leader s

මේ වසරේ ජනවාරි 01වන දින සිට පෙරේදා (30දා) දිනය වන විට වනඅලින් 330 ක් මරණයට පත් වී තිබෙන බව වනසත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය සඳහන් කරයි.

වාර්ෂිකව විශාල අලි ඇතුන් ප්‍රමාණයක් අකාලයේ මිය යමින් තිබෙන බවත්, වාර්ෂිකව සිදුවන අලි ඇතුන්ගේ මරණ සැලකීමේදී 60%කට ආසන්න ප්‍රමාණයක් මිය යනු ලබන්නේ වෙඩි තැබීම, විදුලිසැර වැද්දවීම සහ හක්ක පටස් පිපිරී යාමෙන් බවද එම සංගමයේ අලි - මිනිස් සහජීවනය පිළිබඳ උපකමිටුවේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් සඳහන් කළේය.

කලාඔය ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවි ගෙවූ විශාලතම දළ යුගල හිමි ඇතා වන දීඝදන්තු පසුගිය 27වැනිදා රාත්‍රියේ විදුලිසැර වද්දවා අමානුෂික ලෙස ඝාතනය කළ බවත්, ගෙවීගිය වසර දෙකක කාලය සැලකීමේදී මීට පෙර මෙම ප්‍රදේශයේ දිවි ගෙවූ බරණ, රේවත සහ වළගම්බා වැනි විශාල දළ ඇතුන්ද ඒ ආකාරය ආකායේ මිය ගිය බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය වැළැක්වීමට අවශ්‍ය දැනුවත් කිරීම්, නීතිය ක්‍රියාත්මක කිරීම් සහ අනාරක්ෂිත විදුලි රැහැන් වැටලීම් වැනි කටයුතු සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය සහ පොලීසිය ඇතුළු රජයේ ආයතන එක්ව කඩිනමින් එකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

 

ගෙවීගිය වසර පහ සැලකීමේදී ආසන්න වශයෙන් වසරකට අලි ඇතුන් හාරසියයක් පමණ මරණයට පත් වී තිබෙන බවත්, අලි - මිනිස් ගැටුම නිසා මිනිස් ජීවිතත් වසරකට එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් සිදුවන බවද අලි - මිනිස් සහජීවනය පිළිබඳ උපකමිටුවේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් පැවසීය.

 

මීට අමතරව අලි - මිනිස් ගැටුම නිසා සැලකිය යුතු පිරිසක් වාර්ෂිකව ආබාධිත තත්ත්වයට පත්වීම හා දේපොළ සහ භවභෝග විශාල ප්‍රමාණයක් විනාශ වන බවත්, එහෙත් මේ පිළිබඳ නිවැරදි ඇස්තමේන්තු නොමැති බවද ඔහු සඳහන් කළේය.

PHOTO 2024 12 02 13 29 40
''මේ වසරේ මුල් කාර්තුව තුළ පමණක් මෙරට ජාතික උද්‍යාන මගින් රජයට උපයා දී ඇති ආදායම රුපියල් මිලියන 2000ක් ''

පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය මගින් සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ල වීමට පෙර මෙරටට පැමිණි සියලුම සංචාරකයන්ගෙන් 47%ක් ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන නැරඹීමට ගොස් තිබෙන බවත්, මේ වසරේ මුල් කාර්තුව තුළ පමණක් මෙරට ජාතික උද්‍යාන මගින් රජයට උපයා දී ඇති ආදායම රුපියල් මිලියන 2000ක් බවද ඔහු පවසා සිටියේය.

මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 15%කට වඩා පරිපාලනය කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනට සිටින්නේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත බලාත්මක කළ හැකි නිලධාරීන් 882 ක් පමණක් බවද ඔහු සඳහන් කළේය. මෙහි අනුමත සේවක සංඛ්‍යාව 1,591ක් වන බවත්, එහෙත් අනුමත සේවක සංඛ්‍යාවෙන්ද 45%ක් පුරප්පාඩුව පවතින බවද ඔහු පැවසීය.

2021 සිට 2023 දක්වා අලි වැටට රු. කෝටි 235ක් වැය කළත් වැඩක් වෙලා නෑ

විදුලි වැටවල් ඉදිකිරීම සහ එහි නඩත්තු කටයුතු සඳහා ඉකුත් වසර (2021-2023) තුනක කාලයෙහිදී රජය විසින් රුපියල් දෙසිය තිස්පන් කෝටි, පනස්අට ලක්ෂ, අසූ දෙදහස් දෙසිය හතළිස් අටක මුදලක් (2,355,882,248) වැයකොට ඇතත් අලි මිනිස් ගැටුම් අවම වීමක් සිදුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

පසුගිය වසර පහ තුළ සිදුවූ අලි මරණ, මිනිස් මරණ හා දේපළ හානි සැලකිමේ දී විදුලි වැටවල් ඉදිකළද අලි මිනිස් ගැටුම් අවම වීමක් සිදුවි නොමැත. ඉකුත් වර්ෂයෙහිදී විදුලි වැටවල් ඉදිකිරීම සඳහා රුපියල් පන්කෝටි, අසුහය ලක්ෂ, හතළිස් දහස් එකසිය හතළිස් හතක මුදලක් (58,640,147) මුදලක් වැයකොට තිබුණි.

එහි නඩත්තු කටයුතු සඳහා වැයකොට ඇති මුදල රුපියල් එක්කෝටි,හතළිස් හතර ලක්ෂ, තිස්තුන් දහස්, පන්සිය පනස් දෙකකි (14,433,552).  

විදුලි වැටවල් වල සම්පූර්ණ දිග ප්‍රමාණය කිලෝමිටර් 5389.97කි.

(ada.lk - ජිනේෂ් නානායක්කාර/ චන්දන සමරවික්‍රම)

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්