The Leader News
BREAKING
Top Ad
පුවත්

ජෝන් කීල්ස් CG ඔටෝ (JKCG) සමාගම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

May 22, 2026 • 3:12 PM

ජෝන් කීල්ස් CG ඔටෝ (JKCG) සමාගම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බවත් ජෝන් කීල්ස් CG ඔටෝ (JKCG) සමාගම පවසයි.
  • එකී නිවේදනය මඟින් මෑතකදී සමාජය තුළ කතාබහට ලක්වූ ආනයනික වාහන අධිභාරය සහ ණයවර ලිපි (Letters of Credit) සම්බන්ධව ඇතැමුන් එම සමාගමට එල්ලකර තිබු චෝදනා පැහැදිලිවම ප්‍රතික්ෂේප කර තිබේ.
  • ඒ අනුව, 2026 මැයි 15 දිනැති අංක 2488/56 දරන ගැසට් නිවේදනය මඟින් පැනවූ වාහන අධිභාරය පිළිබඳව තමන්ට පූර්ව දැනුමක් තිබූ බවටත්, ඊට පෙර දින BYD වාහන සඳහා ණයවර ලිපි (LC) විවෘත කළ බවටත් එල්ල වන චෝදනා සමාගම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි.
  • එම දැනුම්දීමේ සඳහන් පරිදි BYD වාහන සඳහා වන මෑතකාලීන ඇණවුම් සිදුකර ඇත්තේ 2026 මාර්තු සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

බවත් ජෝන් කීල්ස් CG ඔටෝ (JKCG) සමාගම පවසයි.

ඒ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එකී නිවේදනය මඟින් මෑතකදී සමාජය තුළ කතාබහට ලක්වූ ආනයනික වාහන අධිභාරය සහ ණයවර ලිපි (Letters of Credit) සම්බන්ධව ඇතැමුන් එම සමාගමට එල්ලකර තිබු චෝදනා පැහැදිලිවම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, 2026 මැයි 15 දිනැති අංක 2488/56 දරන ගැසට් නිවේදනය මඟින් පැනවූ වාහන අධිභාරය පිළිබඳව තමන්ට පූර්ව දැනුමක් තිබූ බවටත්, ඊට පෙර දින BYD වාහන සඳහා ණයවර ලිපි (LC) විවෘත කළ බවටත් එල්ල වන චෝදනා සමාගම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි.

එම දැනුම්දීමේ සඳහන් පරිදි BYD වාහන සඳහා වන මෑතකාලීන ඇණවුම් සිදුකර ඇත්තේ 2026 මාර්තු සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළදීය.

2026 මැයි මාසය තුළ (ගැසට් නිවේදනය නිකුත් වූ කාලය ඇතුළුව) කිසිදු ණයවර ලිපියක් ස්ථාපිත කර නොමැති බව සමාගම තහවුරු කරයි. ජෝන් කීල්ස් සමූහයට අයත් සමාගමක් ලෙස තමන් සැමවිටම විනිවිදභාවය, යහපාලනය සහ රටේ පවතින නීති හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බව JKCG අවධාරණය කරයි.

dfdfsd

 

නව මෝටර් රථ සඳහා 50% ක රේගු අධිභාරයක් පැනවීමට ජනාධිපති දිසානායක ගත් තීරණය පිළිබඳව ඇතැම් ප්‍රධාන පෙළේ වාහන ආනයනකරුවන් කල්තියා දැනුවත්ව සිටි බවට සමාජය තුළ පුළුල් කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක ජෝන් කීල්ස් සමාගම විසින් මෙම නිවේදනය නිකුත් කර තිබීම විශේෂත්වයකි. මෙම රේගු අධිභාරය සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමාගමටද පූර්ව දැනුමක් තිබූ බවට බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද චෝදනා කර තිබුණි.


මෑතකදී, JKCG හි උපායමාර්ගික හවුල්කරුවෙකු වන නේපාල ජාතික බිලියනපති බිනෝද් චෞද්රි,  ශ්‍රී ලංකාවට පැමිණි අතර, එහිදී ඔහු ජනාධිපති අනුර දිසානායක ද මුණගැසී තිබුණි. චෞද්රි මෙරට සිටින ප්‍රධානතම විදේශීය ආයෝජකයෙකු වන අතර යූනියන් බැංකුවේ සැලකිය යුතු කොටස් හිමිකාරීත්වයක් ද ඔහු සතු වේ.

ජෝන් කීල්ස් යනු කීල්ස් සුපිරි වෙළඳසැල් ජාලය, තාක්ෂණික අංශය, කැසිනෝ ව්‍යාපාර, බැංකු සහ රක්ෂණ ක්ෂේත්‍රය මෙන්ම දේපළ වෙළෙඳාම් වැනි විවිධ කර්මාන්ත ගණනාවක නියැලී සිටින, මෙරට ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් ලෙස සැලකේ.

 
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...