leader s

ඉන්දියාවේ පාලක පක්‍ෂය වන භාරතීය ජනතා පක්‍ෂයේ මැතිවරණ ප්‍රචාරණ නව ගීතය ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගයන ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයේ තනුවට අනුව නිර්මාණ කර තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් යුත් පාලක භාරතීය ජනතා පක්‍ෂය උත්තර් ප්‍රදේෂ් මැතිවරණය වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කර ඇති අතර ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට වඩාත් සමාන ආකාරයටම හින්දි භාෂාවෙන් මෙම ගීතය නිර්මාණය කර තිබේ.

ඉන්දීය ශිල්පීන් පිරිසක් ගායනා කරන මෙම ගීතයට අගමැති නරේන්ද්‍ර මෝදි ද ඇතුළත් රූපරචනයක් ද ඉදිරිපත් කර තිබේ.

‘මැණිකේ මගේ හිතේ’ ගීතය පසුගිය වසරේ මැද භාගයේ සිට ඉන්දියාව තුළ ජනප්‍රිය වූ අතර එම ගීතය වාර්තාගත ලෙස මේ වන විට නැරඹුම් වාර මිලියන 200 ඉක්මවා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, තවමත් අඩු නොවූ ජනප්‍රියත්වය හේතුවෙන්ම එම ගීතය මෝදිගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි.

 

Leader Whats app


 




බැසිල්ගේ සමීක්ෂණයෙන් රාජපක්ෂලා හාන්සියි! | Gossip




මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන



සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.



225ටම ඇමතිකම්! | වියත්කතා



ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්