leader s

සමාගම් හිමියන්ගේ පීඩනයෙන් වතු කම්කරුවන් මුදා ගැනීමට වෘත්තීය සමිති එක් පෙරමුණකට ගොනු විය යුතුයැයි රාජපක්‍ෂ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකු ඉල්ලා තිබේ.


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට කම්කරු අයිතිවාසිකම් සිහිපත් වී ඇත්තේ සාමාජික මුදල් කපාගැනීමට නොහැකි වීම නිසා බව විපක්ෂයට සම්බන්ධ සමිති නායකත්වය චෝදනා කරයි.

''සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,''යැයි ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් වන ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන් පවසයි.

 කොටගල සී එල් එෆ් ශාලාවේ දී දෙසැම්බර් 23 වැනිදා පැවති මාධ්‍ය හමුවට එක් වූ රාජ්‍ය ඇමැති තොණ්ඩමාන් මේ බව ප්‍රකාශ කළේය.



සාමුහික ගිවිසුම අලුත් කිරීම, වැටුප් වැඩිකිරීම හා බරපතල වැඩ කොන්දේසි වලට එරෙහිව ආගරපතන වැවිලි සමාගමට අයත් වතු යායේ වැඩ කරන කම්කරුවන්ගේ වෘත්තීය අරගලයක් පසුගිය සතියේදී දියත් කෙරුනේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයෙනි.



''කම්කරුවන්ගේ ඉල්ලීම් කිහිපයක් ඉටු කර දෙන්න ආගරපතන වතු සමාගම එකඟවුනා, ඒත් ඒක ලියවිල්ලකින් තහවුරු කර දෙනකම් අපි බලාන ඉන්නවා,'' යැයි රාජ්‍ය ඇමැති තොණ්ඩමාන් පවසයි.

 දේශපාලන කටයුතු හේතුවෙන් පසුගිය කාලය තුල වෘත්තීය සමිති වැඩ වලින් ඈත් වුවද ලංකා කම්කරු කොංග්‍රසය යළිත් කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටී නියෝජ්‍ය ඇමතිවරයා මැතිවරණ දේශපාලනයේදී එදිරිවාදිකම් පැවතිය ද වෘත්තීය සමිති අරගල වලදී සැම දෙනාම එක්වී කටයුතු කිරීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.

''නව සාමුහික ගිවිසුමක් ඉල්ලා රාජපක්‍ෂ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් වන ලංකා කම්කරු කොංග්‍රසය ගෙන යන උද්ඝෝෂණ ව්‍යාපාරය වෘත්තීය සමිති සාමාජික ගාස්තු නොලැබෙන නිසා හදිසියේ ඇරඹි විරෝධතාවක්,'' යැයි දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිතියක් වන ජාතික කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික,මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පෙන්වා දෙයි.




රුපියල් දහසේ වැටුප් ප්‍රශ්නය පඩි පාලක සභාව වෙත යොමු කිරීමත්, එහි නිර්දේශයන්ට එරෙහිව වතු සමාගම් අභියාචනාධිකරණයේ නඩු පැවරීමත් සමගින් කලින් පැවති සාමුහික ගිවිසුම අහෝසි විය.



සාමුහික ගිවිසුමට අනුව වතු සමාගම් විසින් කම්කරුවන්ගේ වැටුපෙන් සාමාජික ගාස්තු කපා ගෙන වෘත්තීය සමිතිවලට බැර කෙරේ.

 ඉකුත් සති අන්තයේ හැටන් නගරයේදී මාධ්‍යවේදීන් අමතා ශ්‍රීධරන් කියා සිටියේ සෑම දෙවසරකටම වරක් අත්සන් තැබෙන සාමුහික ගිවිසුම මගින් කම්කරුවන්ගේ වැටුප් වැඩිවීමකට සමානව වෘත්තීය සමිති සාමාජික ගාස්තුව වැඩි කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය වැනි සමිති කටයුතු කරන බවය.

රාජපක්‍ෂ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු වන වාසුදේව නානායක්කාරද පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කියා සිටියේ වතු සමාගම් අන්තනෝමතිකව කටයුතු කරමින් සාමාජික මුදල් වෘත්තීය සමිතිවලට බැර නොකරන බැවින් සමිති පුර්ණකාලීනයන්ට දීමනා ලබා දීමට නොහැකි වී ඇති බවය.

දැනට මාසිකව රුපියල් 250 ක මුදලක් වෘත්තීය සමිති සාමාජික මුදල් ලෙස කම්කරුවන්ගෙන් අය කෙරේ.

(ඡායාරූපයේ දැක්වෙන්නේ කම්කරු සටන් පවතින ආගරපතන වතුයායට රාජ්‍ය ඇමති තොන්ඩමන් ඉකුත්දා ගිය අවස්ථාවකි)

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

 

අගමැති හදිසියේම තිරුපති ගියේ ඇයි ? | The Leader TV | Gossipa

 

බැසිල් රට ගිය රහස හෙළිවෙයි! | මොණරවිලගේ ලියමන

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්