leader s

ඩෙන්මාර්කය එරට ගොවි බිම් වලින් 40%ක් වනාන්තරයට මුදා හැරීමට සැරසේ.


වන සතුන් වෙනුවෙන් ස්වභාවික පරිසරයක් ඉදි කිරීම සහ රසායනික පොහොර භාවිතය අවම කිරීමේ පියවරක් ලෙස නව වැඩ පිළිවෙළ දියත් කර තිබේ.

ඩෙන්මාර්කයේ, අධික රසායනික පොහොර පරිභෝජනය හේතුවෙන්, එරට ජල පරිසරයේ ඔක්සිජන් පරිමාව සීඝ්‍රයෙන් හීනව යමින් පවතින අතර, එය සමුද්‍ර ජීවයට ද ප්‍රබල තර්ජනයක්ව ඇතැයි, පරිසර නීති වේදීහු ඊයේ (18) ප්‍රකාශ කළහ.

ඩෙන්මාර්කය ලොව අධික කෘෂිකර්මාන්තයේ නියැළි රටකි. එරටට අයත් භූමි ප්‍රමාණයෙන් තුනෙන් දෙකොටසක් කෘෂිකර්මාන්තය පිණිස මුදා හැර තිබේ. ඉදිරි දශක දෙකක කාලය තුළ එම භූමි ප්‍රමාණයෙන් 40%ක්  වන ගහනය පිණිස යළි මුදා හැරීමට එරට රජය පියවර ගනිමින් සිටී.

ඒ වෙනුවෙන්, අදාළ ගොවි බිම්, ගොවීන් වෙතින් මිලදී ගැනීම උදෙසා ඇමෙරිකානු ඩොලර් බිලියන 6.1 ක මුදලක් රජයෙන් වෙන් කර තිබේ. ඒ පිලිබඳව පසු ගිය දා අත්සන් කෙරුණු  හරිත ත්‍රෛපාර්ශ්වික ගිවිසුම යටතේ, එළඹෙන විසි වසරක කාලය තුළ නව ඉඩම් මත පැල බිලියනයක් රෝපණය කිරීමට නියමිතය.

හරිත ත්‍රෛපාර්ශ්වික ගිවිසුම සම්බන්ධයෙන්  පසු ගිය අගෝස්තු මස, නව අමාත්‍යංශයක් ද ස්ථාපිත කෙරිණි. එරට ගොවි ප්‍රජාව, කර්මාන්ත ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සහ පාරිසරික කණ්ඩායම් අතර එම ගිවිසුම අත්සන් කර තිබේ.

ඩෙන්මාර්කය තුළ අධිකතම හරිතාගාර වායු විමෝචන ප්‍රභවය කෘෂිකර්මාන්තය ලෙස හඳුනාගෙන තිබේ. ඉන් නිකුත් වන විමෝචන අඩු කිරීම, නව වැඩ පිළිවෙළේ මූලික අරමුණයි.

1990 පැවති එරට හරිතාගාර වායු විමෝචන මට්ටම 2030 වන විට 70%කින් අඩු කිරීම ඉලක්ක කොට නව පියවර ක්‍රියාත්මකය.

කෘෂිකර්මාන්තයට කාබන් බද්දක් පැනවීමට සැරසෙන ලොව ප්‍රථම රට ද ඩෙන්මාර්කය වේ.

යම් ග්‍රහලොවක හෝ උපග්‍රහලොවක වායුගෝලයේ අධෝරක්ත කිරණ රඳවා තබා ගැනීම නිසා සිදුවන තාප සමතුලිතතාවයේ වෙනස් වීම හරිතාගාර ආචරණය ලෙස හැඳින්වේ.

පෘථිවි පෘෂ්ඨයෙන් හා වායුගෝලයෙන් විමෝචනය වන අධෝරක්ත විකිරණ උරාගන්නා හරිතාගාර වායුන් මගින් වායුගෝලය උණුසුම් කිරීම සිදු කෙර්.

 කෘෂිකර්මාන්තයේ දී භාවිත පොහොර කොටස් පහත් බිම් ඔස්සේ ගලා යාම හේතුවෙන්, ඩෙන්මාර්කයේ ජල පරිසරයේ ඔක්සිජන් පරිමාව ද මේ වසරේ සීඝ්‍ර ලෙස පහත බැස තිබේ.

 (Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Denmark to convert 15% of farmland to forest to cut fertilizer use


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්