leader s

මිරිහාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් හිටි හැටියේ අද (29) සවස නුගේගොඩ ජුබිලි කණුවේ පිහිටි 'කිරි පිටි කඩේ'ට  කඩා පැන, එම වෙළඳ සැලට 'සීල් තබා' ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇති අතර එය

 දේශපාලන ක්ෂේත්‍රයේ බැරෑරුම් ලෙස කතාබහට ලක්වෙමින් තිබේ.

අධිකරණ නියෝගයකින් තොරව පොලිසියට එසේ වෙළඳ සැලට කඩා පැන සීල් තැබීමේ නිත්‍යානුකුල බලයක් නොමැති නමුත්, වාර්තාවන ආකාරයට එවැනි පියවරක් ගෙන ඇත්තේ ඉහලින් ආ නියෝගයක් මත යයි පැවසේ.

ජුබිලි කණුවේ අදාළ කිරි පිටි වෙළඳ සැල අසල ඒ ප්‍රදේශයේ පමණක් නොව ඈත ප්‍රදේශ වල සිටද කිරිපිටි සොයා එන ජනතාවගේ දිගු පෝලිම් නිතර දක්නට ලැබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙම වෙළඳසැල ආසන්නයේ පදිංචිව සිටින අතර ප්‍රභූ ආරක්ෂක රථ කිහිපයක් අද සවස එතැන පසුකර ගොස් සුළු මොහොතකින් පොලිසිය පැමිණ කඩය වසා දැමීමට නියෝග කර ඇතැයි පැවසේ.

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

 

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

 

මයන්තට බැසිල්ගෙන් කොන්ත්‍රාත්තුවක් !

 
 
රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 

 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්