ඉඩම් බලතල පළාත් සභාවලට ලබා දෙන ලෙස උතුරු නැගෙනහිරින් දිගටම සිදු කෙරන ඉල්ලීම් ජාත්‍යන්තර අවධානය දිනා ගනිද්දී, ජනාධිපතිවරයාගේ උතුරේ නියෝජිතයා ඉඩම් කොල්ලයකට අනු බල දෙන බවට චෝදනා
එල්ල වී තිබේ.

 උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී දෙසැම්බර් 1 වැනි බදාදා විරෝධතාවයක් දියත් කරමින් යාපනයේ, මාදගල් ප්‍රදේශයේ ජනතාව චෝදනා කළේ තම ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට නාවික හමුදාව දරන උත්සාහයන්ට උතුරු පළාත් ආණ්ඩුකාරයාත් සහාය පළ කරන බවයි.

මානුෂීය නියෝජිතායතන සාමුහිකයේ (CHA) ප්‍රධානී ධුරයද හොබවන්නේ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා ය.




ඉඩම් පවරා ගැනිම වෙනුවෙන් මැනීමේ කටයුතු සදහා පැමිණෙන නිලධාරීන්ට බාධා පමුණුවන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ආණ්ඩුකාරවරයා සිදු කර තිබෙන ප්‍රකාශයක් ඔහුට එම චෝදනාව  එල්ල වීමට හේතු වී ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.



ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ මේ සතියේ ආරම්භක දින දෙක තුලදී  යාපනයේ, මාදගල් නැගෙනහිර හා බටහිර  ස්ථාන තුනක දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් නාවික හමුදා කඳවුරු පුළුල් කිරීම සදහා  බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට දැරු උත්සාහයන් සියල්ල ප්‍රදේශයේ දේශපාලනඥයන් සමග එක්ව විරෝධතා පවත්වා පසු බැස්සවීමට මාදගල් ජනයා සමත්වීමෙන් අනතුරුවය.

ඊයේ විරෝධතාවය සදහා එක්ව සිටියේ නාවික හමුදාව අත්පත්කරගන්නට උත්සාහ දැරූ ඉඩම් වල හිමිකරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් කිහිප දෙනකු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 සිය ඉඩම් ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් ලබා දෙන බවට ආණ්ඩුකාර වරයා පොරොන්දු ලබා දී ඇතත් විවිධ හේතු ඉදිරිපත් කරමින් ඔහු  එම අවස්ථාව මගහරින බවටත් විරෝධතාකරුවෝ ඊයේ චෝදනා කර තිබේ.



JF image 02 1



පළාත් සභාවලට වැඩි බලතල හිමිවන දේශපාලන විසඳුමක් ලබාගැනීම සඳහා ආණ්ඩුවට ජාත්‍යන්තර බලපෑම් කිරීමේ අරමුණින්  දෙමළ ජාතික සන්ධානය මේ දිනවල බටහිර රටවල සංචාරයක නිරත වී සිටී.

යාපනයේ වාර්තාකරුවන් වැඩි දුරටත් අවධාරණය කරන්නේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් නාවික හමුදා කදවුරු පුළුල් කර ගැනිම සදහා බලහත්කාරයෙන් අත්පත්කරගැනීමේ උත්සාහයන් රැසක්ම පසුගිය සමයේ ක්‍රියාත්මක වු බවයි.


සබැඳි පුවත් :
අවි බලෙන් ඉඩම් ඇල්ලීමේ හමුදා වෑයම ජන බලයෙන් පස්සට

 
THE  LEADER  TV
 
 
ගොංකම කියන්නෙ පුපුරණ එකක් ! | මොණරවිලගේ ලියමන
 

 
 
රත්තරන් හොරා කෑ ඇමතිගේ ගෝලයා!
 

akd 1600x500

worky sin

නවතම පුවත්