සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරය) විසින් 2026 මැයි 14 වන දින සංවිධානය කරන ලද විරෝධතාවයකට අදාළව, ව්‍යාජ ලෙස සකස් කළ අපහාසාත්මක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවට චෝදනා කරමිනි.
අදාළ වීඩියෝව 2024 වසරේ ශ්‍රී පාලි මණ්ඩපයේ අවසන් වසරේ සිසුන් පිරිසක් නාට්‍ය පුහුණුවීම් සහ පසුතල නිර්මාණය කරමින් සිටි අවස්ථාවක ලබාගත්තක් වන අතර, එය වත්මන් විරෝධතාවයේදී පොදු දේපළවලට හානි කරන අවස්ථාවක් ලෙස ව්‍යාජව අර්ථකථනය කර ඇතැයි එම ලිපිය මගින් පෙන්වා දෙයි.
මෙම අසත්‍ය ප්‍රචාරය හේතුවෙන් වීඩියෝවේ පෙනී සිටින විද්‍යාර්ථීන් දැඩි මානසික ව්‍යාකූලතාවයකට පත්ව ඇති අතර, විශ්වවිද්‍යාලය සහ ශිෂ්‍ය ව්‍යාපාරය කෙරෙහි සමාජය තුළ වැරදි ප්‍රතිරූපයක් මෙන්ම මහජන ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහ කර ඇතැයි එම ලිපියේ සඳහන් වේ.
එම පැමිණිල්ල වරුණ රාජපක්ෂ, මිලින්ද රාජපක්ෂ, ඉරාජ්, ඓශ්චර්ය අධිකාරී, හර්ෂනී සඳරුවනි සහ රවී කුමුදේශ් ඇතුළු ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇත.
අදාළ අසත්‍ය සහ අපහාසාත්මක පළකිරීම් සමාජ මාධ්‍යවලින් ඉවත් කිරීමට මැදිහත් වන ලෙසත්, ඊට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙසත් ශ්‍රී පාලි මණ්ඩපයේ ශිෂ්‍ය සංගමයේ සභාපති ජේ.ඒ.එම්.ඒ.එල් අබේවර්ධනගේ අත්සනින් යුතු ලිපිය මගින් පොලිසියෙන් ඉල්ලා තිබේ.




