ බව ප්‍රදේශයේ මාධ්‍යවේදියෝ පවසති.

මානුෂීය නියෝජිතායතන සාමුහිකයේ (CHA) ප්‍රධානී ධුරයද හොබවන්නේ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා ය.

මේ සතියේ ආරම්භක දින දෙක තුලදී යාපනයේ, මාදගල් නැගෙනහිර හා බටහිර ප්‍රදේශයන්හි ස්ථාන තුනක දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් නාවික හමුදා කඳවුරු පුළුල් කිරීම සදහා බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට දැරු උත්සාහයන් සියල්ල සාර්ථක නොවුයේ ප්‍රදේශයේ දේශපාලනඥයන් සමග මාදගල් ජනයා දැක්වූ විරෝධය හේතුවෙනි.

දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් නාවික හමුදා කදවුරු පුළුල් කර ගැනිම සදහා බලහත්කාරයෙන් අත්පත්කරගැනීමේ උත්සාහයන් රැසක්ම ගැන පසුගිය සමයේ මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

 



සබැඳි පුවත් :


උතුරේ ආණ්ඩුකාරයා ඉඩම් කොල්ලයට අනුබල දීලා !  

අවි බලෙන් ඉඩම් ඇල්ලීමේ හමුදා වෑයම ජන බලයෙන් පස්සට


THE  LEADER  TV
 
 
 
ගෑස් සිලින්ඩරයක් පුරවගන්න බැරි අමන මරි ආණ්ඩුවක් ! 
 
 
  
සර් ශ්‍රීලනිපය ගියත් හතුරා තවම ඇතුළේ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්