leader s

වර්තමාන පාලනයට එරෙහිව පැවති දැවැන්තම පාද යාත්‍රාවට සහභාගි වුවන් සහ එය වාර්තා කළ මාධ්‍යවේදීන් පිරිසකට එරෙහිව නඩු මගින් ක්‍රියා කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටී.  


නැගෙනහිර සිට උතුර දක්වා වූ විරෝධතා පා ගමනක ගිය නිසා නඩු පවරන ලද නැගෙනහිර මාධ්‍යවේදීන්,දේශපාලනඥයන්, බහුජන සංවිධාන ක්‍රියාධරයන්, අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් පසුගිය සිකුරාදා ඇප මත මුදා හැර තිබේ.

දෙමළ හා මුස්ලිම් ජනයා එක්ව ගිය ඉකුත් පෙබරවාරි 03 වැනිදා පොතුවිල් නගරයෙන් ආරම්භ කරන ලද P2P යනුවෙන් නම් කෙරුණු පස් දින පාද යාත්‍රාව හමාර වූයේ උතුරේ පොලිකන්ඩියෙනි.

උසාවි නියෝග හමුදා පොලිස් බාධක සහ වසංගත රෙගුලාසි යොදාගෙන එම පාගමන නවත්වන්නට ආණ්ඩුව ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.



මඩකළපුව මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් එස්.නිලාන්දන් සහ ``බැටී නිවුස්`` වෙබ් අඩවියේ හිමිකරු ආර්.සියනෝලිබවන් ට එරෙහිව එම පාගමන ගැන පුවත් අන්තර් ජාලය ඔස්සේ මුදා හැරිය බවටත්, පා ගමනට සභාගිවු බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේන්ද්‍රන් ඇතුළු බහුජන සංවිධාන ක්‍රියාධරයන්, අතුරුදහන් කළවුන්ගේ ඥාතින් ඇතුළු තිස් දෙදෙනෙකුට එරෙහිව පොතුවිල් හා තිරුක්කෝවිල් පොලිසි මගින් නඩු දෙකක් පවරා තිබිණි.


එකළොස් මසකට පසු පසුගිය සිකුරාදා පොතුවිල් උසාවියේදී නඩු කැඳවූ විට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ චුදිතයන් තිස් දෙදෙනාම රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදා හරිමින් ලබන මාර්තු 02 වැනිදා දක්වා නඩුව කල් තබන ලෙසය.

චුදිතයන් තිස් දෙනා ගෙන් ඊයේ දිනයේ උසාවියට ඉදිරිපත්ව සිටියේ නව දෙනෙකු බැවින් සෙසු විසි තුන් දෙනාට වරෙන්තු නිකුත් කරන ලෙස පොතුවිල් මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කර තිබේ.

P2P පාගමන වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදීන්ටත් නඩු පැවරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ අනාගත විරෝධතා වාර්තා කිරීම සම්බන්ධයෙන් තහංචි පැනවීමේ පෙර නිමිත්තක් දැයි බිය පලවෙමින් පවතී.

Leader Whats app

 
 
 

මහින්දට බායි! අගමැති පුටුවට හායි!

 

 

ඒ සීයට දුන්නට මේ සීයා ගේමක ! | මොණරවිලගේ ලියමන

 

 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්