මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ කොටුව මහ බැංකු මූලස්ථානයේ අද (18) සවස පැවැති විශේෂ දේශනයකින් අනතුරුව සිදුකළ කරුණු පැහැදිලි කිරීමකදීය.
වසර 2022දී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී අප රටේ ඩොලර් හිඟයක් මතු වුණා. නමුත් මේ අවස්ථාවේදී ආනයන වියදම් ඉහළ යාමේදී අවශ්‍ය ඩොලර් ප්‍රමාණයන් රටේ ගොඩ නැගී තිබෙනවා. වසර 2022 තත්ත්වය සහ මේ වන විට පවතින ආර්ථික තත්ත්වය එක සමාන මට්ටමකට ගෙන කථිකා කිරීම ගැලපෙන්නේ නැහැ. මේ අවස්ථාවන් දෙක සන්දර්භයන් දෙකක් බව අප පැහැදිළි කර ගතයුතු යැයිද අධිපතිවරයා කීය.
වසර 2022දී අපගේ නිල සංචිතය ඩොලර් මිලියන 20ක මට්ටමක පැවතිණි. නමුත් වසර 2025 වන විට එය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.8 දක්වා වැඩිවී තිබේ. වසර 2025දී ශ්‍රී ලංකාව ගෙවිය යුතුව තිබූ විදේශ ණය ඩොලර් බිලියන 3.9ක මුදලක් ගෙවීමෙන් පසුව ඉහත අගය වාර්තාවී තිබීම කැපී පෙනෙන තත්ත්වයකි.
ජේ.මුණසිංහ




