ජනාධිපති අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහටත්, අගමැති ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසටත් ලබාදිය යුතු බවට ඊයේ (06) රැස්වූ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බහුතරයක් යෝජනා කර ඇතැයි යනුවෙන් අමු බේගලයක් මාධ්‍යය තුල 'ප්ලාන්ට්' කර ඇත්තේ, ප්‍රෝඩාභය රාජපක්ෂගේ ගොට්ටන් විසින් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.


ඔහු එබව සඳහන් කලේ අද (07) පෙරවරුවේ යාපනය මුට්ට්‍රවෙලි ක්‍රීඩාංගනයට පැමිණි අවස්ථවේ දී මාධ්‍යවේදීන් කල විමසීමක දිය. අද (07) පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' යාපනය ප්‍රදර්ශනයේ මුලික වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඇමතිවරයා එම  ක්‍රීඩාංගනයට පැමිණ සිටියේය.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා දේශපාලන ප්‍රෝඩාකාරයෙක් බව සඳහන් කල ඇමතිවරයා ඔහුව හැඳින්වුයේ 'ප්‍රෝඩාභය' ලෙසිනි.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසිය.

ගොට්ටන්ගේ ප්ලාන්ට් නිව්ස් :

''ඇත්ත වශයෙන්ම 'එන්ටර්ප්‍රයිසස්  ශ්‍රී ලංකා' කියන්නේ මේ වගේ දේශපාලන කරුණු ගැන කතා කරන ස්ථානයක් නෙවෙයි. නමුත් එතනදී මම පැහැදිළිවම කියන්න ඕනේ, 'ජනාධිපති අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහට' වැනි ප්‍රකාශ අද පුවත්පත්වලත්, ඒ වගේම සමාජ මාධ්‍යවලත් 'ප්ලාන්ට්' කරලා තියෙන්නේ ප්‍රෝඩාභය රාජපක්ෂගේ ගොට්ටන්. මේවා ෆේක් නිව්ස්. 

මොකද ඇත්ත වශයෙන්ම ප්‍රෝඩාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය කියන්නේ ප්‍රෝඩාවෙන්ම දේශපාලනය කරන කෙනෙක්. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නැති ප්‍රශ්න නිර්මාණය කරලා පෙන්නන්න ගොට්ටන් කරපු තවත් අසාර්ථක උත්සායක්.

මොකද ඊයේ ඔය කියපු සාකච්ඡාවට මම යාපනයට ආපු නිසා නොහිටියත්, ඒ සාකච්ඡාවේ හිටපු අපේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සියල්ලම මට කිව්වේ එහෙම දෙයක් ඇත්ත වශයෙන්ම අගමැතිතුමාවත් කතා කරේ නැහැ කියලා. 

එතනදී එහෙම දෙයක්වත් කතා කරලා නොතියන මොහොතක ඒ වගේම අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්ම සජිත් ප්‍රේමදාස මහත්මයාව අපේක්ෂකයා හැටියට ඕනෙයි කියලා තියෙන මොහොතක මෙවැනි අභූත ප්‍රකාශයක් කිරීම තුළින් පෙන්නේ ප්‍රෝඩාභයගේ ප්‍රචාරක ව්‍යාපාරය කඩා වැටිලා තියෙන තත්වය.                                                                                                Sajith text 2019.09
 

 
මොකද අපි පැහැදිළිවම දන්නවා මේක ඒ පැත්තෙන් ප්ලාන්ට් කරපු නිව්ස් එකක්. පැහැදිළිවම මම නැවතත් කියන්නේ මේ රටේ ජනතාව, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්, 76 න් 52 කටත් වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් අත්සන් කරලා තියෙනවා අපිට ඕනේ සජිත් ප්‍රේමදාසයි කියලා. 


ඒ වගේම මේ රටේ ජනතාවගෙන් මම හිතන්නේ හයෙන් පහක්ම අපි දැක්කා බදුල්ලේදී, අපි දැක්කා මාතරදී, අපි දැක්කා කුරුණෑගලදී, මේ යාපනයට එනකොටත් අපි දකිනවා පාර දෙපැත්තේ තියෙන ප්‍රතිචාරය එතුමාගේ බෝඩ් ලෑලි වලින්, එතුමා ගැන ඒ තියෙන සංවර්ධන කටයුතුවලින්, ඒ නිසා මුළු රටම මේ ගැන තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක, පක්ෂය තුනෙන් දෙකක් තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක. මෙවැනි තීන්දුවක් ගත්තැයි කියන එක ඇත්තෙන්ම විහිළුවට කරුණක්. 

අනිත් එක කවදාවත් අපේ අගමැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවැනි දේකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතුමා හැමදාම බහුතර මතයට හිස නැමුවා. 

''එතුමා හැමදාම බහුතර මතයට හිස නැමුවා''

ඒ වගේම මට විශ්වාසයි ඇත්ත වශයෙන්ම මේ වැඩි දින කීපයකට ප්‍රථම එතුමාගේ යෝජනාවෙන්, ඒවගේම අපේ කතානායකතුමා කරු ජයසූරිය මැතිතුමාගේ ස්ථීරත්වයෙන් සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වෙලා, නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ  මැතිවරණයෙන් පස්සේ ඊළඟ ජනාධිපති වීම කාටවත් නවත්වන්නට බැහැ. ''

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇමතිවරයා තවදුරටත් මෙසේ ප්‍රතිචාර දැක්විය.

එක්සත් ජාකිත පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නේද එක තීරණය කරන්නේ? 

''හරි ඒක නිසා තමයි, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නෙත් මන්ත්‍රීවරු. මන්ත්‍රීවරු දැන් තුනෙන් දෙකක්ම දැන් කියලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ තීන්දුව, මේ එක එක ගෝඨාභයට කඩේ යන අයගෙන් නෙවෙයි ගන්න ඕනේ. ඒ තීන්දුව අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයයි පාර්ලිමේන්තු කණ්ඩායමයි එකතු කරලා කරපු  රැස්වීමකදී අවසන් තීරණය ගන්නවා.''

එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා කියලා කියනවා?

නැහැ. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලත් නැහැ කැඩෙන්නෙත් නැහැ. මොකද දෙකට කැඩෙන්න බැහැනේ මොකද අනූ පහක් එක මතයක ඉන්නකොට තව පස්දෙනෙක් කියනවා නම් බැහැයි කියලා, කඩනවා නම් කඩන්න හදන්නේ ඒ පස්දෙනා මිසක් අර අනූ පහ නෙවෙයි. මුළු පක්ෂයම එක මතයක ඉන්නේ.''

වීඩියෝ 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්