ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම පත් කිරීම සිදුකර ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) වසර 23කට අධික විශිෂ්ඨ සේවා පළපුරුද්දක් ඇති විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු වන ආචාර්ය ජයවර්ධන, රාජ්‍ය පරිපාලනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ මහා පරිමාණ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ හසල අත්දැකීමක් ඇති ජ්‍යෙෂ්ඨ රජයේ නිළධාරියෙකි.
ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙසද කටයුතු කර තිබේ.
ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන වැඩ ආරම්භ කිරීම කොළඹ 01 ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී අද (08) සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් ඇතුළු ඉහල නිළධාරීන් සහභාගි වූහ.




