වේළුපිල්ලේ ප්‍රභාකරන් ලංකාවේ ආණ්ඩුව 'ත්‍රස්තවාදියකු' ලෙස හැඳින්වුවත්, දෙමළ ජනයාට ඔහු 'ත්‍රස්තවාදියකු' නොවන බව උතුරේ දේශපාලන පක්‍ෂයක්

ප්‍රකාශ කර තිබේ.

''`ලංකාවේ ආණ්ඩුව ප්‍රභාකරන්ව ත්‍රස්තවාදියෙක් ලෙස බැලුවත්, දෙමළ ජනතාව එහෙම බලන්නේ නැහැ,''යි  ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුනේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

උතුරේ මාධ්‍යවේදීන් යාපනේදී ඊයේ හමුවූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් විරෝධය ප්‍රකාශ කර සිටියේ, යුද හමුදාව යාපනයේ සරසවියට කඩා වැදී 2019 මැයි 03 වැනිදා කළ සෝදිසි මෙහෙයුමේදී විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති එම්.දිවාකරන් හා හිටපු ලේකම් එස් බබිල් රාජ් ට එරෙහිව මාස 30 කට පසුව යළිත් කොළඹ මහාධිකරණයට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට එරෙහිවයි.

 

''ප්‍රභාකරන්ගේ පින්තුරයක් එයාලගේ කාමරයේ තිබුණු නිසා අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා පස්සේ ඇප දීලා නිදහස් කළා. දැන් එයාලට විරුද්ධව චෝදනා පත්‍රයක් උසාවියට ඉදිරිපත් කරලා තියෙනවා. මෙය නීතියට පටහැනියි.'' EPRLF නායකයා සඳහන් කරයි.

 

ප්‍රභාකරන්ගේ සේයා රූ සන්තකයේ තබා ගෙන සිටින තවත් කෙතරම් පුද්ගලයන් ඇත්ද යැයි ප්‍රශ්න කරන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඒ හැම දෙනාම ප්‍රශ්න කරමින්IMG 20211231 WA0011 අත් අඩංගුවට ගත හැකි ද යැයි විමසා සිටී.


''තරුණයන්ට එරෙහි මේ වගේ නඩු, ආණ්ඩුව ඉල්ලා අස්කර ගත යුතුයි,'' ඔහු අවධාරණය කරයි.

සිංහල තරුණයන් චේගුවේරාගේ රුව රැගත් ටී ෂර්ට් ඇඳගෙන ඉන්නා විට අත්අඩංගුවට නොගන්නා ලංකා ආණ්ඩුව, කාලෙන් කාලයට තමන්ට එරෙහි, කීකරු නැති සියලු දෙනාටම 'ත්‍රස්තවාදී' ලේබලය අලවන බව ද ප්‍රේමචන්ද්‍රන් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

සිංහල ආධිපත්‍යයට එරෙහිව දෙමළ විමුක්තිය වෙනුවෙන් සටන් වැදුණු LTTE සංවිධානය ත්‍රස්තවාදී ලෙසින් උතුරු නැගෙනහිරදී හැඳින්වෙන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් ඉකුත් දා කොළඹ අපරාධ කොට්ඨාශයට කට උත්තරයක් දෙමින් පවසා තිබුණි.


සබැඳි පුවත් :


යාපන සරසවියේ සිසු නායකයන් දෙදෙනකුට කොළඹ උසාවියේ නඩු

ත්‍රස්තවාදී ලේබලය වඩාත් හරියන්නේ 'රජයේ හමුදාවටයි'

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

අලි සබ්‍ර්රිගේ porn කතා! | Gossip

  

රාජපක්‍ෂලා එළවීම හූවේ සීමාවත් පනියි ! | මොණරවිලගේ ලියමන 

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්