රට වැසියෝ ගෑස්, කිරි, හාල්, පෝලිම්වල ඉන්නා අතරේ ආණ්ඩුව 2021 වසරේ අවසන් දවසේ රුපියල් ලක්ෂ 66,500 ක් මුද්‍රණය කර ඇති බවත්, 2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුල ආණ්ඩුව
රුපියල් ලක්ෂ 6,783,300  ( බිලියන 678.33) මුදලක් අච්චු ගසා ඇති බවත් හිටපු ආණ්ඩුකාරවරයකු පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එබව සඳහන් කර ඇත්තේ, දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ය.

'' ආණ්ඩුවේ සල්ලි අච්චු ගැසීම හරියට ‘Catch me if you can’ චිත්‍රපටියේ නත්තල් දවසේ රැ, රටට උත්සවශ්‍රීයෙන් නත්තල සමරන විට, ප්‍රංශයේ ඉඳන්  හොර සල්ලි අච්චු ගැහුවා වගේ වැඩක්. ලංකාවේ මිනිස්සු ගෑස්, කිරි, හාල් පෝලිම්වල ඉන්න අතරේ අවුරුද්දේ, අන්තිම දවසේ, අන්තිම පැයේ දී රු. ලක්ෂ 66,500 ක් අච්චු ගහලා තියෙනවා‘ යැයි හිටපු ආන්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.



කලින් දවසේ ඩොලර් මිලියන 1500 ක් රටට ආවා කියලා ඉලක්කම් විජ්ජාවක් පෙන්නපු ආණ්ඩුව පහුවදා, මෙහෙම සල්ලි අච්චු ගැසීමෙන් වෙන්නේ දැන් ගුවන්ගත වෙලා තියෙන බඩු මිල, රොකට් ගත වීම.  පසුගිය වසරට ආණ්ඩුව රු. ලක්ෂ හැට හත් ලක්ෂ අසූතුන් දහස් තුන්සීයක් (6,783,300)  ලංකා ඉතිහාසයේ කිසිම දවසක මෙහෙම සල්ලි අච්චු ගැහිල්ලක් වෙලා නෑ.



අද උද්ධමනය කියන්නේ ඉලක්කමක් විතරයි.  දවසට දෙතුන් සැරයක් බඩු ගණන් යනවා. මේ තත්වය පාලනය කරන්න ආණ්ඩුව කිසිම පියවරක් ගන්නේ නෑ.  දවසෙන් දවස රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. කාබාසිනියා වෙනවා. හැමදේටම ආණ්ඩුවට තියෙන පිළිතුර සල්ලි අච්චු ගැසීම විතරයි.

වටිනාකමක් නැති සල්ලි කොළ අච්චු ගැහුවාම භාණ්ඩ මිල ඉහළ යනවා.  මේ අච්චු ගහන සල්ලි කොළ කන්න බෑ.  රටේ තියෙන සීමිත හාල්, ගෑස්, කිරි ටික ගන්න පෝලිමේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව දවසින් දවස වැඩිවෙනවා‘ යැයි ද, තෙන්නකෝන්  නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 
 

Leader Whats app

 
 
 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

  

'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip 

Shorts වරදට කිපෙනු සටනට වැද ජය ලබනු - සීතා කියු කවි / Seetha Arambepola

 

දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්