leader s

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර එම ධුරයෙන් ඉවත්වීමට අදාළ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබේ.



ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර තමා සිය ධුරයෙන් ඉවත්වීම සඳහා වන ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි පසුගිය දා වාර්තාවුණි.

ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග වලට අනුව ඔහු දෙසැම්බර් 31 වන දින සිට සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තාවේ.

ඔහු ධුරයෙන් අස්වීමෙන් පසු එම ධුරය සඳහා ගාමිණී සෙනරත් පත්කිරීමට නියමිතය. ගාමිණී සෙනරත් මේ වන විට අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේ කටයුතු කරමින් සිටී.

ඔහුගෙන් පුරප්පාඩුවන අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට වර්තමාන වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන ආචාර්ය පී. බී ජයසුන්දර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස මුදල් අමාත්‍යංශයට එක්වීමට නියමිතව ඇතැයි ද ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

 

ඒ අතර පොහොට්ටු පක්ෂයේ ආරංචිමාර්ග පවසන්නේ ආචාර්ය පී. බී ජයසුන්දර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කොට ඔහුට ආර්ථික විෂයට  සම්බන්ධය අමාත්‍යධුරයක් ලබාදීමට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බවයි. ලබන වසරේ පාර්ලිමේන්තුව යලි කැඳවීමට පෙර කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතයි ද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 


රාජපක්‍ෂ විරෝධය දරුණු වෙයි ! | මොණරවිලගේ ලියමන
 


බැසිල් ගෙදරම යන කතාවක්! | The Leader TV | Gossip

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්