leader s


පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර ට අත්වූ ඉරණම නැවත වතාවක් නොදකින්නට ප්‍රාර්ථනා කළ යුතු බවත්, අප රටෙහි මෝදු වෙමින් පවතින ඉස්ලාම්

අන්තවාදය යළි නොඉපදෙන පරිදි පරාජය කිරීම සඳහා මෙම විපත්තිය සම්පත්තියක් කරගත යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසති.

'එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය' විසින් නැගෙනහිර පළාතේ සිදුකෙරෙන ජනතා අදහස් විමසීම අතරතුර මුහුදු මහා විහාරයේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් මෙම විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලද්දේ පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

 



ඥානසාර හිමියන්ට කාන්තන්කුඩියේදී උණුසුම් පිළිගැනීමක්



ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පත්කළ එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා කාන්තන්කුඩිය බද්රිය්යහ් ජුම්මා පල්ලියේදී ඊයේ (4) පැවැති විශේෂ වැඩසටහනේදී මුස්ලිම් ජනතාව එම කමිටුවේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගෙන තිබිණ.

එම වැඩසටහනට එම බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය, එහි සාමාජිකයන් වන මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, අයියාම්පිල්ලෙයි දයානන්දරාජා සහ යෝගේෂ්වරී පත්ගුණරාජා මහත්ම මහක්මීහූ ද එක්ව සිටියහ.

විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා යයි ප්‍රකාශ කරමින් ජනාධිපති විසින් එම බලකාය පත්කරන ලදි.

 

 

WhatsApp Image 2021 12 05 at 12.03.30 2

WhatsApp Image 2021 12 05 at 12.03.32 1

WhatsApp Image 2021 12 05 at 12.03.27

THE  LEADER  TV

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය 

 

පිස්සුකුට්ටයා පිටුපස ඉන්න පිස්සා මැදමුලනේ !| මොණරවිලගේ ලියමන  

 

ස' Tool මාරු කරයි! ගොඩයයිද?
 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්