leader s

මුස්ලිම් කඩවලට සිංහල මිනිස්සු ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මුස්ලිම් ජනතාව ගෝඨාබය රාජපක්ෂට සහය දිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් විරවංශ මන්ත්‍රීවරයා දැනුම් දී සිටියි.

වත්මන් ආණ්ඩුව ගෙවී ගිය වසර හතරහමාර පුරාම සිදු කළේ දෙමළ-මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දීම බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය දෙමළ-මුස්ලිම් ජනතාව අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවත් පවසන විමල් වීරවංශ මන්ත්‍රීවරයා, තමන්ගේ කඩෙන් බඩු මිලදී ගැනීමට එන සිංහල මිනිසකු වෙසෙන සුරක්ෂිත රටක් උවමනා නම් එවැනි රටක් හැදීමට හැකියාව ඇති ගෝඨාබය රාජපක්ෂයන් ජනාධිපතිවරණයේදී දිනවීමට පෙරට එන ලෙස මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔහු මෙසේ පැවසුවේ පිළියන්දල නගර ශාලාවේදී පැවැති ‘රකින්නට මව්බිම එකතු වන ජනපවුර’ ජන හමුවෙහි විශේෂ දේශනය සිදු කරමිනි.


PHOTO 2019 09 01 22 18 14එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

ගෙවී ගිය වසර හතරහමාර තුළ මේ රටට බොහෝ දේ අහිමි වුණා. ප්‍රධානම දේ තමයි ජාතික ආරක්ෂාව අහිමි වීම. පසුගිය අප්‍රේල් විසිඑක්වැනිදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර සමග 400කට පමණ දිවි අහිමි වූවා පමණක් නොවෙයි ජාතික ආරක්ෂාව අහිමිව බියෙන් සලිත වූ ජනතාවක් වෙසෙන රටක් බවට මේ රට පත් වුණා. 

‘අලියා’ යළි ආවොත් මේ රට තවත් ඉරාකයක්, ලිබියාවක් බවට පත් වන බව ඔබට වැටහෙනවා ඇති. එය වැළැක්වීමට නම් ජය ගත යුතු අභියෝග දෙකක් තිබෙනවා. 

පළමුවැන්න ‘සහරාන්ලා’ නැවත හදිසි තත්වයක් හදලා, ඇමෙරිකන් හමුදාවන්ට මේ රටට ඇතුළුවීමට ඉඩකඩ හදා දෙන එක වැළැක්වීම. 

දෙවැන්න ඉහත කී ආකාරයට එළඹෙන ජනාධිපතිවරණයේදී සිංහල ජන සමාජයේ ඡන්ද තීරුවලට බෙදන්න ඉඩ නොදී ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ගෝඨාභය රාජපක්ෂයන් දිනවීමේ වගකීම අපේ දෙවුර මතට ගැනීම”


ගෝඨාගෙන් මහජනයා ඉල්ලන්නේ කුමක්ද?

 

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
Unknownමේ අතර විමල් විරවංශගේ පක්ෂයේ ප්‍රධානියකු වන වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර, විපක්ෂයේ නායකයින් පවා මුස්ලිම් ඡන්ද  ලබාගැනීම සඳහා ඔවුන්ගේ “සිත් නොරිදෙන” වචන පාවිච්චි කරමින් සිටින බවට චෝදනා කරයි. ''ගෝඨාගෙන් මහජනයා ඉල්ලන්නේ කුමක්ද?'' යන මැයෙන් යුතුව ඔහු විසින් ප්‍රකාශයට පත්කර ඇති ලියවිල්ලක එබව සඳහන් වේ.

වසන්ත බණ්ඩාරගේ ලිපියේ මෙසේද සඳහන් වේ.

'' උදාහරණයක් ලෙස විපක්ෂ නායකයින් ඉස්ලාම් අන්තවාදීන්ගේ තර්ජන වලට හෝ ඔවුන්ගේ අල්ටකියා න්‍යායට යටත් වීම නිසා කාදිනල් තුමාගේ ප්‍රකාශ පවා නොසළකාහරිමින් සහ අඩුතරමින් ලක්ෂ 9 ක් වු කතෝලික ඡන්ද තොගය පිළිබඳ අල්පමාත්‍ර සැළකිල්ලක් නොමැති ආකාරයට පරිස්සමින් වචන භාවිත කරති. ජීවිත අහිමි වු, අතපය අහිමි වූ කතෝලික බැතිමතුන්ට, දෙමාපියන් අහිමි වු දරුවන්ට යුක්තිය සාධාරණය ඉටු කරන බව සහ තරාතිරම නොබලා ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දෙන පිරිස් වලට එරෙහිව කටයුතු කරන බව සෘජුව පැවසිමට විපක්ෂය අසමත් වි ඇත. 

එනම් ආණ්ඩුව යන පාරේම විපක්ෂයත් යන බවක් මහජනයාට දක්නට ලැබේ. ශ්‍රී ලංකාව ඇමරිකාවේ දාස රාජ්‍යයක් බවට පත් කිරිම සඳහා ගෙන එන ගිවිසුම් ත්‍රිත්වය පිළිබඳවද විපක්ෂය මුනිවත රකිති. එනම් ආණ්ඩුව යන පාරේම විපක්ෂයද ගමන් කරන බවක් පෙන්වති.

 මුස්ලිම් ඡන්ද ප්‍රමාණය 10% දක්වා වැඩි කර ගත යුතුය:

ඒ මඟින් අදහස් වන්නේ ජාතිවාදි ලෙස තත්වය දෙස බැලිය යුතු බවක් හෝ සුළු ජන ඡන්ද නොසළකා හැරිය යුතු බවක් නොවේ. පසුගිය ජනාධිපතිවරණයේදි ලබාගත් මුස්ලිම් ඡන්ද වලින් 5% වූ ප්‍රමාණය 10% දක්වා වැඩි කර ගත යුතු ය. 

නමුත් අන්තවාදි ඇමතිවරුන් හරහා එය කිරීමට උත්සහ කිරීම තුළින් නැතිවන දේ පිළිබඳවද සැළකිලිමත් විය යුතුය. 

මුස්ලිම් ජනතාව සැබැ ලෙසම ජාතිවාදයෙන් ගලවා ගත හැක්කේ සහ ඔවුන්ට සාධාරණය ඉටු කළ හැක්කේ අන්තවාදින් සමඟ සන්ධානගත වීමෙන් නොවේ. දෙමළ බෙදුම්වාදී අන්තවාදයට අදාළව ද තත්වය එසේමය. 

සම්බන්ධන්ලා සමඟ සන්ධානගත වීමෙන් ඔවුන්ට ඡන්දය නෙදෙන 65% වන මධ්‍යස්ථ දෙමළ ජනතාව විශේෂයෙන්ම කුළ පිඩනයට ගොදුරු වි සිටින ජනතාව දිනාගත නොහැක. ඒ දෙපිරිසම දිනාගත හැක්කේ සෘජුව ජනතාව ඇමතීමෙන් සහ අන්තවාදි නොවන නායකයින් ඉහළට එසවීමෙනි.                                                                                                                     Wasantha text 1

නමුත් දෙමළ බෙදුම්වාදි අන්තවාදින් මෙන් නොව ඉස්ලාම් ආගමික අන්තවාදීන් බලෙන්ම විපක්ෂයේ අඟේ එල්ලිමට උත්සහ කරන බව ඉතා පැහැදිළිව පෙනේ. මන්නාරමෙන් එන ඇමතිට විරෝධය වැඩි නම් නුවරින් එන ඇමති ඇතුළට රිංගවා වැඩේ කරවා ගැනීමට අන්තවාදී බලවේග සුදානම් වන බවට කිසිඳු සැකයක් නැත. 

ඒ නිසා ජනතාවට කොකා පෙන්වා එකෙක් වෙනුවට වෙනත් අන්තවාදියෙක් ලංකර ගැනීමෙන් අතරමැදින් රිංගා යාහැකි යැයි විපක්ෂය සිතන්නේ නම් එය ඔවුන් ඉතිහාසයේ සිදු කරන බලවත්ම වරද බවට පත්විය හැක. 

එම තත්වය තුළ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සහ ඉස්ලාම් අන්තවාදින්ගේ අත්අඩංගුවේ පසුවන ආණ්ඩුවට ඊට අදාලව සෘජුව ඇඟිල්ල දිගු කිරිමෙන් තොරව ඉදිරි ජනපතිවරණයට මුහුණ දිය හැකි යැයි විපක්ෂය සිතන්නේ නම් එය බලවත් මුලාවක් වනු ඇත.

 ඒ නිසා බටහිර අන්තවාදය සහ ඉස්ලාම් මූලධර්මවාදි අන්තවාදය ආණ්ඩුවේ බූදලයක් ලෙස නිර්ලෝභීව ලියාදීමට විපක්ෂය කටයුතු කළ යුතුය. එය උපාය මාර්ගිකව ජයග්‍රහණය සඳහා වන තීරණාත්මක සාධයකි. ආණ්ඩුවේ පාපය ආණ්ඩුව පිට තබා අත සෝදා ගැනීමට විපක්ෂය විසින් ප්‍රඥාව වැඩිය යුතුය. 

තමාට නිතර උපදෙස් දෙන නාගරික මැද පංතියේ ඊනිසා විද්වතුන්ගෙන් සහ අල්ටකියා න්‍යායාචාර්ය වරුන්ගෙන් මදකට මෑත් වී මහා සමාජයට පය තබනවානම් ප්‍රඥාව ඉබේ පහළ වනු ඇත.''

 
 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්