theleaderlk 01

කවුරුවත් කියපු පළියට රැවටෙන්න එපා යයි 'වියත්මග' සංවිධානයේ කැඳවුම්කරු ජනතාවගෙන් ඉල්ලා සිටියි.


වියත්මග' සංවිධානයේ කැඳවුම්කාර, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා
එම ඉල්ලීම සිදුකලේ, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

වත්මන් දේශපාලනය පිළිබඳව බලවත් කනස්සල්ලෙන් යුතුව එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජනතාව වත්මන් දේශපාලන දැඩි ලෙස පිළිකුල් කරන බවද කියා සිටියේය.

අභ්‍යන්තර ගැටුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේද සඳහන් කළේය.

''අපට සමහර දේශපාලනඥයෝ පහර දෙනවා. සමහරු යටින් අපට බැණ බැණයනවා, කකුලෙන් අදිනවා. හැබැයි එහෙම කරලා මේ රට හදන්න බැහැ. මේ රට හදන්න පුළුවන් වෙන්නේ අපි සියළු දෙනාම මහත්මා දේශපාලනය කළොත් පමණයි. මම විශ්වාස කරනවා වර්තමාන සමාජය ඒ පරණ දේශපාලන ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරනවා. ඒක පිළිකුල් කරනවා කියලා. අපි උත්සාහ කරනවා හොඳ ක්‍රමවේදයක් මේ රටට ගේන්න.'' ඔහු සඳහන් කළේය.


එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''අපි රටක් වශයෙන් නැගී සිටීමට නම් හැම තිස්සෙම අනෙක් අයට උපකාර කළ යුතුයි. අපි ඔක්කොම එකට එකතු වුණොත් තමයි අපි ශක්තිමත් වන්නේ. මොකද අපි එකිනෙකා සමග කුලල් කා ගනිමින්, එකිනෙකාට බැණ ගනිමින්, පහත් පෙළේ දේශපාලන ගමණක් යන පිරිසක් නෙමෙයි.

 මම ගම්පහ දිස්ත්‍රීක්කයටඑනවිට දුන් එක් පොරොන්දුවක් තමයි අපි මහත්මා දේශපාලනයක් කරනවා කියන එක. ගම්පහ දිස්ත්‍රීක්කය තුළ අපි දේශපාලනය කරද්දි කිසිම කෙනෙකුට බැන්නේ නැහැ. කිසි කෙනෙක්ගේ වැරදි කිව්වේ නැහැ, කිසි කෙනෙකුට ආඩපාලි කිව්වෙ නැහැ. මම හිතන්නේ ජනතාව ඒක අගය කරපු නිසා තමයි තුන්ලක්ෂ විසිපන්දහසකට වඩා ජනතාව ඡන්දය දුන්නේ.


මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුව තුල හැසිරෙන ආකාරය නින්දා සහගත බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, එම තත්ත්වය තුල පාර්ලිමේන්තුවේ 225 ම එපා කියා ජනතාව පවසන බවත්, දේශපාලනඥයින් ගැන ජනතාව කළකිරීමෙන් කතා කරන බවත්, එම කළකිරීම දුරු කර ගැනීම සඳහා මහජන නියෝජිතයින් වැදගත් අකාරයෙන් හැසිරීම අත්‍යවශ්‍ය බවත් කියා සිටියේය.

''එක අතකට අපි කනගාටු වෙනවා තවමත් අපට පාර්ලිමේන්තුවට ඒ ආදර්ශය දෙන්න බැරිවෙලා තිබෙන එක ගැන. මොකද පහුගිය කාලේ මේ රටේ හුඟක් මිනිස්සු කිව්වා 225 ම එපා කියලා. ජනතාව කළකිරීමෙන් කතා කළා දේශපාලනඥයෝ ගැන. දේශපාලනඥයටම තමා වගකීම තිබෙන්නේ ඒ කළකිරීම දුරු කර ගැනීම සඳහා වැදගත් විදිහට හැසිරෙන්න. වර්තමාන පාර්ලිමේන්තුවෙන් ජනතාව බලාපොරොත්තු වෙනවා ඒ වැදගත් හැසිරීම.

ඒ වැදගත් හැසිරීම කිහිප දෙනෙක් නිසා අවාසනාවකට වගේ අපට තවම ඇතිකරගන්න බැරිවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ හැම කෙනෙක්ම නරකට හැසිරුණා නෙමෙයි, හැම කෙනෙක්ම රණ්ඩු දබරවලට යනවා නෙමෙයි. හැම කෙනෙක්ම අපහාස කරනවා නෙමෙයි, නමුත් මාධ්‍යවල දකින්නේ ඒ අපහාස කරන අය පමණයි. අනෙක් අය එක්ක රණ්ඩු කර ගන්න අය පමණයි. ඒ අය පමණයි මාධ්‍යවලින් පෙන්වන්නේ. ඒ නිසා ජනතාව හිතනවා සමස්ථ පාර්ලිමේන්තුව මේ වගේ කියලා. ඒකත් එක්තරා අවාසනාවන්ත තත්වයක්.

අපි හොඳ දෙයක් කතා කළහම වැදගත් විදිහට පාර්ලිමේන්තුවේ හැසිරුණහම ඒවා මධ්‍යවලින් පෙන්වන්නේ නැහැ. ඒක නිසා ජනතාව තුළ තවමත් අර නරක මතය තිබෙනවා. ඒ කෙසේ වෙතත් මම හිතන්නේ කිහිප දෙනෙක් හෝ වැරදියට හැසිරෙනවා නම් ඒක වෙනස් කර ගන්න එකත් දේශපාලනඥයාගේ වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. ''


පවතින ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතිය ගැන ජනතාව තුල විශාල බලාපොරොත්තුවක් තිබු බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා, එහෙත් පවතින රටාව වෙනස් කිරීමට බාධාකාරී සීමාවල් තිබෙන බව කියා සිටියි.

''අපි උත්සාහ කරනවා උපරිම මට්ටමින් ජනතාව අපෙන් බලාපොරොත්තු වූ දේ ගෙනයන්න. ජනතාව අපෙන් බලාපොරොත්තු උනා මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න, රටට වැඩක් කරන්න. ඉතින් ඒ නිසා අපටත් සීමාවල් තිබෙනවා. හැබැයි අපේ සීමාවල් ඇතුලේ අපි ජනතාව බලාපොරොත්තු වූ දේ කරමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා අවසානයේදී ජනතාව තීන්දු කරාවි අපි හරි දේ කළාද නැද්ද කියලා'' යැයි වැඩිදුරටත් පැවසීය.

 

 

 


 
THE  LEADER  TV
 
 

 ජනාධිපතිගෙන් බන්දුලට කණේ පාරක්! 

 

 

ජනමතය බල්ලට තීන්දු අපේ කැමැත්තට! | මොණරවිලගේ ලියමන  

නවතම පුවත්