කළුතර දිස්ත්‍රික්කයට අයත් කළු ගඟ ආශ්‍රිතව සිදුකරන වැලි ජාවාරම් හේතුවෙන් එහි පරිසරය සහ ඒ ආශ්‍රිත ජන ජීවිතය බරපතළ අවධානමකට ලක් වී
ඇතැයි YOUTH FOR CHENGE සංවිධානයේ, සංවිධායක ලේකම් ළහිරු වීරසේකර පැවසී ය.
ඔහු මෙම කරුණු අනාවරණය කළේ කළු ගඟ ආශ්‍රිතව සිදුකෙරෙන නීතිවිරෝධී වැලි ජාවාරම් නිසා ඇති වී තිබෙන බරපතළ පාරිසරික ප්‍රශ්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා YOUTH FOR CHENGE සංවිධානය ඊයේ (22 ) දින නුගේගොඩ දී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේ දි ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් කරුණු අනාවරණය කළ ළහිරු වීරසේකර...
කෙත්හේන ජල පවිත්‍රාගාරයට ලුණු ජලය මිශ්‍ර වීමේ අවදානමක්
‘‘ගංගා ආශ්‍රිතව සිදුවෙන වැලි ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය කාලේ බරපතළ විදිහට සාකච්ඡා වුණා. අපි දන්නවා සාමාන්‍යයෙන් ගංගා ආශ්‍රිතව වැලි ගොඩදැමීම සිදුවිය යුත්තේ විද්‍යාත්මක සංගණනයක් එක්ක. ගංගාවකින් කොපමණ වැලි ප්‍රමාණයක් ස්වාභාවිකව නිෂ්පාදනය වෙනව ද සහ එයින් පාරිසරික හානියක් නොවන අයුරින් කෙතරම් ප්‍රමාණයක් මිනිස් අවශ්‍යතාවන් සඳහා යොදා ගත හැකිද යන්න තීරණය කරන්න පුළුවන් වෙන්නේ එවැනි විද්‍යාත්මක සංගණයකින් විතරයි. හැබැයි අද වෙද්දි එවැනි කිසිඳු විද්‍යාත්ම නිරීක්ෂකයක් පරිසර තක්සේරුවක් නැතුව වැලි ජාවාරම්කරුවන් විසින් හිතුණු හිතුණු විදිහට වැලි ගොඩදැමීම ජයටම සිදුකරමින් යනවා. අද වෙද්දි කළුතර දිස්ත්‍රික්කයට අයිති කළු ගඟේ සිදුවෙන වැලි ජාවාරම් නිසා එහි පරිසරය සහ ඒ ආශ්‍රිත ජන ජීවිතය බරපතළ අවධානමකට ලක් වෙලා. මේ වෙද්දි මහාපරිමාණ වැලි ගොඩදැමීම් හේතුවෙන් කළු ගඟේ මට්ටම ශීඝ්‍රයෙන් පහළ ගිහිල්ලා තියෙන්නේ.
මේක නිසා දැන් කළු ගඟ දිගේ මුහුදු වතුර එහෙම නැත්තං කරදිය ආපස්සට ගලාගෙන ඒමේ අවදානමක් මතු වෙලා තියනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සිතියම් අනුව 2021 වෙද්දි කළු ගඟේ Bed level එක -17.75m දක්වා පහත වැටිලා. ඒ කියන්නේ මුහුදු මට්ටමට වඩා අද වෙද්දි කළු ගඟේ මට්ටම ශීඝ්‍රයෙන් පහළ යන්න පටන් අරං. වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියනවා මේක නිසා මේ වෙද්දිත් කෙත්හේන ජල පවිත්‍රාගාරයට ලුණු ජලය මිශ්‍ර වීමේ අවදානමක් ඇවිල්ලා කියලා. අපි දන්නවා පානීය ජලය සැපයීමට නොහැකි අවදානමක් ඇතිවෙනවා කියන්නේ ඉතාම බරපතළ ප්‍රශ්නයක්. එකපාරක් මාතර නිල් වලා ගඟේ මෙවැනි ප්‍රශ්නයක් ඇතිවෙලා පානීය ජලය සපයන්න බැරුව රුහුණු විශ්වවිද්‍යාලය වහන්න වුණා.
කළුතර පාලම් දෙක අනතුරක...?

අනිත් බරපතළම ප්‍රශ්නය තමයි මාතර කොළඹ ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය සඳහා ප්‍රධාන පාලම් දෙකක් ඉඳි කරලා තියෙන්නේ කළු ඟග හරහා වීම. මේ පාලම් දෙක සම්බන්ධ වෙන්නේ කළු ගඟ මැද පිහිටි කුඩා දූපතකට. මේ ඩෙල්ටා දූපත අද වෙද්දී 2017 වසරේ තිබුණු ප්‍රමාණයට වඩා මීටර් 100කින් ඛාදනයට ලක් වෙලා. එතකොට ඉදිරියේ දී මේ ප්‍රධාන පාලම් දෙ කම බරපතළ අවදානමකට ලක් වෙන්න නියමිතයි. අනිත් කාරණය තමයි සාමාන්‍යයෙන් ගංවතුර තත්ත්වයකින් පස්සේ මෝය කට කපනවා. දැන් නිරීක්ෂණය වෙලා තියෙන විදිහට එහෙම 2017 අවුරුද්දේ මෝයකට කැපීමෙන් පසු කැලීඩෝ වෙරළ තීරය මේ වෙනකල් නැවත ප්‍රතිනිර්මාණය වෙලා නෑ. මේ සිදුවීම්වලට බලපාලා තියෙන්නේ අසීමිත වැලි ගොඩදැමීම යි.
අපි දන්නවා සාමාන්‍යයෙන් මිනිස් අවශ්‍යතා සඳහා වැලි ගොඩදැමීම අවශ්‍යයි. නමුත් කිසිඳු සොයාබැලීමක් නැතුව සිදුකරන මේ මහාපරිමාණ වැලි ගොඩදැමීම නිසා පරිසර පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටිලා. ඒවගේ ම තමයි ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජලය අහිමි වීම දක්වා ප්‍රශ්නය දැන් බරපතළ වෙලා තියෙන්නේ. මේ සිදුවීම ගැන 2025 ජනවාරි 17 සාකච්ඡාවක් තිබුණා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදනය මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුමිරිය සේවය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්‍යාංශය කියන ආයතන ඒ සාකච්ඡාවට සම්බන්ධ වුණා. අඩුම තරමින් අවුරුද්දක කාලයක් සඳහාවත් කළු ඟගේ වැලි ගොඩදැමීම වහාම නැවත්විය යුතුයි කියලා මේ සාකච්ඡාවෙ දි නිර්දේශ වුණා. කමිටුවේ නිර්දේශය වුණේ මේ ස්වාභාවික පරිසර පද්ධතියට සිදුවුණු හානිය නැවත යථා තත්ත්වයට පත් කරන්න නම් අවම වශයෙන් අවුරුද්දකවත් කාලයක් අවශ්‍යයි කියන එක.
බලපත්‍ර වලංගු කාලය අවසන්
කළු ගඟ ආශ්‍රිතව වැලි ගොඩදැමීම සඳහා ලබා දුන් බලපත්‍ර සියල්ලේ ම කාලය 2024 අවුරුද්දේ ජනවාරි 31න් අවසන් වෙනවා. 2024. 07 . 31 වෙද්දි වැලි කැණීම් සඳහා කළුතර දිස්ත්‍රික්කය තුළ විතරක් බලපත්‍ර 268ක් නිකුත් වෙලා තියනවා. දැන් මේ බලපත්‍ර සියල්ලේ ම කාලය අවසන්. හැබැයි අදටත් කිසිඳු බාධාවක් නැතුව මේ වැලි ගොඩදැමීම් සිදුවෙනවා. මේ බලපත්‍ර නිකුත් කරන්නේ තනි තනි පුද්ගලයන්ට. හැබැයි පසුව ඒ බලපත්‍ර මහාපරිමාණ ජාවරම්කරුවන් විසින් මිලදී ගන්නවා.
දැන් අන්න ඒ මහාපරිමාණ ජාවාරම් කරුවන් අතළොස්ස විසින් තමයි නීති විරෝධීව පසුගිය ජනවාරි 17 ලබාදුන් නිර්දේශ පවා නොසලකා හරිමින් මේ වැලි ජාවාරම සිදු කරමින් ඉන්නේ. අපි කලිනුත් කිව්වා මේ වෙද්දි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්‍යාශයේ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය දූෂිතයි. ඒ නිසා එය යථා තත්ත්වයට පත් කරන තුරු බලපත්‍ර නිකුත් කිරීම නවත්වන්න කියලා අධිකරණයෙන් ලබා දුන් තීන්දුවකුත් තියනවා. නමුත් මේ සියල්ල තියෙද්දිත් මේ මහාපරිමාණ වැලි ජාවාරම්කරුවන්ට එරෙහිව පියවර ගන්නෙ නැත්තේ ඇයි ? පොලීසි ආණ්ඩුව සහ අදාළ ආයතන කිසිඳු පියවරක් නොගෙන ඉන්නේ ඇයි ?

පරිසර නියෝජ්‍ය ඇමති නිහඬ ඇයි...?
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇන්ටන් ජයකොඩි තමයි වර්තමාන ආණ්ඩුවේ පරිසර නියෝජ්‍ය ඇමතිවරයා. ඔහු මේ සම්බන්ධයෙන් හොඳටම දන්නවා. හැබැයි කිසිඳු පියවරක් ගන්නේ නෑ. නලින් ද ජයතිස්ස ඇමතිවරයා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආවේ. ඔහු මේ ප්‍රශ්නය ගැන හොඳටම දන්නවා. ඇන්ටන් ජයකොඩි නියෝජ්‍ය ඇමතිවරයා මේ නීතිවිරෝධී ඛනිජ සම්පත් මංකොල්ලය සම්බන්ධයෙන් පොතක් පවා ලිව්වා. දැන් ආණ්ඩුව එක එක දේවල් පාර්ලිමේන්තුව ඇතුළේ හෙළිදරව් කරනවනේ; විවිධ පුද්ගලයන්ගේ අපරාධ වංචා දූෂණ නම් ගම් එක්ක.
එහෙම නම් මේ කළුතර දිස්ත්‍රික්කයේ මහාපරිමාණ වැලි ජාවාරමට සම්බන්ධ තක්කඩි රැළගේ නම් ටිකත් හෙළි කරන්න. මොකද මේ තක්කඩි ජාවාරමට නැවත නැවතත් වෙන්න ඉඩ දුන්නොත් මේ තත්වය ලංකාවෙ අනිත් ගංගාවලටත් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඊට පස්සෙ වැලි ජාවාරම පිළිලයක් බවට පත් වෙලා තමයි නවතින්නේ. ඒක නිසා අපි අණ්ඩුවට කියනවා මේ පුද්ගලයින්ගේ නම් ගම් රටට හෙළිදරව් කළ යුතුයි සහ ඔවුන්ට විරුද්ධව නීතීමය ක්‍රියාමාර්ග ගන්න ඕන. ඊටපස්සෙ මේ මහාපරිමාණ ජවාරම් නිසා පරිසරයට සහ ජන ජීවිතයට ඇති වුණු බලපෑම වහාම නිවැරදි කරන්න පියවර ගන්න කියලා මේ වෙලාවේ අපි මතක් කරනවා.

මොන්ටිසෝරි කතා එපා
‘මේ වැලි කැනීම් නැවත්තුවොත් මිනිස්සුන්ගේ රැකියා නැති වෙනවා’ වගේ මොන්ටිසෝරි කතා කියන්න එන්න එපා. මොකද අපිත් දන්නවා මේ වැලි කැණීම් අශ්‍රිතව රස්සාව කරලා ජීවිකාව ගැට ගහගන්න විශාල පිරිසක් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඔවුන්ගේ ජීවිතවල වගකීම රජය බාරගන්න ඕන. ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයට වැඩපිළිවෙළක් තියෙන්න ඕන. එහෙම නැතුව ඒ මිනිස්සුන්ගේ පිටින් දාලා ජාවාරම්කරුවන්ට තවදුරටත් පෝෂණය වෙන්න ඉඩ දෙන්න නම් රජයක් මොකට ද ඉන්නේ ? එනිසා ආණ්ඩුව ඉක්මනින් මේ ප්‍රශ්නවලට පියවර ගන්නෙ නැත්තං අපි ඒ ප්‍රදේශයේ ජනතාව එක්ක මේ මේ මහාපරිමාණ ජාවාරම නැවත්වීම සඳහා ක්‍රියාමාර්ගවලට එළඹෙන්න සූදානම් කියන එකත් මේ වෙලාවේ සිහිපත් කරනවා.’’
(සටහන | ජයසිරි අලවත්ත)