මෙම නඩුව පවරා ඇත්තේ මාතර, බ්‍රවුන්ස්හිල් (Browns Hill) හෙවත් එළියකන්ද පාරේ පිහිටි අක්කර එකහමාරක වටිනා ඉඩමක් මිලදී ගැනීමට අදාළවයි.
රුපියල් මිලියන 66කට පමණ සිදුකළ මෙම මිලදී ගැනීම සඳහා උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි, අයථා ලෙස උපයාගත් මුදල් (Misappropriated funds) යොදවා ඇති බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) මඟින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා නඟා ඇත.
මෙම සිදුවීමට අදාළව බැසිල් රාජපක්ෂ ට අමතරව තවත් කිහිපදෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.
ඒ අතර,
* ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති
* ඇයගේ ස්වාමිපුරුෂයා වන තිස්ස ගලප්පත්ති යන අයද මෙම නඩුවේ විත්තිකරුවන් වේ.
බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් බැසිල් රාජපක්ෂ අසනීප තත්ත්වයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබන බැවින් ඔහු අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.
මීට පෙර මෙම නඩුවට අදාළව බැසිල් රාජපක්ෂ ට පනවා තිබූ විදේශ ගමන් තහනමද අධිකරණය මඟින් තාවකාලිකව ඉවත් කර තිබුණේ විදේශගතව ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.
කෙසේවුවද දිගින් දිගටම බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා, අධිකරණය මග හරිමින් සිටින බැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්තාත් චතුරංග එරංග දිසානායක බැසිල් රාජපක්ෂ ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.




